969. පච්චුප්පන්න සහ අනුප්පන්න යනු?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. බුදු සරණයි!
පච්චූපන්න හා අනුත්පාද යන්න විස්තර කර දෙන්න.

A. "කවර ධර්‍මයෝ උත්පන්න වෙති යත්:
යම් ධර්‍ම කෙනෙක් හටගත්තාහු පහළ වූවාහු මොනොවට හටගත්තාහු නිපන්නාහු වෙසෙසින් නිපන්නාහු ප්‍රකට වූවාහු උපන්නාහු වෙසෙසින් උපන්නාහු උත්ථිත වූවාහු සමුත්ථිත වූවාහු උපන්නාහු උපන් කොටසින් ගැණුනාහු ද, ඒ රූප ය වේදනා ය සංඥා ය සංස්කාර ය විඥාන යි. මේ ධර්‍මයෝ උත්පන්නයෝ යි.

කවර ධර්‍මයෝ අනුත්පන්න වෙති යත්:
යම් ධර්‍ම කෙනෙක් අජාත අභූත අසඤ්ජාත අනිර්‍වෘත අනභිනිර්‍වෘත අප්‍රාදුර්භූත අනුත්පන්න අසමුත්පන්න අනුත්ථිත අසමුත්ථිත අනුත්පන්න වූවාහු අනුත්පන්නාංශයෙන් සඞ්ගෘහීත වූවාහු ද, ඒ රූප ය වේදනා ය සංඥා ය සංස්කාර ය විඥාන යි. මේ ධර්‍මයෝ අනුත්පන්නයෝ යි."


"කවර ධර්‍මයෝ ප්‍රත්‍යුත්පන්න වෙති යත්:
යම් ධර්‍ම කෙනෙක් ජාත භූත සඤ්ජාත නිර්‍වෘත්ත අහිනිර්‍වෘත ප්‍රාදුර්භූත උත්පන්න සමුත්පන්න උත්ථිත සමුත්ථිත වූවාහු ප්‍රත්‍යුත්පන්න වූවාහු ප්‍රත්‍යුත්පන්නාංශයෙන් සඞ්ගෘහීත වූවාහු ද, ඒ රූපයෝ ය වේදනා ය සංඥා ය සංස්කාරයෝ ය විඥාන යි. මේ ධර්‍මයෝ ප්‍රත්‍යුත්පන්නයෝ යි." 


["අනිකක් ඇතිවීමට උපකාර වන දෙයට “ප්‍ර‍ත්‍යය” යි කියනු ලැබේ. අනික් දෙයක් ඇති කරන දෙය “ප්‍ර‍ත්‍යය” යි කිව ද වරද නැත. අනිකක උපකාරයෙන් ඇති වූ දෙයට “ප්‍ර‍ත්‍යයෝත්පන්නය” යි කියනු ලැබේ. අනික් දෙයකින් ඇති කරන ලද දෙය “ප්‍ර‍ත්‍යයෝත්පන්නය” යි කීම ද සුදුසු ය. ගිනිකූර අග රඳවා ඇති ද්‍ර‍ව්‍යයෙහිත් ගිනි පෙට්ටියේ ආලේප කොට ඇති ද්‍ර‍ව්‍යයෙහිත් උපකාරයෙන් ගින්න ඇති වේ. ගින්න ඇති වීමට උපකාර වූ නැතහොත් ගින්න නිපදවූ ගිනි කූරෙහි හා ගිනි පෙට්ටියෙහි ආලේප කොට ඇති ද්‍ර‍ව්‍ය දෙවර්ගය ප්‍ර‍ත්‍යය ය. ගින්න ප්‍ර‍ත්‍යයෝත්පන්නය ය. මෙසේ ප්‍ර‍ත්‍යය-ප්‍ර‍ත්‍යයෝත්පන්න දෙක වෙන ම හැඳින ගත යුතු ය."


{"1040. කතමෙ ධම‍්මා උප‍්පන‍්නා?
යෙ ධම‍්මා ජාතා භූතා සඤ‍්ජාතා නිබ‍්බත‍්තා අභිනිබ‍්බත‍්තා පාතුභූතා උප‍්පන‍්නා සමුප‍්පන‍්නා උට‍්ඨිතා සමුට‍්ඨිතා උප‍්පන‍්නා උප‍්පන‍්නංසෙන සඞ‍්ගහිතා රූපං1 වෙදනා සඤ‍්ඤා සඞ‍්ඛාරා විඤ‍්ඤාණං, ඉමෙ ධම‍්මා උප‍්පන‍්නා.
1041. කතමෙ ධම‍්මා අනුප‍්පන‍්නා?
යෙ ධම‍්මා අජාතා අභූතා අසඤ‍්ජාතා අනිබ‍්බත‍්තා අනභිනිබ‍්බත‍්තා අපාතුභූතා අනුප‍්පන‍්නා අසමුප‍්පන‍්නා අනුට‍්ඨිතා අසමුට‍්ඨිතා අනුප‍්පන‍්නා අනුප‍්පන‍්නංසෙන සඞ‍්ගහීතා රූපං වෙදනා සඤ‍්ඤා සඞ‍්ඛාරා විඤ‍්ඤාණං, ඉමෙ ධම‍්මා අනුප‍්පන‍්නා.
1042. කතමෙ ධම‍්මා උප‍්පාදිනො?
කුසලාකුසලානං ධම‍්මානං අවිපක‍්කවිපාකානං විපාකා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන‍්නා වෙදනාක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, යඤ‍්ච රූපං කම‍්මස‍්ස කතත‍්තා උප‍්පජ‍්ජිස‍්සති, ඉමෙ ධම‍්මා උප‍්පාදිනො.
1043. කතමෙ ධම‍්මා අතීතා?
යෙ ධම‍්මා අතීතා නිරුද‍්ධා විගතා විපරිණතා අත්‍ථඞ‍්ගතා අබ‍්භත්‍ථඞ‍්ගතා උප‍්පජ‍්ජිත්‍වා විගතා අතීතා අතීතංසෙන සඞ‍්ගහිතා රූපං වෙදනා සඤ‍්ඤා සඞ‍්ඛාරා විඤ‍්ඤාණං, ඉමෙ ධම‍්මා අතීතා.
1044. කතමෙ ධම‍්මා අනාගතා?
යෙ ධම‍්මා අජාතා අභූතා අසඤ‍්ජාතා අනිබ‍්බත‍්තා අනභිනිබ‍්බත‍්තා අපාතුභූතා අනුප‍්පන‍්නා අසමුප‍්පන‍්නා අනුට‍්ඨිතා අසමුට‍්ඨිතා අනාගතා අනාගතංසෙන සඞ‍්ගහීතා රූපං වෙදනා සඤ‍්ඤා සඞ‍්ඛාරා විඤ‍්ඤාණං, ඉමෙ ධම‍්මා අනාගතා.
1045. කතමෙ ධම‍්මා පච‍්චුප‍්පන‍්නා?
යෙ ධම‍්මා ජාතා භූතා සඤ‍්ජාතා නිබ‍්බත‍්තා අභිනිබ‍්බත‍්තා පාතුභූතා උප‍්පන‍්නා සමුප‍්පන‍්නා උට‍්ඨිතා සමුට‍්ඨිතා පච‍්චුප‍්පන‍්නා පච‍්චුප‍්පන‍්නංසෙන සඞ‍්ගහීතා රූපං වෙදනා සඤ‍්ඤා සඞ‍්ඛාරා විඤ‍්ඤාණං, ඉමෙ ධම‍්මා පච‍්චුප‍්පන‍්නා."}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll