Q. බුදු දහම තරුණ අයට ආදර සම්බන්ධතා පැවැත්විය යුතු ආකාරයක් දේශනා කර ඇත්ද? ආදරය හා රාගය යනු එකක් ද දෙකක් ද බුදු දහම අනුව. තෙරුවන් සරණයි
T. [මෙහි බොහෝ පිළිතුරු ස්ත්‍රී / පුරුෂ දෙපක්ෂයට ම සාධාරණ ය / අදාළ කර ගැනීමට දක්ෂ වෙන්න.]
A. ස්ත්‍රියකගේ හෝ ස්ත්‍රී රත්නයකගේ විවිධාකාර මිනුම් පහත සූත්‍රානුසාරයෙන් ලබා ගනී.
“... ඉතා උස් නොවූ ඉතා මිටි නොවූ ඉතා කෘශ නො වූ ඉතා මහත් නොවූ ඉතා කළු නොවූ ඉතා සුදු නොවූ ...”
https://tipitaka.lk/mn-1-2-3/27-4/sinh
“... විශිෂ්ට රූප ඇත්තී යැ දැකුම්කලු යැ ප්‍රසාද ඵළවන්නී යැ උතුම් වූ වර්ණ සෞන්දර්‍ය්‍යයෙන් යුක්ත යැ. ඉතා නො උස් යැ ඉතා නො මිටි යැ ඉතා සිඟු නො වූ යැ ඉතා මහත් නො යූ යැ, ඉතා කැළි නො වූ යැ ඉතා සුදු නො වූ යැ මිනිස් පැහැ ඉක්ම සිටියේ යැ දිව්‍යවර්ණයට නො පැමිණියා වෙයි. මහණෙනි, ඒ ස්ත්‍රීරත්නයාගේ මෙ බඳු කායසංස්පර්ශයෙක් වෙයි. හිඹුල්පුළුන් හෝ කපු පුළුන් හෝ යම්සේ නම් එමෙනි. යළි මහණෙනි, ඒ ස්ත්‍රීරත්නයාගේ ගාත්‍රයෝ සිහිලෙහි උණුසුම් වෙති, උණුසුමෙහි සිහිලුවූ ගාත්‍රයෝ වෙත්, මහණෙනි, ඒ ස්ත්‍රීරත්නයාගේ වැළිත් සිරිරින් සඳුන්සුවඳ හමයි, මුවින් උපුල්සුවඳ හමයි. තවද මහණෙනි, ඒ ස්ත්‍රීරත්නය සක්විති රජුට පළමු නැඟීසිටින්නී පසුව නිදන්නී ‘කුම් කෙරෙම් දැ’ යි (උපස්ථායිකා වශයෙන්) පිළිවිස කරන්නී මනවඩනා දෑ කරන්නී ප්‍රිය තෙපුල් බණන්නී වෙයි. ඒ ස්ත්‍රිරත්නය වැළිත් සක්විතිරජු සිතිනුදු නො ඉක්මවයි, කයින් ඉක්මවයි යනු කිම?...”
https://tipitaka.lk/mn-3-3-9/57-0/sinh
“...වෙසෙසි රූ ඇති, දකුම්කලු, සිත පහදවන, උතුම් පැහැසපුයෙන් යුත්, ඉතා නො උස්, ඉතා නොමිටි, ඉතා කෙට්ටු නොවූ, ඉතා නො තර, ඉතා නො කලු, ඉතා නොසුදු, මිනිස් පැහැසපුව ඉක්මැවූ, දෙව් පැහැසපුවට නො පැමිණි ස්ත්‍රියක් වූ ඉතිරි රුවන පහළ විය. අනඳයෙනි, ඉඹුල් පුලුනෙහි හෝ කපු පුලුනෙහි සෙයින් ඒ ඉතිරිරුවනගේ මොළොක් පහස වෙයි. අනඳයෙනි, ශීත සමයෙහි ඒ ඉතිරි රුවනගේ ගාත්‍රයෝ උණුසුම් වෙත්, උෂ්ණ සමයෙහි සිසිල් වෙත්. අනඳයෙනි, ඒ ස්ත්‍රිරත්නයාගේ කයින් සඳුන් සුවඳ හමයි, මුවින් මහනෙල් මල් සුවඳ හමයි. අනඳයෙනි, ඒ ස්ත්‍රීරත්නය මහසුදසුන් රජුට කලින් ම නැඟී සිටිනුයේ ද, වතාවත් නිමවා පසු වැ හිඳුනෙ ද, කුමක් කරම් දැ’ යි විමසා ම කරනුයේ ද, රජුට මන වඩනා දෑ ම කරනුයේද, පිය බස් ම තෙප්ලනුයේද වෙයි. අනඳයෙනි, ඒ ඉතිරි රුවන සිතිනුදු මහ සුදසුන් රජු ඉක්මැ නො හැසිරෙන්නේ විය (සිතිනුදු අනෙකකු නො පැතීය). කයින් එසේ හැසිරීමෙක් කොයින් ලැබේ ද?...”
https://tipitaka.lk/dn-2-4/4-1/sinh

A. තව ද ස්ත්‍රියකගේ නුවණ, ස්ථානෝචිතප්‍රඥාව, ඉවසීම, සීලය, චරිතය ආදිය විමසීමේ ක්‍රම / විවිධාකාර මිනුම් උම්මග්ග ජාතකානුසාරයෙන් (විශේෂයෙන් ම “ඡන්ත පත ප්‍රශ්නය” හා “ස්ත්‍රි ප්‍රශ්නය”) ගත හැක.
එතැන් පටන් මහෞෂධ පණ්ඩිතයන්ගේ යසස කිරිමුහුද පරිද්දෙන් මහත් වූයේය. උදුම්බරා දේවිය පණ්ඩිතයන්ගේ දුක සැප නිතර විචාරන්නී සොළොස් හැවිරිදිවූ කල මාගේ මළණුවෝ වැඩිමළුව සිටගත. යශසත් මහත. උන්ට සමාන කුලයකින් සරණපාවා දෙන්ට සුදුසුයයි සිතූ එපවත් රජ්ජුරුවන්ට දැන්වූහ. රජ්ජුරුවොද සොම්නස්ව යහපත සොඳුර එපවත් උන්ට කියවයි කීහ. එය දැනගත් පණ්ඩිතයන් වහන්සේ “අනුන් පාවාදෙන කුමාරිකාවක් කිසිසේත් මට අභිප්‍රාය නොවන්නීය. එහෙයින් මමම පළමුකොට සොයා ගනිමියි සිතා දේවීන් වහන්ස කීප දවසක් රජ්ජුරුවන් වහන්සේට මා අසවල් කාර්යයට ගියයි නොකිව මැනව කුමාරිකාවත් පරීක්‍ෂාකොට ඔබ වහන්සේට දන්වා ලමියි කීහ. එසේ පවසා එක්තරා වේශයකින් සන්නාලි උපකරණ ගෙන හුදකලාව උතුරු වාසල් දොරින් නික්ම උතුරු යවමැදුම් ගමට වැඩිසේක.
එගම දුප්පත්ව සිටි පුරාතන සිටුකුලයෙක “අමරාදේවී” නම් රූපත් මහා පිනැති දුවක් වූවාය. ඈ එදවස හුළුකැන් පිසගෙන පියාණන් සානතැනට යන්නී පණ්ඩිතයන් වඩනා මගට පිළිපන්හ. පණ්ඩිතයන් වහන්සේ ඒ කුමාරිකාව දැක “මෝ තොමෝ මට බිරින්දට සුදුසුයයි සිතූසේක. අමරා දේවියද පණ්ඩිතයන් දැකලා ඉදින් මෙබඳු පුරුෂයෙක් ඇත්නම් වස්තු රැස්කරන්ට පිළිවනැයි සිතූහ. ඉක්බිති පණ්ඩිතයන් වහන්සේ මැගේ සැමියන් ඇති නැති බව නොදනිමි. එපවත් හස්ත මුද්‍රායෙන් විචාරමි. ඉදින් මෙ නුවණැත්තී විනම් එය දැන ගන්නීයයි සිතා දුර සිටම “ඇඟිලි හකුළුවා මිට හළසේක”. ඈත් මේ පුරුෂයා මාගෙන් සැමියන් ඇත්ත, නැත්ත විචාරන්නේයයි දැන “අත්ල විදහාලූහ” පණ්ඩිතයන් වහන්සේ ඈ සරණ නූනබව දැන සමීපයට ගොස් සොඳුර තෙපි කිනම්මු දැයි විචාළේය. ස්වාමීනී ගිය දවස වේවයි දැන් වේවයි මතු දවස වේවයි මුළු ලෝකයෙහි යම් නමෙක් ඇත්නම් මම ඒ නමි”යි කීහ. ඇගේ නම අමරා” බව දැනගත් පණ්ඩිතයන් වහන්සේ සොඳුර කවුරුන්ට කැඳගෙන යව්දැයි විචාළහ. පූර්‍ව දේවතාවන්ට යයි කීහ. පූර්‍ව දේවතාවෝ නම් මව්පියෝය. තොපගේ සිටාණෝ කුමක් කෙරෙත්දැයි විචාළහ. එකක් දෙකක් කෙරෙතියි කීහ. එකක් දෙකක් කිරීම නම් සී සෑමය. තොපගේ පියාණෝ කොතනක සාත්දැයි විචාළසේක. යම් තැනකට එක්වරක් ගිය කෙනෙක් නොඑද්ද එතැනයයි කීහ. එසේ තැන නම් සොහොනය. සාන්නේ සොහොනක් සමීපයේය. සොඳුර අදම එව්දැයි විචාළසේක. ඉදින් ආවොත් නොඑමි. නාවොත් එමි. කීහ පියා ගඟකින් එතර සාති. ගඟදිය ආවොත් නො එන නියාව කී බව තේරුම්ගෙන එසේදැයි විමසීය. එසේයයි කීහ. ඉක්බිති අමරාදේවී හුළුකැන් පූව මැන. ස්වාමීනි පැවරූහ. පණ්ඩිතයන් වහන්සේ ප්‍රථමයෙන් කළ ආරාධනාව නොඉවසීම අවමඟුලැයි සිතා යහපත බොමියි වඳාලසේක. අමරා දේවිය කැඳ සැලිය ඉසින් බා තැබූහ. පණ්ඩිතයන් වහන්සේ ඉදින් මණ්ඩය නොදෙව අතට පැන් නොදීම කැඳ අතට දිනි නම් මෙතැනම හැරපියා යෙමි’යි සිතූසේක. ඈ මණ්ඩයෙන් පැන් ගෙන අතට දීලා සිස් මණ්ඩය අත නොතබා බිම තබා සැළියේ කැඳ අල්ලා හුළු කැනින් මණ්ඩය පුරාලූහ. ඒ කැඳෙහි හුළු මඳ වූයේය. පණ්ඩිතයන් වහන්සේ කිමෙක්ද? සොඳුර හුළුකැන් ඉතාම බොල්වනැයි වදාළසේක. පැන් නොලද්දේය. ස්වාමීනියි කීහ. තොපගේ කුඹුර පූදිනා අහදිය නොලද්දයි සිතමියි වදාරා හුළු කැන් සියල්ලම පානය කොට අත කට සෝදා
සොඳුර තොපගේ ගෙට මග කියවයි වදාළසේක. අමරාදේවිය යහපතැයි, ගෙට මග කියන්නී “මේ මග ඔස්සේ ගොස් ඇතුළු ගමට වන්කළ යම් තැනක අත්සුණු තබා විකුණන සල්පිලක්ද ඉන් ඔබ්බට ගියකල යම් අතකින් අනුභව කරත්ද ඒ අත මග යන්ට කියමි. ඒ යව මැඳුම්ගම අපගේ දෙමාපියන්ගේ ගෙට මඟය. මා හඟවා කීමග දැන වදාළ මැනවයි” කීහ.
ස්ත්‍රි ප්‍රශ්නය
මෙසේ අමරා දේවිය පණ්ඩිතයන් වහන්සේට මග කියාලා පියාට හුළුකැන් ගෙනගියාය. පණ්ඩිතයන් වහන්සේ ඇගේ ගෙට වැඩ මෑණියන් පෙන්නූ අසුනක හිඳ පුතණ්ඩ හුළු කැඳක් පූව මැනවයි දුන් බදුන ප්‍රතික්‍ෂෙප කොට මෑණියෙනි අපගේ නැගණියෝ අමරාදේවී මගදී කැදිත්තක් පෙවූහයි වදාළසේක. මෑණියෝ මේ මාගේ දියණියන් නිසා ආ කෙනෙකැයි සිතූය. පණ්ඩිතයන් වහන්සේ උන් දුක්පත් නියාව දන්නාහුද මෑණියෙනි මම සන්නාලියෙක්මි. ගෙත්තම් කටයුතුවූ කිසිවක් ඇද්දැයි විචාරා පුතණ්ඩ මැසිය යුතුදේ ඇතත් ඊට ගෙවිය යුතු මිලයෙක් නැතැයි කී කළ මෑණියෙනි මිලෙන් කම්නැත. ගෙනෙවයි වදාරා ඒ සියල්ල තමාගේ පුණ්‍ය බලයෙන් මොහොතකින් නිමවාදී මෑණියෙනි වීථියක් පාසා අඩගා පියවයි වදාරා ගම ඇත්තන් ගෙනා සියළු කඩින් සන්නාලි මේවර කොට එක දවසින් මසු දහසක් ලත්සේක. මෑණියෝ දාවල් බත් පිස කවා පුතණ්ඩ රෑට සාල් කෙතෙක් ගරම්දැයි විචාරා ගෙදර සියළු දෙනාටම බත් පිසුව මැනවයි වදාරා රාත්‍රියෙහිද රස මස වුලෙන් යුතුව බත් අනුභව කොට අමරා දේවීන් විමසන සේක්. කීපදවසක් එහිම විසූසේක.
දිනක් උන් විමසන සේක් අමරාදේවීනි හාල් මනාවක් ගෙන ඉන් මට කැඳත් බතුත් අවුලු පතුත් පිසවයි කීහ. ඈත් එක සාල් මනාවෙන් මෙතෙක් දෑ කෙසේ පිසම්දැයි” නොකියා යහපතැයි ඒ බස ගිවිස සහල් පැස මුල්සහලින් බත්ද කඩ සහලින් කැඳද සුන්සාලින් කැවුම් ආදී අවුලුපත්ද පිස පණ්ඩිතයන් වහන්සේට අවුලු සහිත කැඳ දුන්හ. කැඳ ටිකක් මුඛයට ගත් පමණින්ම සියළු රස නහර වැල් පිනා ගිය නමුත් ඈ විමසනු පිණිසම සොඳුර තොප පිසමන් නොදන්නා කළ කුමක් නිසා මාගේ සහල් නසාපුදැයි කියා කාරා දමාපීසේක. අමරා දේවීත් නොකිපී කැඳ යහපත් නොවීනම් කැවුම් කෑව මැනවයි ඒ අතට දුන්හ. ඒ මුඛයට ගත් පමණින් රස නහර වැල් පිනා ගියේය. මුලින් කී අයුරු එයද කාරා දැමූසේක. ඊටත් නොකිපී එසේ වීනම් බත් අනුභව කළ මැනවයි කියා බත් අත තැබූහ. ඉන් ආලෝපයක් මුඛයෙහි තබන්නාම සියළු රස නහර පිනාගිය නමුත් එයද පෙරසේම ප්‍රතික්‍ෂෙපකොට පිසමන් නොදන්නේයයි ගරහා තුන්වගයම එක්කොට ඇගේ ඉස පටන් මුළු ශරීරයෙහි ගල්වා දොර අව්වෙහි සිටින්නට නියම කළසේක. ඈද ඊට මදකුත් නොකිපී යහපත ස්වාමීනිෟයි දොර අව්වෙහි හුන්නාහ. පණ්ඩිතයන් වහන්සේ ඈමන් නැති බව දැන සොඳුර මෙහි එවයි වදාළසේක. දෙවිටක් කැඳවන තුරු නොසිට එක බසින්ම සමීපයට අවුය. පණ්ඩිතයන් වහන්සේ නුවරින් එන විට බුලත් පයියේ සඟවාගෙන ආ මසු දහසක් වටිනා එක් සිහින් සළුවක් තෑගිකොට නා පියා මේ කඩ ඇඳගෙන එවයි වදාරා සන්නාලි කමින් උපයාගත් මසුරන්ද යන මේ සියල්ල අමරා දේවීන්ගේ මව්පියන්ට දීලා ඈද කැටුව තම නුවරට ගොස් තවත් විමසනු සඳහා දොරටුපාලයාගේ ගෙයි හිඳුවා තමාගේ ගෙට ගොස් පිරිමින් දෙදෙනකු කැඳවා අසවල් ගෙයි ගැහැණියක රඳවා ආමි. මේ මසු දහස ඇරගෙන ගොස් ඈ විමසුවයි දහසක් දී යවූසේක. උයිත් එළෙසම කළහ. ඈ මේ මසු දහස මාගේ ස්වාමියාගේ පා දූවිලි පමණකුදු නො අගනේයයි කියා එබස් නොගිස්වාහ. තුන්වන වර දක්වාත් ඈ නොගිවිස්නා හෙයින් සතරවන වාරයෙහි ඈ බලයෙන් ඇදගෙන එවයි විධාන කොට එසේ කරවූහ.
ඈට සැපතෙහි යෙදී සිටි පණ්ඩිතයන්ව හඳුනාගත නොහැකිව මුහුණ බලා වරක් සිනාසී වරක් හඩාපීහ. පණ්ඩිතයන් වහන්සේ ඒ දැක ඊට කාරණා විචාළහ. ඉක්බිති අමරාදේවී ස්වාමීනී ඔබ වහන්සේගේ මුහුණ බලා සිනාසෙන්නෙම් ඔබගේ දිව්‍ය සැපතක් සමාන මේ සම්පත් පෙර පින්කොට ලබන ලද කුසල කර්මයාගේ විපාකය. එබැවින් සිනාසුනෙමි. දැන් වනාහි අනුන් සන්තක බිරියක් ගෙන්වා පරදාර කර්මය කොට මතුනරකයට යන්නාහ. එබැවින් ඔබ කෙරෙහි දයාවෙන් හැඬීමියි කීහ. පණ්ඩිතයන් වහන්සේ ඈ පරීක්ෂා කොට පිරිසිදු අදහස් ඇතිබව දැන එහිම යවා නැවත සන්නාලි වෙස්ගෙන එදා රෑ උන් ලඟට ගොස් සැතපීලා දෙවන දවස් රජගෙට ගොස් උදුම්බරා දේවීන්ට සහ රජ්ජුරුවන්ටද දන්වා මහත් උත්සව ශ්‍රීයෙන් පෙළහර පවත්වා ඈ තම ගෙට කැඳවාගෙනවුත් රජ්ජුරුවන්ට අනුශාසනා කරමින් වාසයකළසේක."
A. ආදරය කිරීමේ දී ද, සිඟාලෝවාද සූත්‍රයේ “බටහිර දීශාව” අනුසාරයෙන් ද කරුණු ලබාගත හැකි යැයි මෙන් ම “කුමර බඹසර” හා “කුමරි බඹසර” සුරැකීම ද අත්‍යවශ්‍ය බව කිව හැකි ය.
“ගෘහපති පුත්‍රය, කරුණු පසකින් සැමියා විසින් බස්නාහිර දිසාවවූ භාර්‍ය්‍යා තොමෝ උපස්ථාන කටයුත්තීය. බුහුමන් කිරීමෙන්ද, අවමන් නොකිරීමෙන්ද, අන් අඹුවන් සේවනය නොකිරීමෙන්ද, සැප ඉසුරු පාවා දීමෙන්ද, අලංකාරයට සුදුසු ඇඳුම් පැළඳුම් දීමෙන්ද (යන මෙයිනි) ගෘහපති පුත්‍රය, මේ කරුණු පසින් සැමියා විසින් උපස්ථාන කරණලද බස්නාහිර දිසාවවූ භාර්‍ය්‍යාතොමෝ කරුණු පසකින් සැමියාට අනුකම්පා කරයි. හොඳින් කටයුතු පිළියෙල කරයි. පිරිවර ජනයාට හොඳින් සංග්‍රහකරයි පරපුරුෂයන් සේවනය නොකරයි. ස්වාමියා රැස්කළ වස්තුව ආරක්ෂාකරයි. සියලු කටයුතුවල දක්ෂවූවා අලස නොවෙයි. ගෘහපති පුත්‍රය, මේ කරුණු පසින් ස්වාමියා විසින් උපස්ථාන කරනලද බස්නාහිර දිසාවවූ භාර්‍ය්‍යා තොමෝ මේ කරුණු පසින් ස්වාමියාට අනුකම්පා කරයි. මෙසේ මොහු විසින් මේ බස්නාහිර දිසාව වසන ලද්දී නිර්භයවූවා වේ.”
A. රාගය යනු - (ලිංගික ආශාව නිශ්‍රිතව) ඉමහත් සේ පිනායාම (රංජනය); (ලිංගික ආශාව නිශ්‍රිතව) අමන්දානන්දයට පත්වීම, (ලිංගික ආශාව නිශ්‍රිතව) විශ්මයට / පුදුමයට පත්වීම, සතුට සෙවීම; (ලිංගික ආශාව නිශ්‍රිතව) සිත් ඇලවීම, ඇලීම අර්ථයෙනි. [“රඤ්‌ජනට්‌ඨෙන රාගො”]
ආදරය (ආලය) යනු - (සිතේ) නැවතී සිටීම; (සිතේ) ලැගුම්ගෙන සීටීම, (සිතේ) පැළපදියම් වී සිටීම; (සිතේ) ඇලී (ඇලවී ) සිටීම.
[“ආලයකරණවසෙන ආලයො.”]
සෙනෙහස යනු - සතුට (ප්‍රීතිය) වශයෙන් සෙනෙහස පෑම යි / බැඳීම යි.
[“පීතිවසෙන සිනෙහතීති සිනෙහො.”]
ගේහසිත ප්‍රේමය යනු - මව් සෙනෙහස / පිය සෙනෙහස / සහෝදර ප්‍රේමය ආදී වශයෙන් ඇතිවන සෙනෙහස යි / බැඳීම යි.
.
(තව ද වෙනත් අරුතකින්) ගේහසිත ප්‍රේමය යනු - රූප / ශබ්ද / ගන්ධ / රස / ස්පර්ශ කෙරෙහි ඇති (ලිංගික ආශාව නිශ්‍රිතව) ඇලීම යි / බැඳීම යි.
[ගෙහස්සිතපෙමන්ති එත්ථ ගෙහසද්දෙන ගෙහෙ ඨිතා මාතුභගිනීආදයො අජ්ඣත්තිකඤාතකා ගහිතා. තෙසු මාතුපෙමාදිවසෙනඋප්පන්නො සිනෙහො ගෙහස්සිතපෙමං, අඤ්ඤත්ථ පන ගෙහස්සිතපෙමන්ති පඤ්චකාමගුණිකරාගො වුච්චති. සම්පයුත්තඅස්සාදසීසෙනාති රාගසම්පයුත්තසුඛවෙදනාමුඛෙන. එකෙන පදෙනාති ගෙහස්සිතපෙම-පදෙන.]
(මතක විදිහට, සරලව ම) ලෝභයට වචන 100ක් තියනවා - කොයි වචනයෙන් කිව්වත් ලෝභය ම තමා; ප්‍රඥාවට වචන 30ක් තියනවා - කොයි වචනයෙන් කිව්වත් ප්‍රඥාව ම තමා, සිතට වචන 10ක් තියනවා - කොයි වචනයෙන් කිව්වත් සිත ම තමා; එත් (මෙතන දී) ලෝභ - ප්‍රඥා - චිත්ත ඒ ඒ පරමාර්ථ ධම්ම, ඒ ඒ අවස්ථාවට හැසිරෙන / පවතින ආකාරය අනුවයි ඒ ඒ නම් ලැබිලා තියෙන්නේ.
ඒ අනුව, පරමාර්ථ වශයෙන් නම් ලෝභ චෛතිසිකය - ඒ කියන්නේ පරමාර්ථ වශයෙන් නම්, ආදරයයි රාගයයි දෙක ම එකක් - එත් ලක්ෂණ (හැසිරෙන / පවතින ආකාර වශයෙන්) දෙකක්.
චිත්තුප්පාද (සිත්) වශයෙන් නම් ලෝභමූල (අකුසල්) සිත් 8.
සැ: යු: ඉහත ආශ්‍රිත පාළි පාඨවල සමස්ථ අර්ථයෙන් උකහාගත් සිංහල පරිවර්තන “අපගේ පෞද්ගලික අදහස” පරිදි මිස “සිංහල අටුවා” ආදිය අනුව යමින් නොවේ.
A. තවද ඇය (හෝ ඔහු) වෙන කෙනෙකුට කැමති නම්, සූරියවච්ඡසා නොළද පංචසිඛ මෙන්, කලාත්මකව “විරහ වේදනාව” ද විඳ-දරා ගත යුතු ය.
“... මම ඈ කැමැත්තෙමි. ස්වාමීනි, ඒ දෙව් දූ වෙන අයට කැමැති වන්නියක් වේ. මාතලී නම් සංග්‍රාහකයාගේ සිඛණ්ඩි නම් පුත්‍රයාට ඈ කැමති වේ. ස්වාමීනි, යම් හේතුවකින් මම ඒ දෙව්දුව මොන ක්‍රමයකිනුදු නොලද්දෙමි. ...”
https://pitaka.lk/main?n=16171&p=349
A. ගැටුම් අඩු / දිගුකාලින සබඳතාවයක් සඳහා දෙදෙනා ම සමාන ශ්‍රද්‍ධා, සමාන සීල, සමාන ත්‍යාග, සමාන ප්‍රඥා ඇති බව ද වැදගත් වේ.
“ගෘහපතිවරුනි, අඹු සැමි දෙදෙන මෙලොවද ඔවුන් දක්නටද, පරලොව ඔවුනොවුන් දක්නටද, කැමැත්තේ නම් දෙදෙනම සමාන ශ්‍රද්‍ධා, සමාන සීල, සමාන ත්‍යාග, සමාන ප්‍රඥා ඇත්තෝ වන්නාහුය. ඔවුහු මෙලොවද ඔවුනොවුන් දකිත්. පරලොවද ඔවුනොවුන් දකිත්” යයි වදාළ සේක.
“අඹු සැමි දෙදෙන ශ්‍රද්‍ධාවන්තද, යාචක ජනයාගේ වචන දන්නාහුද, සංයමද, ධාර්මික ජීවිකාවෙන් යුක්තද, ඔවුහු ඔවුනොවුන් ප්‍රිය වචන කියන්නාහු වෙත්ද, ඔවුන්ගේ වස්තූහු බොහෝ වෙත්. පහසුව පිණිස පවතී. සමාන ස්වභාව ඇති දෙදෙනාගේ අමිත්‍රයෝ දුර්මුඛ වෙත්. සමාන සීල පැවතුම් ඇති දෙදෙන මෙලොව ධර්‍මයෙහි හැසිර කැමති දෙයින් කැමති වෙමින් සතුටු වන්නාහු දෙව්ලොවදීත් සතුටුවෙත්.”
https://pitaka.lk/main?n=29155