76. චිත්ත - චෛතසික කියලා කොටස් 2ක් ඇයි?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. චිත්ත (සිත), චේතසික (චෙතසික / චෛතසික) කියලා කොටස් 2ක් ඇයි?

A. "මඳකුදු පෙර පසු නො වී සිත හා එකට ඉපදීම ය. එකට ම නිරුද්ධ වීම ය, සිතින් ගන්නා අරමුණ ම ගැනීම ය, සිත උපදනා තැන ම ඉපදීමය යන කරුණු සතරින් සිත හා සම්ප්‍රයෝග වන ධර්මයෝ චෛතසිකයෝ ය.

සම්ප්‍රයෝග වීමය යනු කවර ආකාරයකින් වත් වෙන් කළ නො හෙන පරිදි මිශ්‍ර‍වීම ය. එකට ඉපදීම ආදි කරුණු සතරට “සම්ප්‍රයෝග ලක්ෂණ සතරය” යි කියනු ලැබේ.

චෛතසික දෙපනසක් ඇත්තේ ය. ඒ සියල්ල ම එක සිතක් හා එක වර ම උපදින්නේ නො වේ. එක් එක් සිතක් සමඟ උපදින්නේ ඒ සිතට අයත් කෘත්‍යය සිදුකිරීමට වුවමනා චෛතසික පමණෙකි. ආලෝකය හා අන්ධකාරය මෙන් එකිනෙකට විරුද්ධ චෛතසික ද ඇත්තේ ය. අන්‍යොන්‍ය විරුද්ධ චෛතසිකයෝ කිසි කලෙක එකට නූපදිති. එබැවින් චෛතසික දෙපනසට ම එක් සිතක් හා බැඳී එක වර නූපදිය හැකිය.

එක් සිතක් සමඟ එක වරකට උපදනා වැඩිම චෛතසික ගණන සතිසකි. හත, දහය, එකොළොස, දොළොස යනාදි ගණන් ඇති චෛතසික සමූහයෝ ඒ ඒ සිත් හා උපදිති.

චෛතසිකයන්ගේ සහයෝගය නැති ව සිතකට නූපදිය හැකිය. සිතේ සහයෝගය නැතිව චෛතසිකයකට ද නූපදිය හැකි ය. එබැවින් සිතත්, ඒ සිතින් සිදුකරන කෘත්‍යය සිදු කිරීමට වුවමනා චෛතසික සමූහයත්, පෙර පසු නොවී එක වර ම ඉපදිය යුතු ය. සිත හා එක වරට ම උපදනා බව චෛතසික ලක්ෂණයක් වශයෙන් කීයේ එහෙයිනි.

ලීයක අරටුව ඉතිරි වී ඵළය පළමුවෙන් දිරා නැති වී යන්නාක් මෙන්, එක් චිත්ත චෛතසික රාශියකට අයත් ධර්මයන්ගෙන් සමහරක් ඉතිරි වෙද්දී සමහරක් නැති වන්නේ නො වේ. එකක් නිරුද්ධ වෙතොත් එය හා සමඟ ම නිරුද්ධ නොවී අනික් ඒවාට නො පැවතිය හැකිය. එබැවින් සිත හා එක වරම නිරුද්ධ වන බවත් චෛතසික ලක්ෂණයක් වශයෙන් කියන ලදී.

අරමුණ ගැනීම සිතට අයත් කෘත්‍යය ය. සිතින් කරන එකම වැඩේ අරමුණ ගැනීම ය. අරමුණෙහි රසය විඳීම, අරමුණට ඇලුම් කිරීම, විරුද්ධවීම යන ආදිය චෛතසිකයන්ට අයත් කෘත්‍යයෝ ය. යම් අරමුණක් ගන්නා සිතක් හා උපදනා චෛතසිකයන් කරන්නේ, ඒ සිතින් ගන්නා ලද අරමුණෙහි රස විඳීම, ඒ අරමුණට ඇලුම් කිරීම, ඒ අරමුණට විරුද්ධව වීම යනාදියය. එබැවින් සිතින් ගන්නා අරමුණ ම ගන්නා බව චෛතසික ලක්ෂණයක් වශයෙන් කියන ලදී.

සිත් උපදනා ස්ථාන සයක් ඇත්තේ ය. යම් කිසි ස්ථානයක සිත උපදී නම්, ඒ සිත හා උපදනා චෛතසිකයෝ ද ඒ ස්ථානයෙහි ම ඒ වස්තුව ම ඇසුරු කර ගෙන උපදී. එබැවින් සිත උපදින තැන ම උපදනා බව චෛතසික ලක්ෂණයක් වශයෙන් කියන ලදී.

අන්‍යසමාන රාශිය ය - අකුශල රාශිය ය - ශෝභන රාශිය ය කියා චෛතසික රාශි තුනක් ඇත්තේ ය. සර්වචිත්ත සාධාරණ චෛතසික සත ය - ප්‍ර‍කර්ණක චෛතසික සය ය කියා අන්‍යසමාන රාශියට අයත් චෛතසික තෙළෙසකි. අකුසල රාශියට අයත් චෛතසික තුදුසෙකි. ශෝභන සාධාරණ චෛතසික එකුන් විස්ස ය - විරති චෛතසික තුන ය - අප්‍ර‍මාණ්‍ය චෛතසික දෙක ය - ප්‍ර‍ඥා චෛතසික ය යන චෛතසික පස් විස්ස ශෝභන රාශියට අයත් චෛතසිකයෝ ය."
https://pitaka.lk/books/abhidharma-margaya/3-1.html

Q. චිත්තය (සිත), චේතසික (චෛතසික) කියලා කියන්නේ මොනවට ද?

A. “පරමාර්ථ සතර අතුරෙන් චිත්තය යනු (අරමුණු) දැනීම ය. සිතය කියනුයේ ද එයට ය."

“සිතක් හෙවත් අරමුණු දැනීමක් ඇති වන කල්හි ඒ දැනීම් ක්‍රියාව හා මිශ්‍ර‍ව ඇතිවන්නා වූ අන්‍ය ක්‍රියාවෝ චෛතසිකයෝ ය."
https://pitaka.lk/books/abhidharma-margaya/1.html

{එකුප්පාදනිරොධා ච, එකාලම්බණවත්ථුකා. - https://tipitaka.app/?a=6i1-3-si
එකුප්පාදනිරොධා ච, එකාලම්බණවත්ථුකා;
සංසට්ඨා සම්පයුත්තා ච, සහජාතා යථාරහං. - https://tipitaka.app/?a=6h33-17-si
චෙතසා සංසට්‌ඨා වා චෙතසිකා. - https://tipitaka.app/?a=6a2-63-si
“විජානනලක්ඛණං, මහාරාජ, විඤ්ඤාණ”න්ති. - https://tipitaka.app/?a=er1-253-si
"ආරම්මණං චින්තෙතීති චිත්තං, විඤ්ඤාණං. විත්ථාරතො පනස්ස වචනත්ථො චිත්තදුකෙ ආවි භවිස්සති. තදෙතං විජානනලක්ඛණං චිත්තං, පුබ්බඞ්ගමරසං, නිරන්තරප්පවත්තිතො සන්ධානපච්චුපට්ඨානං, නාමරූපපදට්ඨානං. - https://tipitaka.app/?a=6k7-24-si
‘ලක්ඛණාදිතො’ති අවිජ්ජාදීනං ලක්ඛණාදිතො, සෙය්‍යථිදං – අඤ්ඤාණලක්ඛණා අවිජ්ජා, සම්මොහනරසා, ඡාදනපච්චුපට්ඨානා, ආසවපදට්ඨානා. අභිසඞ්ඛරණලක්ඛණා සඞ්ඛාරා, ආයූහනරසා, චෙතනාපච්චුපට්ඨානා, අවිජ්ජාපදට්ඨානා. විජානනලක්ඛණං විඤ්ඤාණං, පුබ්බඞ්ගමරසං, පටිසන්ධිපච්චුපට්ඨානං, සඞ්ඛාරපදට්ඨානං, වත්ථාරම්මණපදට්ඨානං වා. - https://tipitaka.app/?a=4b5-3-si
‘ආරම්මණං ¶ චින්තෙතී’ති චිත්තන්ති නයෙන චිත්තස්ස වචනත්ථො වුත්තො එව. ලක්ඛණාදිතො පන විජානනලක්ඛණං චිත්තං, පුබ්බඞ්ගමරසං, සන්දහනපච්චුපට්ඨානං, නාමරූපපදට්ඨානං. චතුභූමකචිත්තඤ්හි නොවිජානනලක්ඛණං නාම නත්ථි. සබ්බං විජානනලක්ඛණමෙව. ද්වාරං පන පත්වා ආරම්මණවිභාවනට්ඨානෙ චිත්තං පුබ්බඞ්ගමං පුරෙචාරිකං හොති. - https://tipitaka.app/?a=4a2-321-si

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll