762. බක්කුල මහරහතන් වහන්සේ කිසිදු ධර්ම දේශනාවක් නොකළ සේක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. බක්කුල මහරහතන් වහන්සේ උන්වහන්සේගේ වස් අසූවක් පමණ වූ පැවිදි ජීවිතයේ කිසිදු ධර්ම දේශනාවක් නොකළ බව සාකච්ඡාවක දී අසන්නට ලැබුණා. එය සත්‍යයක් ද?

A. ඇවැත්නි ... අසූවසෙක. මාගමකට යටතින් සිව්පැදි ගයක් පමණකුදු දහමක් දෙසුයෙම් නො දන්මි, ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.

ඇවැත්නි ... අසූවසෙක. මෙහෙණවරකට ගියෙම් නො දන්මි, ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.

ඇවැත්නි, පැවිදි වූ මට අසූවසෙක. මෙහෙණකට දෙසුයෙම් නො දන්මි ... සික්ඛමානාවකට දහම් දෙසුයෙම් නො දන්මි ... හෙරැණියකට දහම් දෙසුයෙම් නො දන්මි. ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ හෙරැණියකට දහම් දෙසුවාහු නො දනිති’ යි යන මෙ ද අපි ආයුෂ්මත් බක්කුල තෙරණුවන් ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්ම යයි ධරම්හ.

{"අසීති මෙ ආවුසො -පෙ- මාතුගාමස‍්ස ධම‍්මං දෙසිතා, අන‍්තමසො චතුප‍්පදම‍්පි ගාථං. යම‍්පායස‍්මා -පෙ- ධාරෙම.
අසීති මෙ ආවුසො, වස‍්සානි පබ‍්බජිතස‍්ස, නාභිජානාමි භික‍්ඛුණූපස‍්සයං උපසඞ‍්කමිතා. යම‍්පායස‍්මා -පෙ- ධාරෙම.
අසීති මෙ ආවුසො, වස‍්සානි පබ‍්බජිතස‍්ස, නාභිජානාමි භික‍්ඛුනියා ධම‍්මං දෙසිතා -පෙ- නාභිජානාමි සික‍්ඛමානාය ධම‍්මං දෙසිතා -පෙ- නාභිජානාමි සාමණෙරියා ධම‍්මං දෙසිතා. යම‍්පායස‍්මා බක‍්කුලො අසීතියා වස‍්සෙහි නාභිජානාති සාමණෙරියා ධම‍්මං දෙසිතා. ඉදම‍්පි මයං ආයස‍්මතො බක‍්කුලස‍්ස අච‍්ඡරියං අබ‍්භුතධම‍්මං ධාරෙම."

https://tipitaka.lk/mn-3-3-4/17-11/sinh

https://tipitaka.app/?a=gc2-118-si