Q. මිහිරි, ප්‍රියමනාප, සැපදායක රූප, ශබ්ද, ගන්ද, රස, ස්පර්ශ යනාදී අරමුනු සෑමවිටම හමුවන්නේ පෙර කුසල් කර්ම වල විපාක ලෙසමද?
A / R. *[“… මේ විපාක සිත් සොළොස ඇති කිරීම එකවරට ම කරන්නක් නොව, ඉෂ්ට රූප ශබ්දාදිය හමුවන සැටියට ඒ ඒ අවස්ථාවලදී සිදු කරන්නකි.”]
“ඉතා ම නරක දෙයක් වන අසූචියත් සමහර සත්තු හොඳ සැටියට සලකති. බොහෝ සම්පත් ඇති ඇතැම්හු සමහර හොඳ දේව්ල ද නරක ලෙස සලකති. එබැවින් අරමුණුවල හොඳ නරක බව තීරණය කිරීම දුෂ්කර ය. ඒවායේ හොඳ නරක බව මධ්‍යම ජනයාගේ සැලකීම අනුව කළ යුතු බව අටුවාවේ දක්වා ඇත්තේ ය.
අරමුණ ගැන පුද්ගලයා ගේ අදහස කුමක් වුවත් හොඳ අරමුණෙහි ඇති වන්නේ කුශල විපාක සිත් ය. එසේ ම නරක අරමුණෙහි ඇති වන්නේ ද අකුශල විපාක සිත් ය. පුද්ගලයන්ට වැරදි අදහස් ඇති වූවාට කර්මයට හා විපාකයට වැරදීමක් නො වේ. එබැවින් බුදුන් වහන්සේ ගේ ශරීරය දැකීමට පවා නුසුදුසු නො මනා අරමුණක් ලෙස සලකන මිසදිටුවන්ට බුද්ධ දර්ශනයේ දී කුශල විපාක වූ ම චක්ඛුවිඤ්ඤාණ සම්පටිච්ඡන සන්තීරණ තදාරම්මණයෝ වෙති. නරක දෙයක් වූ අසූචිය ප්‍රිය කරන සත්ත්වයාට අසූචිය දැකීමේ දී ඇති වන්නේ ද අකුසල විපාක චක්ඛුවිඤ්ඤාණ සම්පටිච්ඡන සන්තීරණ තදාරම්මණයෝ ය.
ඉෂ්ට හෙවත් හොඳ රූප ශබ්දාදි ආරම්මණයන් ප්‍රසාදවල ගැටුණු කල්හි කුශල විපාක පඤ්චවිඤ්ඤාණ සම්පටිච්ඡන සන්තීරණ තදාරම්මණයෝ උපදිති. අනිෂ්ට හෙවත් නරක රූප ශබ්දාදිය ද්වාරයන්ට මුණ ගැසුණු කල්හි අකුශල විපාක පඤ්ච විඤ්ඤාණ සම්පටිච්ඡ සන්තීරණ තදාරම්මණයෝ වෙති. ආරම්මණය ඉතා ම හොඳ වන කල්හි සෝමනස්ස සහගත සන්තීරණ තදාරම්මණයෝ වෙති.”
*[“ත්‍රිහේතුක උත්කෘෂ්ට කුශලය ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය ගෙන දී ප්‍රවෘත්ති කාලයෙහි මහා විපාක අටය, අහේතුක කුශල විපාක අටය යන විපාක සොළොස ඇති කරන්නේ ය. ත්‍රිහේතුකෝත්කෘෂ්ට කුසල් සිත් සතරෙන් එක් එක් චිත්තයකින් ම මෙසේ කාම සුගතියෙහි ප්‍රතිසන්ධිය දී ප්‍රවෘත්ති කාලයේ විපාක සොළොසක් ඇති කරනු ලැබේ. මේ විපාක සිත් සොළොස ඇති කිරීම එකවරට ම කරන්නක් නොව, ඉෂ්ට රූප ශබ්දාදිය හමුවන සැටියට ඒ ඒ අවස්ථාවලදී සිදු කරන්නකි.”]