159. සෝවහන් වෙලත් "සෙක්ස්" කරනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. "සෝවාන් පුද්ගලයාට කාමරාග පඨිඝ සංයෝඡන ඇති නිසා කාමයේ ආස්වාදනය කරයි - තරහගනී". එහෙත් සක්කාය දිට්ඨිය නැති වූ කල්හි පංච උපාදානස්කන්ධය පිනවීමට තවදුරටත් ආසාවක් ඇතිවන්නේ කෙසේ ද?

A. අසුභ දේ සුභ වශයෙන් ගන්නා "දිට්ඨිය/දැක්ම" පමණක් දුරු වී ඇති බැවින් (චිත්තය/සිත හා සංඥාව/හැඳිනීම ඉතුරු බැවින්) ධාර්මික කාම සේවනය කරයි.

(නොඑසේ නම් - දිට්ඨි විප්පයුක්ත ලෝභ සිත් සතර ඉතුරු බැවින් කාම සේවනය කරයි; දෝෂ මූල සිත් දෙක ඉතුරු බැවින් තරහ ගනී/යයි.)

T. සෝවාන් පුද්ගලයන්ට නිරවද්‍ය ස්ථානයන්හි රාගය බලවත් ව උපදී. එබැවින් ඔවුහු දූ දරුවෝ ද ලබති. සකෘදාගාමීන්ට ඒවා ඒ තරමට බලවත් ව ඇති නො වේ. සකෘදාගාමීන් මෛථුන සේවනය නො කරතැයි පරමත්ථදීපනී නම් වූ අභිධර්මාර්ථ සංග්‍ර‍හ ටීකාවෙහි කියා තිබේ.”
(https://pitaka.lk/books/bodhi-pakshika-dharma/9-13-1.html)

[මෙහි "බලවත් ව" ලෙස අදහස් කරනුයේ, පෘථග්ජන මනසේ මෙන් බලවත්ව / දැඩිව / රුදුව උපදින බව නොවිය යුතු ය; ලිංගිකව එක්වීමට (සංසර්ගයට) තරම් බලවත්භාවය විය යුතු ය.

"දෘෂ්ටි විචිකිත්සාවන්ගෙන් අන්‍ය ක්ලේශයන් සෝවාන් පුද්ගලයාගේ සන්තානයෙහි ඇති වෙනත් පෘථග්ජන සන්තානයන්හි මෙන් නිතර ඇති නො වේ. කලාතුරකින් ම ඇති වේ. කලාතුරකින් ඇති වීමෙහි ද පෘථග්ජන සන්තානයන්හි මෙන් රෞද්‍ර‍ ව ඇති නො වේ. එබැවින් සෝවාන් පුද්ගලයෝ රාගය ඇති වුව ද පරස්ත්‍රීන් සේවනාදි නොමනා වැඩ නොකරති. ලෝභය ඇති වුව ද සොරකම් කිරීම් ආදිය නොකරති. ද්වේශය ඇති වුව ද සතුන් මැරීම් මැරවීම් ආදිය නො කෙරෙති. තුනී කිරීම් වශයෙන් ප්‍ර‍හාණය යි කියනුයේ කෙලෙසුන් ගේ ඒ ඖදාරික කොටස් ප්‍ර‍හාණය කිරීම ය - https://pitaka.lk/books/bodhi-pakshika-dharma/9-12-4.html]

“එබැවින් සෝවාන් පුද්ගලයෝ රාගය ඇති වුව ද පරස්ත්‍රීන් සේවනාදි නොමනා වැඩ නොකරති. ලෝභය ඇති වුව ද සොරකම් කිරීම් ආදිය නොකරති. ද්වේශය ඇති වුව ද සතුන් මැරීම් මැරවීම් ආදිය නො කෙරෙති.”

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll