Q. අකුසල විපාක උපේක්ෂා සහගත සන්තීරණයෙන් මියයන කෙනා අපාය භූමියක ප්‍රතිසන්ධිය ලබනවා.
කුසල විපාක උපේක්ෂා සහගත සන්තීරණයෙන් මියයන කෙනා මනුශ්‍ය ලෝකේ ඉපදුනොත් අබ්බගාතයාන්, ජාති අන්දයන් නපුංසකයන් වැනි හීන තත්වයක් ඇතුව උපදිනවා.
මනුස්ස භවයක කෙනෙක් ගේ චුතිය අකුසල සිත් 8 න් එකක් වුවහොත් අපාය භූමියේ ප්‍රතිසන්ධිය ලැබුවා යින් පසු අකුසල විපාක උපේක්ෂා සහගත සන්තීරණය ලෙස භාවාංගය හඳුන්වන්නේ ඇයි?
කරුණාවෙන් පහදා දෙන්න! පිං අයිති වේවා!
(ඉහත ප්‍රශ්නයේ වැරදි සහගත ධර්ම කරුණු අඩංගු වන අතර, පහත පිළිතුර අනුසාරයෙන් ඒවා ද නිවැරදි කරගත හැක.)
A. අකුසල් සිත් 12න් අන්තිම සිත හැර අනිත් 11න් ම අපායේ උපද්දවනවා - ඒක වෙන්නේ මෙහෙමයි, මැරෙන කෙනාගේ අවසාන සිත් වැලේ (චිත්ත වීථියේ) “ප්‍රබල සිත්” 5ක් (“ජවන සිත්” 5) විහිදට අර 11න් එකක් එනවා, එතකොට ඒ අනුව අපායේ යනවා.
[“චුති සිත අනුව ප්‍රතිසන්ධි සිත ඇතිවෙනවා” කියලා කතාවවට කිව්වට, ඇත්තට ම වෙන්නේ, මරණාසන්න සිත්වැලේ “ජවන් සිත්” අනුව “ප්‍රතිසන්ධි සිත” ලැබෙන එක. (නැත්නම් ඉතිං, “චුති සිත අනුව ප්‍රතිසන්ධි සිත ඇතිවෙනවා” නම්, ගොඩක් අය අපායේ යන්න විදිහක් නෑ.)]
හැබැයි, අර අකුසල් සිත් 11න් එකක විපාකය “ප්‍රතිසන්ධි සිත” විදිහට ඊළඟ භවයේ දී ලැබෙනකොට ලැබෙන්නේ “අකුශල විපාක උපේක්ෂා සහගත සන්තීරණය” ලෙස මිස, අර අකුසල් සිත් 11න් එකක් නෙවේ.
දැන් ඉතිං, ඔහුට (අපායෙ) තියෙන්නේ, “අකුශල විපාක උපේක්ෂා සහගත සන්තීරණය” වන “ප්‍රතිසන්ධි සිත” නොහොත් “අකුශල විපාක උපේක්ෂා සහගත සන්තීරණය” වන “භවාංග සිත” යි.