Q. සක්කාය දිට්ඨිය දුරු වූ පසුත් මම, මගේ කියන හැඟීම ඉතිරි වන ආකාරය නොතේරේ. (අස්මි මානය)
මම, මගේ යනු ද සත්ව පුද්ගල භාවයෙන් ගැනීම කියලයි මට සිතෙන්නේ. මෙය පැහැදිලි කර දෙන්න.
A / R. "පෘථග්ජන පුද්ගලයන්ට හා සෝවාන් සකෘදාගාමී අනාගාමී පුද්ගලයන්ට ගමනාදි ඉරියව් පැවැත්වීමෙහිදී මම යෙමි යි රූපස්කන්ධයෙහි මමය යන හැඟීමක් ඇති වේ. සුවදුක් විඳිනා කල්හි මම විඳිමි යි වේදනා ස්කන්ධයෙහි මමය යන හැඟීම ඇති වේ. සංඥා පහළ වන කල්හි මම දනිමි යි සංඥාස්කන්ධයෙහි මමය යන හැඟීම ඇති වේ. දානාදි ක්‍රියා සිදු කරන කල්හි මම දෙමිය ගනිමිය කතා කරමිය යනාදීන් සංස්කාර ස්කන්ධයෙහි මමය යන හැඟීම ඇති වේ. දැකීම් ඇසීම් ආදිය සිදු වන කල්හි මම දකිමිය අසමිය යනාදීන් විඥානස්කන්ධයෙහි මමය යන හැඟීම ඇති වේ. එසේ පඤ්චස්කන්ධයෙහි ඇති වන මමය යන හැඟීම අස්මිමාන නම් වේ. රූපය මමය වේදනාව මමය යනාදීන් ඇති වන සක්කාය දෘෂ්ටිය එක් ක්ලේශයෙකි. රූපය මමය යනාදීන් ඇති වන අස්මිමානය අනිකකි. මේ දෙකින් මමය යන දෘෂ්ටිය සෝවාන් මාර්ගයෙන් ප්‍රහීණ වේ. අස්මිමානය අර්හන්මාර්ගය දක්වා පවතී. එය ප්‍රහීණ වන්නේ අර්හන් මාර්ගයෙනි. "අස්මිමානස්ස යෝ විනයෝ එතං වේ පරමං සුඛං" යි වදාරා ඇත්තේ ඒ නිසා ය."
“[4] සොවාන් පුද්ගලයාගේ මේ සතර විපල්ලාසයෝ පහවූවාහුද නොවූවාහුද, ඇතැම් විපල්ලාසයක් පහවූහ. ඇතැම් විපල්ලාසයක් පහනුවූහ. අනිත්‍යයෙහි, නිත්‍යයයි (ii) පවත්නා සඤ්ඤා විපල්ලාසයද චිත්ත විපල්ලාසයද දිට්ඨි විපල්ලාසයද පහවූහ. (iii) දුකෙහි සැපයයි (iv) පවත්නා සඤ්ඤාව උපදියි, සිත උපදියි, දිට්ඨි විපල්ලාසය පහවිය. (v) අනාත්මයෙහි ආත්මයයි (මෙහි (ii) අසුභයෙහි සුභයයයි (මෙහි (iv) අනිත්‍ය අනාත්ම යන වස්තු දෙකක පවත්නා විපල්ලාස සයක් ප්‍රහීන වූහ. දුක්ඛ අසුභ යන වස්තු දෙකක පවත්නා විපල්ලාස දෙකක් පහවූහ. විපල්ලාස සතරක් පහ නොවූහ. සතර වස්තූන්හි විපල්ලාස අටක් පහවූහ. විපල්ලාස සතරක් පහ නොවූහ.”