972. පිටසක්වළ බුදුවරයන් වහන්සේලා වැඩ ඉන්නවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. පිටසක්වළ බුදු වරයන් වහන්සේලා වැඩ ඉන්නවාද?

A. “මේ ක්‍ෂේත්‍ර තුණෙහි මේ සක්වල හැර අන්‍ය සක්වල බුදුවරු උපදිති යයි සුත්‍රයක් නැත. නො උපදිති යයි ඇත. පිටක තුණකි. විනය සුත්තන්ත අභිධම්ම. සංගීති තුනකි. මහා කස්සප සංගීති, යසත්ථෙර සංගීති සහ මොග්ගලීපුත්ත තිස්සථෙර සංගීති. මේ සංගීති තුනෙහි ආරූඪ කළ ත්‍රිපිටක බුද්ධ වචනයෙහි මේ සක්වල හැර අන් තැන්වල බුදුවරු උපදිතියයි සූත්‍රයක් නැත. නො ඉපදිති යයි ඇත.”


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll