562. දේශපාලනය ද? ද්වේෂපාලනය ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. මේ දිනවල නිතරම අපිට දකින්න ලැබෙන්නේ දේශපාලන පෝස්ට්. ඒ නිසා ගොඩක් අය ද්වේශ සිත් ඇති කරගන්නවා. මට තියෙන ප්‍රශ්නෙ මේ වගේ පෝස්ට් දකින කෙනාට කර්ම රැස් වෙනව වගේ, පෝස්ට් දාන අය ඒ දේවල් රට ගැන හිතල පිරිසිදු චේතනාවෙන් කරත්, අනුන්ගේ සිත්වල අකුසල් රැස් කිරීම නිසා ඔවුන්ට එයින් පව් රැස් වෙනව ද කියල. කරුණාවෙන් පහදා දෙන්න.

A. (ජවනය = "සිත්වල ප්‍ර‍ධාන කොටස ජවන් සිත් ය. .... පින් - පව් වන්නේත් ජවන් සිත් ය.")
ජවනය පුද්ගලයන්ගේ අදහස් අනුව ඇති වන්නකි. කුශලාධ්‍යාශය ඇති කුශලයට කැමති අයට හොඳ නරක මධ්‍යම සියලු අරමුණුවලදී ම කුශල ජවනයන් ඇති විය හැකි ය. ධර්මයෙන් ඈත්ව යෝනිසෝමනසිකාරයෙන් තොර ව පවෙහි ඇලී වාසය කරන්නවුන්ට සියලු ම අරමුණුවල අකුසල ජවන් ඇතිවිය හැකි ය.”
https://pitaka.lk/books/abhidharma-margaya/5-8.html

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll