522. කෙත්-වතු පූජාව නොකළ යුතු ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. අට මහා කුසල් අතුරින් භික්ෂූන් වහන්සේලාට කෙත්වතු පූජා කිරීම අකැප බව උගත් භික්ෂූන් වහන්සේලාගේ අදහසය. මෙම අදහස නිවැරදියි නේද?

A. එය මහා කුසලයක් බැවින් ගිහියාට බොහෝ (දානමය/නෙක්ඛම්මමය/ප්‍රඥාමය/...) කුසල් අත් වෙන අතර, එසේ පූජා කරන්නේ භික්ෂූන්වහන්සේලාට ගොවිකම් කිරීමට නොව, උන්වහන්සේලා ගිහියන්/දායකයන් ලවා ගොවිකම් කරවා ගෙන, ගිහි-පැවිදි හා ලෞකික-ලෝකෝත්තර හා ශාසනික-ආර්ථික ආදී නොයෙක් ආකාරයන් වශයෙන් ශක්තිමත් වීමට බව මාගේ පෞද්ගලික අදහස යි.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll