697. සහකාරයෙක් / සහකාරියක් නැද්ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. සහකරුවෙක් / සහකාරියක් නොමැතිවීම කාම මිත්‍යාචාර විපාක ද? මෙහි සත්‍යතාවක් තිබේද ?

A. සහකරුවෙක් / සහකාරියක් නොමැතිවීම කුසල(යක්) හෝ අකුසල(යක්) විපාකදීම ද විය හැක.

කාම මිත්‍යාචාර විපාක හා සහකරුවන් / සහකාරියන් සම්බන්ධව කතාකරන්නේ නම්, තමා අකැමති සහකරු / සහකාරිය (සැමියා / බිරිඳ) ලැබීම හා ඔවුන් සමඟ (අකමැත්තෙන් / අමනාපයෙන්) සබඳතා පැවැත්වීමට / ජීවත් වීමට සිදු විය හැකි ය.

[“The inevitable consequences of sexual misconduct are: having many enemies, union with undesirable wives and husbands, and birth as a woman or an eunuch.”]

{“කාම මිථ්‍යාචාරයේ විපාක.
කාම මිථ්‍යාචාර කර්මය කළාහු මෙලොව දී නින්දාවට භාජන වෙති. සමහර විට අනුන්ගෙන් පහර ලැබ මැරෙන තරම් මහ දුකට පත් වෙති. සමහර විට මරණයට ම ද පත් වෙති. සිර ගෙයි වැටීමෙන් ද මහත් දුකට පත් වෙති. මරණින් මතු ද නරකයෙහි ඉපද, සොළොස් අඟුල් දික් කටු ඇති ඉඹුල් ගස්වලට නංවනු බස්වනු ලබමින් වර්ෂ දහස් ගණන් දුක් විඳිති. නරකයෙන් මිදුණු පසු ද තිරිසන්ව සිය ගණන් ජාතිවල දී බීජෝත්පාටනාදි දුක් ලබති. මිනිස් බව ලැබූ කල්හි දු සිය ගණන් ජාතිවලදී නපුංසකාදීහු වෙති. පුරුෂයෝ ස්ත්‍රීහු වෙති. ස්ත්‍රීහු ස්ත්‍රීත්වයෙන් නෙ මිදෙති. විරූප වෙති. ජනයාට අප්‍රිය වෙති. බොහෝ සතුරන් ඇත්තෝ වෙති. රෝගීහු වෙති.”
https://pitaka.lk/books/bauddhayage-athpotha/9-3-2.html}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll