793. ලෝකය භෞතික ද? මානසික ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ලෝකය බෞතිකද? මානසිකද?

A. භෞතික ම ද නොවේ - මානසික ම ද නොවේ. හේතු-ඵල ශක්ති එකතුවකි; හේතු-ඵල ශක්ති ප්‍රවාහයකි; හේතු-ඵල ශක්ති ප්‍රවාහ එකතුවකි; හේතු-ඵල ක්‍රියා එකතුවකි; හේතු-ඵල ක්‍රියා ප්‍රවාහයකි; හේතු-ඵල ක්‍රියා ප්‍රවාහ එකතුවකි.

කෙටියෙන්, හේතු-ඵල වශයෙන් එකතුව ගලා යන, ශක්ති හෝ ක්‍රියා පරම්පරාවකි (නොහොත් එසේ ගලා යන ශක්ති හෝ ක්‍රියා පරම්පරා රාශියකි).

(හෙවත් එසේ ගලා යන බලවේග / බලවේගයෝ / බලවේගයන් සන්තතිය කි).

Q. මම ඇහුවේ ඔච්චර ලොකු දෙයක් නෙවෙයි. මම කියල කෙනෙක් ඉන්නව. දෙමව්පියන් ඉන්නව. සහෝදර සහෝදරියො ඉන්නව. සතුන් ඉන්නව. ඉර හඳ තාරකා තියෙනව. මේවා නෑ කියන්න බෑනෙ. ඒව පේන්න තියෙනව. මේ සියල්ල බෞතිකවද තියෙන්නෙ. මනසින් මැවෙනවද යන්නයි.

A. ශක්තීන් එකතු වෙලා භෞතික දේවල් නිර්මාණය වෙනවා, ඒ නිර්මාණය වෙන දේවල් මානසිකව විග්‍රහ කරනවා (“මානසිකව විග්‍රහ කරනවා” = දැනෙනවා - විඳිනවා - හඳුනනවා -  හිතෙනවා - අරමුණු වෙනවා ...).

“සූත්‍ර ක්‍රමය”ට භෞතික ද්‍රව්‍ය පෙන්නන්න පුළුවන් වුණාට, “අභිධර්ම ක්‍රමය”ට ඒ භෞතික ද්‍රව්‍ය වියෝජනය කරාම අන්තිමට ලැබෙන්නේ බලවේග / ශක්තීන් / ක්‍රියා; මානසිකයි (සිත හා සිතුවිලි = චිත්ත - චෛතසික) කියන්නේ කොහොමත් බලවේග / ශක්තීන් / ක්‍රියා ම තමයි.

“ලෝකය භෞතිකද? මානසිකද?” කියලා ඇහුවම, සරලවත් සංකීර්ණවත් දෙන්න තියන එක ම කෙටි පිළිතුර තමා - “ලෝකය (යනු) බලවේග / ශක්තීන් / ක්‍රියා” කියා.
(“නාම-රූප” කිව්වත්, ඒවත් බලවේග / ශක්තීන් / ක්‍රියා ම තමයි.)

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll