Q. (කරුණාකර ත්‍රිපිටක පොත්වහන්සේ හා / හෝ අටුවා-ටීකාදී ග්‍රන්තාශ්‍රයෙන් ගත් “උපුටාදැක්වීමක්” සමඟ පමණක් ම ඔබේ පෞද්ගලික මතය සපථ කරන්න. නොඑසේනම්, කිසිදු අපේ හාමුදුවන්වහන්සේ නමකගේ දේශනාවක් හෝ වෙනත් යොදාගැනීමක් හෝ පෞද්ගලික දැක්වීමක් / ප්‍රතිචාරයක් නොකරන්න - එසේ අදාළ නොවේ යැයි සිතෙන ඕනෑම දැක්වීමක් / ප්‍රතිචාරයක්, කුමන හෝ වේලාවක මකා දමන බව ද කරුණාවෙන් සලකන්න. )
රහතන්වහන්සේ සතුව පවතින්නේ “පංචස්කන්ධයක්” ද? “පංච උපාදානස්කන්ධයක්” ද? නැතිනම් ...?
Q. ධම්මසංගණී තික මාතිකාවේ උපාදින්නත්‍රිකයේ ස්වරූපාර්ථ තොරන විට අනුපාදින්නුපාදානීයා පදයේ ස්වරූපාර්ථ වල රහතන් වහන්සේගේ ක්‍රියා සිත් පවා උපාදානීය ලෙස ගනු ලැබේ.
ඒ අනුව රහතන්වහන්සේට පඤ්චස්කන්දයත් , අන්අයට පඤ්චුපාදානස්කන්දයත් යන්න නිවැරදිද?
පෙල අටුවා ටීකා සහ ඒ ආශ්‍රිැත ග්‍රන්ථ වලින් පමණක් පිලිතුරු අපේක්ෂා කරමු...!!!
A. (පහත ම) "ධම්මසඞ්ගණි-අට්ඨකථා සහ ටීකා" වන්හි "රහතන්වහන්සේගේ ස්ඛන්ධයෝ “අපගේ මාමා වන තෙරණුවෝ, අපගේ සුළුපියා වන තෙරණුවෝ” (ආදී) ලෙසින් වෙනත් අයගේ උපාදානයට ප්‍රත්‍ය වෙති. ..." ලෙස පැහැදිලිව ම සඳහන් බැවින්, රහතන්වහන්සේ සතුව පවතින්නේ “පංචස්කන්ධයක්” බවත්, එය කෙලෙස් සහිත මනසකට “පංච උපාදානස්කන්ධයක්” වන බවත් නිසැකය; එමෙන් ම “සීල සුත්‍රය” අනුව “පංච උපාදානස්කන්ධයක්” විදර්ශනා කිරීමට රහතන්වහන්සේ සතුව “පංච උපාදානස්කන්ධයක්” තිබීම අවශ්‍ය නොවේ - විදර්ශනා අරමුණක් වශයෙන් “පංච උපාදානස්කන්ධය” අරමුණු කළ හැකි බැවිනි.
1466. සාස්‍රව (ආස්‍රව සහිත?) ධර්‍මයෝ කවරහ යත්:
තීසු භූමිසු කුසලං, අකුසලං, තීසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්‍යාකතං, සබ‍්බං ච රූපං, ඉමෙ ධම‍්මා සාසවා.
තුන්බිමැ කුශල යැ, අකුශ යැ, තුන් බිමැ විපාක යැ, තුන් බිමැ ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූප දැයි මොහු සාස්‍රව ධර්‍මයෝ යි.
උපුටා ගැනීම - අභිධර්ම පිටකය, ධම්මසඞ්ගණී පකරණය, අට්ඨකථාකඬං, දුකාත්ථුද්ධාරො, ආසවගොච්ඡකං.
A. “මහණෙනි, උපාදානයන්ට හිතවූ ධර්මයන්ද උපාදානයද දෙශනා කරන්නෙමි. එය අසව් මහණෙනි, උපාදානයන්ට හිතවූ ධර්මයෝ කවරහුද? උපාදානය කවරේද? මහණෙනි, රූපය උපාදානයන්ට හිතවූ ධර්මයෙකි. එහි යම් ඡන්දරාගයක් වෙයිද එය එහි උපාදානයයි. වේදනාව උපාදානයන්ට හිතවූ ධර්මයකි. එහි යම් ඡන්දරාගයක් වෙයිද එය එහි උපාදානයයි. සඤ්ඤාව උපාදානයන්ට හිතවූ ධර්මයකි. එහි යම් ඡන්දරාගයක් වේද එය එහි උපාදානයයි. සංස්කාරය උපාදානයන්ට හිතවූ ධර්මයකි. එහි යම් ඡන්දරාගයක් වෙයිද එය එහි උපාදානයයි. විඤ්ඤාණය උපාදානයන්ට හිතවූ ධර්මයකි. එහි යම් ඡන්ද රාගයක් වෙයිද එය එහි උපාදානයයි.”
A. සාසවා = ආශ්‍රව සඳහා අරමුණක් (තත්ත්වයක් වස්තුවක් උපකාරකයක්).
“සාසවන්‌ති ආසවානං ආරම්‌මණභාවෙන පච්‌චයභූතං.” = ආශ්‍රව සඳහා අරමුණක් (තත්ත්වයක් වස්තුවක් උපකාරකයක්) ලෙසින් හේතු-ප්‍රත්‍ය වන්නේ ය.
අරමුණක් = සූවිසි ප්‍රත්‍යයෙන් “ආරම්මණ ප්‍රත්‍ය”
"සවැනි සූත්‍රයේ - රූපස්කන්‍ධය කාමාවචරය. සිවු ස්කන්‍ධයෝ සිවුභූමිකය. “සාසවං” යනු ආශ්‍රවයන්ගේ අරමුණු ස්වභාවයෙන් ප්‍රත්‍ය වූ යනුයි. “උපාදානීයං” යනු එසේම උපාදානයන්ගේ ප්‍රත්‍ය වූ යනුයි. මෙහි වචනාර්ථය වනාහී - අරමුණු කොට පවත්වයි. ආශ්‍රවයන් සහිත වූයේ සාශ්‍රවය. දැඩිව ගතයුතු යනු උපාදානීය වූ. මෙහිද රූපස්කන්‍ධය කාමාවචරය. ඉතිරි වූ ත්‍රෛභූමික විදර්ශනාව වාර වශයෙන් කියන ලදී. මෙසේ මෙහි රූපය රාශි අර්ථයෙන් ස්කන්‍ධයන්හි පිවිසියේය. ආශ්‍රව සහිත වූ යන අර්ථයෙන් උපාදානස්කන්‍ධයන්හි පිවිසියේය. වේදනාදියෙහි ආශ්‍රව සහිත වූත් ආශ්‍රව රහිත වූත් වශයෙන් ප්‍රභේද වේ. ඒවා ද රාශි අර්ථයෙන් සියලුම ස්කන්‍ධයන්හි පිවිසියේය. ත්‍රෛභූමික වූ ධර්මයෝ මෙහි ආශ්‍රව සහිත වූ යන අර්ථයෙන් උපාදානස්කන්‍ධයන්හි පිවිසේ."
{"6. ඛන්‌ධසුත්‌තවණ්‌ණනා
48. ඡට්‌ඨෙ රූපක්‌ඛන්‌ධො කාමාවචරො, චත්‌තාරො ඛන්‌ධා චතුභූමකා. සාසවන්‌ති ආසවානං ආරම්‌මණභාවෙන පච්‌චයභූතං. උපාදානියන්‌ති තථෙව ච උපාදානානං පච්‌චයභූතං. වචනත්‌ථො පනෙත්‌ථ – ආරම්‌මණං කත්‌වා පවත්‌තෙහි සහ ආසවෙහීති සාසවං. උපාදාතබ්‌බන්‌ති උපාදානියං. ඉධාපි රූපක්‌ඛන්‌ධො කාමාවචරො, අවසෙසා තෙභූමකා විපස්‌සනාචාරවසෙන වුත්‌තා. එවමෙත්‌ථ රූපං රාසට්‌ඨෙන ඛන්‌ධෙසු පවිට්‌ඨං, සාසවරාසට්‌ඨෙන උපාදානක්‌ඛන්‌ධෙසු."}
සීල සූත්‍රයට ආදියට හෝ අභිධර්ම පිටකයට යාමට පෙර ඛන්ධ සූත්‍රයේ “සාසවං උපාදානියං” යන වදන් නිරවුල් කරගත යුතු යැයි සිතේ.
{ඛන්ධ සූත්‍රය - https://pitaka.lk/main?n=231063
සීල සූත්‍රය - https://pitaka.lk/main?n=2310137
චූලවේදල්ල - https://pitaka.lk/main?n=18144}
[T. "මෙය සරලව පිළිතුරක් ලබා දී විසඳාගත හැකි ප්‍රශ්නයක් වුව ද, එය බොහෝ දෙනා තර්කයෙන් තොරව පිළිනොගන්නා බැවින්, මෙහි දී ගැටළුකාරී:
1. “ඛන්ධ සූත්‍රය”
2. “සීල සුත්‍රය”
3. “චූල වේදල්ල සූත්‍රය”
4. “අභිධර්ම පිටකය සබැඳි ග්‍රන්ථ”
5. “අභිධර්ම පිටකය”
අනුසාරයෙන් නඟන ප්‍රශ්න සඳහා (යථාකාලයේ දී - හැකිවිට) අනුපිළිවෙලින්, (ඒ එක් එක් ප්‍රශ්නය නැවත නඟා හෝ) පිළිතුරු ලබා දීමට අපි බලාපොරොත්තු වෙමු."
ලෙස සඳහන් කළ ද (පහත ම) "ධම්මසඞ්ගණි-අට්ඨකථා සහ ටීකා" වන්හි "රහතන්වහන්සේගේ ස්ඛන්ධයෝ “අපගේ මාමා වන තෙරණුවෝ, අපගේ සුළුපියා වන තෙරණුවෝ” (ආදී) ලෙසින් වෙනත් අයගේ උපාදානයට ප්‍රත්‍ය වෙති. ..." ලෙස පැහැදිලිව ම සඳහන් බැවින්, රහතන්වහන්සේ සතුව පවතින්නේ “පංචස්කන්ධයක්” බවත්, එය කෙලෙස් සහිත මනසකට “පංච උපාදානස්කන්ධයක්” වන බවත් නිසැකය; එමෙන් ම “සීල සුත්‍රය” අනුව “පංච උපාදානස්කන්ධයක්” විදර්ශනා කිරීමට රහතන්වහන්සේ සතුව “පංච උපාදානස්කන්ධයක්” තිබීම අවශ්‍ය නොවේ - විදර්ශනා අරමුණක් වශයෙන් “පංච උපාදානස්කන්ධය” අරමුණු කළ හැකි බැවිනි.]
{T. "උපාදිණ්ණත්තිකෙ කිඤ්චාපි ඛීණාසවස්ස ඛන්ධා ‘අම්හාකං මාතුලත්ථෙරො අම්හාකං චූළපිතුත්ථෙරො’ති වදන්තානං පරෙසං උපාදානස්ස පච්චයා හොන්ති, මග්ගඵලනිබ්බානානි පන අග්ගහිතානි අපරාමට්ඨානි අනුපාදිණ්ණානෙව. තානි හි, යථා දිවසං සන්තත්තො අයොගුළො මක්ඛිකානං අභිනිසීදනස්ස පච්චයො න හොති, එවමෙව තෙජුස්සදත්තා තණ්හාමානදිට්ඨිවසෙන ගහණස්ස පච්චයා න හොන්ති. තෙන වුත්තං – ඉමෙ ධම්මා අනුපාදිණ්ණඅනුපාදානියාති."
"කො පන වාදො ඛන්ධාරම්මණස්සාති පුබ්බාපරභාවෙන වත්තමානෙ අරහතො ඛන්ධෙ එකත්තනයවසෙන සන්තානතො “අම්හාකං මාතුලත්ථෙරො”තිආදිනා ආලම්බිත්වා පවත්තමානං උපාදානං තස්ස උපාදානක්ඛන්ධෙයෙව ගණ්හාති. සතිපි තංසන්තතිපරියාපන්නෙ ලොකුත්තරක්ඛන්ධෙ තත්ථ පවත්තිතුං අසමත්ථභාවතො කා පන කථා ඛන්ධෙ ආරබ්භ පවත්තමානෙ. එතෙන නත්ථි මග්ගො විසුද්ධියා, නත්ථි නිබ්බානන්ති එවමාදිවසෙන පවත්තා මිච්ඡාදිට්ඨිආදයො න මග්ගාදිවිසයා තංතංපඤ්ඤත්තිවිසයාති දීපිතං හොති."
"අම්හාකං මාතුලත්ථෙරොති පුග්ගලාරම්මණස්සපි උපාදානස්ස උපාදානක්ඛන්ධා එව පච්චයො, න ලොකුත්තරා, කො පන වාදො ඛන්ධාරම්මණස්ස. තෙනාහ “අග්ගහිතානී”ති."
DSA - P - 395 - B. C. C.