502. ප්‍රසාද රූපය අතීත ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. චක්ඛු විඥාණය පහළ වෙන්නෙ කලින් පහල උන ප්‍රසාද රූපයක් ඇසුරු කරගෙනද? ඒ මොහොත පහළ උන ප්‍රසාද රූපයක් ඇසුරුකරගෙනදැයි දැනගනු කැමත්තෙමි.

A / R. චක්ඛු ප්‍ර‍සාදය (ආදිය) කර්මජ කලාපක් බැවින් එය කලින් ම ඇති වූ රූප කලාපයකි = “මනුෂ්‍යයනට චක්ෂුරාදි දශක සතර පහළ වන්නේ ප්‍ර‍තිසන්ධියෙන් පසු එකොළොස් වන සතියේ අවසාන දිනයෙහි ය. දින වශයෙන් කියත හොත් පිළිසිඳීමෙන් සත් සැත්තෑවන දිනයේ ය.”;

එහෙත් එය පරම්පරා වශයෙන් පැවත ආවක්/එන්නක් බැවින් හා අතීත රූප ඉතුරු නොමැතිව ම නැතිවන (නිරෝධ) බැවින් ද සෑම මොහොතක ම චක්ඛු විඤ්ඤාණය (විඤ්ඤාණ) පහළ වෙන්නෙ ඒ මොහොතේ ඇතිවෙන ප්‍රසාදරූප(ය) ඇසුරුකරගෙන ම ය.

ආශ්‍රිත ග්‍රන්ථය - https://pitaka.lk/books/abhidharma-margaya/index.html

{A / R. “ඇවැත්නි, කෙසේ වනාහි වර්තමාන ස්කන්ධයන් කෙරෙහි තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් ඇදගනීද? ඇවැත්නි, යම්බඳු චක්ෂු ප්‍රසාදයක් වේද, යම්බඳු රූපායතනයෝ වෙත්ද, මේ දෙකම වර්තමාන වන්නේය. ඒ වර්තමාන චක්ඛු රූප දෙක්හි ඡන්දරාගය හා යෙදුණු විඤ්ඤාණය වෙයි. ඡන්දරාගය හා යෙදුනු බැවින් එහි ඇලෙන්නේය. එහි ඇලෙන්නේ වර්තමාන ස්කන්ධයන් කෙරෙහි තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් ඇදගන්නේය.

‘‘කථඤ්ච, ආවුසො, පච්චුප්පන්නෙසු ධම්මෙසු සංහීරති? යඤ්චාවුසො, චක්ඛු යෙ ච රූපා - උභයමෙතං පච්චුප්පන්නං. තස්මිං චෙ පච්චුප්පන්නෙ ඡන්දරාගප්පටිබද්ධං හොති විඤ්ඤාණං, ඡන්දරාගප්පටිබද්ධත්තා විඤ්ඤාණස්ස තදභිනන්දති, තදභිනන්දන්තො පච්චුප්පන්නෙසු ධම්මෙසු සංහීරති."}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll