Q. බුදුදහමේ ශරිරය අවලස්සන වන්නේ කර්මය නිසා බව කියනවා. අවලස්‍සන කියන දේට සමේ වර්ණයත් අදාලද? ඉට අදාල සුත්‍රයේ නම මොකක්ද?
A / R. “මානවකය, මේ ලෝකයෙහි වනාහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ද්වෙෂය බහුලකොට ඇත්තේ කිපෙන සුළු වේද, සුලු දෙයක් කියන ලදුවත් ගැටේද, කිපේද, විරුද්ධ බවට පැමිණේද, කෝපයත් ද්වෙෂයත් නොසතුටු බවත් පහළ කෙරේද, හෙතෙම මෙසේ සම්පූර්ණ කළාවූ මෙසේ සමාදන්වූ, ඒ කර්මය හේතුකොටගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ, දුකට ස්ථානවූ නොකැමැත්තෙන් වැටෙන්නාවූ, නිරයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ භේදයෙන් මරණින් මතු සැප නැත්තාවූ, දුකට ස්ථානවූ, නොකැමැත්තෙන් වැටෙන්නාවූ, නිරයෙහි නූපදී නම්, ඉදින් මිනිසත් බවට පැමිණේ නම්, යම් යම් තැනක පසුව උපදීද, ඒ කර්මය හේතුකොටගෙන අවලක්ෂණ වූවෙක් වේ. මානවකය, කිපෙන සුළුවූයේ ද්වෙෂය බහුල කොට ඇත්තේ වේද, ස්වල්ප දෙයක් කියනලදුවත් ගැටේද, කිපේද, විරුද්ධ බවට පැමිණේද, නොසතුටු වේද, කෝපයත්, ද්වෙෂයත්, නොසතුටත් ප්‍රකාශ කෙරේ නම් මේ පැවැත්ම අවලක්ෂණවීම පිණිස පවත්නේය."
A / R. "ක්‍රෝධ ඇති පුද්ගල තෙම දුර්වර්‍ණ ඇත්තේ වේ. යලිදු හෙතෙම දුකසේ සයනය කරයි."

A. “… ශරීරයාගේ යහපත් පැහැය හා ශරීරාවයවයන් ගේ යහපත් බව ද, ශරීරයා ගේ ශෝභාව ද, …. කුශල කර්මයෙන් ලැබෙන බව දක්වා තිබේ. … පැහැය හා යහපත් බව ද ශෝභනත්වය ද ඇත්තේ ඒ සෘතුජ රූප සමූහයෙහි ය. සෘතුජ රූපයන්ට අයත් ඒ යහපත් බව කර්මයෙන් වන දෙයක් සැටියට දක්වන්නේ සෘතුජ රූප සමූහයට කුශල කර්මය උපස්ථම්භන වශයෙන් ප්‍රත්‍ය වන හෙයිනි. …. ශරීර වර්ණාදිය චක්ෂුඃ ප්‍රසාදාදිය සේ කර්මයෙන් ම ඇති කරවන රූප වශයෙන් ගෙන කාරණය අවුල් නො කර ගත යුතුය.”