288. බ්‍රහ්මයන්ට තණ්හාව නැද්ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. රූප අරූප භවයන්හි කාම තණ්හා නැත්ද? කාම තණ්හා නැතිවෙන්නේ අරහත් ඵලයෙන් නේද?

A / R. “අනාගාමි මාර්ගයෙන් කාමරාගය හා ව්‍යාපාදය සම්පූර්ණයෙන් ප්‍ර‍හාණය කරනු ලැබේ. ...”
(“රූපරාග - අරූපරාග සහිත දෘෂ්ටිවිප්‍ර‍යුක්ත සිත් සතර හා උද්ධච්ච සහගත සිත අනාගාමි පුද්ගලයාට ඉතිරි ව ඇත්තේ ය.”)
[“රූපරාග - අරූපරාග - මාන - උද්ධච්ච - අවිජ්ජා යන මේවා අර්හත් මාර්ගයෙන් නිරවශේෂයෙන් ප්‍ර‍හාණය කරනු ලැබේ.
(සිත් වශයෙන් මෙසේ ය:- රූපරාග - අරූපරාග මාන සහිත වූ සූක්ෂ්ම දෘෂ්ටිවිප්‍ර‍යුක්ත සිත් සතර හා උද්ධච්ච සහගත සිත ද අර්හත් මාර්ගයෙන් ප්‍ර‍හාණය කරනු ලැබේ. අර්හත් පුද්ගලයාට ඉතිරි කෙලෙස් නැත්තේ ය.)”]

 A / R. “… එබැවින් ලෝභ මූල සිත් රූපාවචර අරූපාවචර භූමිවල ලැබේ. …”
(රූපාවචර භූමියෙහි ද්වේෂ මූල සිත් දෙකය, ඝාන - ජිව්හා - කාය විඤ්ඤාණ සයය, මහා විපාක අටය යන මේ සිත් දහසය හැර ඉතිරි වීථි සිත් හැට හතර ලැබේ.
අරූපාවචර භූමියෙහි ලෝභ මූල සිත් අටය, මෝහ මූල දෙකය, මනෝද්වාරාවජ්ජනය ය, මහා කුසල් අටය, මහා ක්‍රියා අටය, අරූපාවචර කුසල ක්‍රියා අටය, ප්‍ර‍ථම මාර්ගය හැර ලෝකෝත්තර සිත් සතය යන සිත් සතළිස් දෙක ලැබේ.)


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll