818. බලු වෙන්ඩ එපා!

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. රිලව්, වඳුරෝ, බල්ලෝ වෙලා උපදින්නේ මානය නිසා ද?

A / R. "මේ ලොකයෙහි සියලු සත්ත්වයෝම ලොභ ද්වෙෂ මොහයෙන් නරකාදී සතර අපායෙහි උපදනාහ. අලොභ අද්වෙෂ අමොහයෙන් ස්වාර්ගයෙහි උපදනාහ. එසේ හෙයින් කිසිවස්තුවෙක ලොභයක්වත් කිසිකෙනෙකුන් කෙරෙහි වෙෂයක්වත් කිසිවස්තුවෙක මෙහයෙක් වත් නොකොට යුත්තේය.ආස්තරණ පාපූර්ණාදියෙහි ලොභයෙන් එහි ඉණිකුණු ආදීව උපදනාහ. ඇඳ පුටු ආදියෙහි ලොභයෙන් එහි මකුණු ආදීව උපදනාහ. කෙත්වත් අරම් ආදියෙහි ලොභයෙන් එහි ඌරු ආදීව උපදනාහ. ගෘහ පරිස්කාරයෙහි ලොභයෙන් එහි ගැරඩි ආදීව උපදනාහ. වැව් ආදියෙහි ලොභයෙන් එහි මඩු ආදීව උපදනාහ. ධනධාන්ය යෙහි ලොභයෙන් එහි සර්ප මූෂිකාදීව උපදනාහ. උයන් ආදියෙහි ලොභයෙන් ගොම පැණි ආදීව උපදනාහ. මාතුගාමාදීන් කෙරෙහි ලොභයෙන් ඔවුන් කුස පණු ආදීව උපදනාහ. ද්වෙෂයෙන් නාග රාක්ෂ සාදීව උපදනාහ. මානයෙන් වඳුරු ආදීව උපදනාහ.

“කොධෙන පණ්ණගොහොති, අති කොධෙන රක්ඛසො

මානෙන මක්කටො හොති, අති මානෙන කුක්කුරො”යි"

(මානේන මක්කටෝ හෝති, අති මානේන කුක්කුරෝ හෝති.)

R / R. අනාගත වංශය මෙතේ බුදුසිරිත - විල්ගම්මුල සංඝරාජ හිමි.

A / R. "මහා පිනැති පුණ්ණා කුමරිය දාසියක වීමට හේතුව

මෙතුමිය සැවැත් නුවර වතුර අදින දාසි ගෙදරක ඉපදුණ අතර පුණ්ණා යන නම ඇයට හිමි වූවා ය. පෙර ඕ තොමෝ විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසඳ, කෝණාගමන, කාශ්‍යප යන සෑම බුදු සසුනක ම පැවිදිව සිල්වත්, ගුණවත්, බහුශ්‍රැත, ප්‍රියශීලි, ධර්ම කථික මෙහෙණක් ලෙස වාසය කළා ය. බොහෝ ධර්ම කථික බැවින් ජනයා අතර ප්‍රසිද්ධ වූවා ය. තම බහුශ්‍රැතභාවය හේතුවෙන් එක ප්‍රියශීලි මෙහෙණක් පහත්කොට සිතූ පවින් ආත්ම ගණනක් දාසියක් වී උපන්නා ය.

මේ දිවියේ ද එසේ කර්මය විපාක දුන් නමුදු පෙර මහණ දම් පිරූ පිනින් රහත් බවට පත් වූවා ය. මානය යනු පහත් ක්ලේශයකි. “මානෝ මක්කටෝ අති මානෝ කුක්කුරෝ” යැයි බුදු රජාණන් වහන්සේ වදාරා ඇති පරිදි මානය හේතුවෙන් වඳුරන් වේ. අධිකව උඩුඟු වීම, අහංකාර වීම හේතුවෙන් සුනඛයන්ව ඉපදේ, මනුලොව මිනිසකු වී ඉපදුන ද පහත් කුලයකම ඉපදේ.

(අපදාන පාලියේ පුණ්ණා ථේරි අපදානය)"

"200 ‘‘භාවනාය මහාපඤ්ඤා, සුතෙනෙව සුතාවිනී;
මානෙන නීචකුලජා, න හි කම්මං විනස්සති (පනස්සති (ස්‍යා.)).
200 “භාවනා බලයෙන් මහ පැණැත්තියක් වීමි. බහුශ්‍රුත බලයෙන් ශ්‍රුතවත් තැනැත්තියක් වීමි. මානය කරණකොටගෙන පහත් කුලයෙහි උපන්නී වෙමි. කර්‍මය නම් විනාශ නොවේ."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

[Watch in 4K — Recommended Resolution.]

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]

෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll