377. අනුපස්සනා ද විපස්සනා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. අනුපස්සනා හා විපස්සනා කියන්නේ මොනවා ද?

A / R. (අවසරයි අපෙ හාමුදුරුවනෙ!)
“තත්‌ථ කතමා අනුපස්‌සනා? යා පඤ්‌ඤා පජානනා…පෙ.… අමොහො ධම්‌මවිචයො සම්‌මාදිට්‌ඨි – අයං වුච්‌චති ‘‘අනුපස්‌සනා’’.
“එහි අනුපස්සනා කවර යත්: ***යම් ප්‍රඥාවක් පජානනාකාරයෙක් … අමෝහයෙක් ධර්මවිචයෙක් සම්‍යග්දෘෂ්ටියක් වේ ද, මේ ‘අනුපස්සනා’ යි කියනු ලැබේ.”

http://www.thripitakaya.org/tipitakaya/Index/731?s=24006

“අනිච්‌චාදිවසෙන විවිධෙහි ආකාරෙහි ධම්‌මෙ පස්‌සතීති විපස්‌සනා.”
“... අනාත්මය අනුව බැලීම් විසිපහකි. අනිත්‍යය අනුව බැලීම් පණහකි. දුක් අනුව බැලීම් එකසියවිසිපහකි. ...”

https://pitaka.lk/main?n=54129

***“දුඃඛසත්‍යයෙහි ඥානය, දුඃඛසමුදයෙහි ඥානය, දුඃඛනිරෝධයෙහි ඥානය, දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදායෙහි ඥානය, පූර්වාන්තයෙහි ඥානය, අපරාන්තයෙහි ඥානය, පූර්වාන්තාපරාන්තයෙහි ඥානය, ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්න ධර්මයන්හි ඥානය, යන මෙබඳු වූ ***යම් ප්‍රඥාවක් පජානනාකාරයෙක් (අනිත්‍යාදිය) විමසීමෙක් වෙසෙසින් විමසීමෙක් (අනිත්‍යාදීන්ගේ ලක්ෂණ වශයෙන්) සැලකීමෙක් උපලක්ෂණයෙක් ප්‍රත්‍යූපලක්ෂණයෙක් පණ්ඩිත බවෙක් කුසල බවෙක් නිපුණ බවෙක් (අනිත්‍යාදීන්ගේ) විභාවනයෙක් චින්තායෙක් උපපරීක්ෂාවෙක් භූරිප්‍රඥාවෙක් මේධා (ධාරණප්‍රඥා) වෙක් පරිණායිකාවක් විදර්ශනාවක් සම්‍යග්ඥානයෙක් (ප්‍රඥා) පතෝදයෙක් ප්‍රඥාවක් ප්‍රඥේන්ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රෙයක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥා ආලෝකයෙක් ප්‍රඥා අවභාසයෙක් ප්‍රඥා ප්‍රද්‍යෝතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ අමෝහය යි කියනු ලැබේ.”

A / R. 1363. තත්ථ කතමා විපස්සනා? යා තස්මිං සමයෙ පඤ්ඤා පජානනා විචයො පවිචයො ධම්මවිචයො සල්ලක්ඛණා උපලක්ඛණා පච්චුපලක්ඛණා පඬිච්චං කොසල්ලං නෙපුඤ්ඤං වෙභබ්යා චින්තා උපපරික්ඛා භූරී මෙධා පරිණායිකා විපස්සනා සම්පජඤ්ඤං පතොදො පඤ්ඤා පඤ්ඤිඳ්‍රියං පඤ්ඤාබලං පඤ්ඤාසත්ථං පඤ්ඤාපාසාදො පඤ්ඤාාලොකො පඤ්ඤාොභාසො පඤ්ඤාපජ්ජොතො පඤ්ඤාරතනං අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි -- අයං වුච්චති විපස්සනා

අභිධර්ම පිටකය, ධම්මසඞ්ගණී, නික්ඛෙපකඬං, සුත්තන්තිකදුකනික්ඛෙපං.

යම් ප්‍රඥාවක් විශේෂ දැනීමක් , (අනිත්‍යාදිය) විමසීමක්, වෙසෙසින් විමසීමක්, (අනිත්‍යාදීන්ගේ ලක්ෂණ වශයෙන්) සැලකීමක්, උපලක්ෂණයෙක් (වෙනස සලකා බැලීම), ප්‍රත්‍යූපලක්ෂණයෙක් (පෙරළා නවත වෙනස සලකා බැලීමක්)., පණ්ඩිත බවෙක් , කුසල බවෙක් නිපුණ බවෙක් (අනිත්‍යාදීන්ගේ) විභාවනයෙක් චින්තායෙක් උපපරීක්ෂාවෙක් භූරිප්‍රඥාවෙක් මේධා (ධාරණප්‍රඥා) වෙක් පරිණායිකාවක් විදර්ශනාවක් සම්‍යග්ඥානයෙක් (ප්‍රඥා) පතෝදයෙක් ප්‍රඥාවක් ප්‍රඥේන්ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රෙයක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥා ආලෝකයෙක් ප්‍රඥා අවභාසයෙක් ප්‍රඥා ප්‍රද්‍යෝතයෙක් ප්‍රඥාරත්නයෙක් . අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් ඇද්ද, මෝ ‘විපස්සනා’ යයි කියනුලබා.

357. අනුපස්සීති. තත්ථ කතමා අනුපස්සනා? යා පඤ්ඤා පජානනා
විචයො පවිචයො ධම්මවිචයො සල්ලක්ඛණා උපලක්ඛණා පච්චුපලක්ඛණා පඬිච්චං කොසල්ලං නෙපුඤ්ඤං වෙභබ්යා චින්තා උපපරික්ඛා භූරී මෙධා පරිණායිකා විපස්සනා සම්පජඤ්ඤං පතොදො පඤ්ඤා පඤ්ඤිඳ්‍රියං පඤ්ඤාබලං පඤ්ඤාසත්ථං පඤ්ඤාපාසාදො පඤ්ඤාාලොකො පඤ්ඤාොභාසො පඤ්ඤාපජ්ජොතො පඤ්ඤාරතනං අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි -- අයං වුච්චති “අනුපස්සනා”. ඉමාය අනුපස්සනාය උපෙතො හොති සමුපෙතො උපාගතො සමුපාගතො උපපන්නො සම්පන්නො සමන්නාගතො. තෙන වුච්චති “අනුපස්සී”ති.

අභිධර්ම පිටකය, විභඞ්ග, සතිපට්ඨානවිභඞ්ගො, සුත්තන්තභාජනීයං, කායානුපස්සනානිද්දෙසො.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll