732. කාමයෙහි වරදවා හැසිරුණු සියලු දෙනා සතර අපා ගත වෙනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. තෙරුවන් සරණයි,

1. කාමයේ වරදවා හැසිරීම අකුසලයක් වීමට සම්පුර්ණ විය යුතු කරුණු මොනවාද?

2. කාමයෙහි වරදවා හැසිරුණු සියලු දෙනා සතර අපා ගත වෙනවාද?

3. මෙම අකුසලය කුසල මගින් අහෝසි කර ගත් හැකිද?

A. 1. මේ පිළිබඳව බොහෝ වාරයක් සාකච්ඡා වී ඇත - සොයා බලන්න (හෝ පහත ම සබැඳියෙන් පිවිසෙන්න).

"කාම මිථ්‍යාචාරය යනු කාමයෙහි වරදවා හැසිරීම ය. නොහොත් ලෝක චාරිත්‍ර‍යට අනුකූල නො වන පරිදි කාමයෙහි හැසිරීම ය. සැමියකු විසින් හෝ මා පිය සහෝදරාදීන් විසින් හෝ ආරක්ෂා කරන්නා වූ ස්ත්‍රියක හා බලයෙන් හෝ සතුටු කරවා ගැනීමෙන් හෝ කාමයෙහි වරදවා හැසිරීමෙන් පුරුෂයනට කාමමිථ්‍යාචාර පාපය වේ. තමන් රක්ෂා කරන්නා වූ පුරුෂයකු සිටිය දී පරපුරුෂයන් හා කාමයෙහි හැසිරීමෙන් ස්ත්‍රීන්ට කාම මිථ්‍යාචාර පාපය වේ. හිමියන් නැති මා පියාදීන් විසින් රක්ෂා කරන ස්ත්‍රීන් හා කාමයේ හැසිරීමෙන් පුරුෂයන්ට පමණක් කාමමිථ්‍යාචාර පාපය වේ. සැමියකු විසින් රක්ෂා කරන ස්ත්‍රියක හා කාමයෙහි වරදවා හැසිරීමෙන් ස්ත්‍රී පුරුෂ දෙදෙනාට ම පාපය වේ.

(1) සේවනය නො කළ යුතු ස්ත්‍රියක හෝ පුරුෂයකු වීම ය. (2) සේවන චිත්තය ඇති වීම ය. (3) සේවනයට උත්සාහ කිරීම ය. (4) සේවනය ඉවසීම හෙවත් එහි ආස්වාදය විඳීම ය යන අංග සතර සම්පූර්ණ වීමෙන් කාම මිථ්‍යාචාර කර්මය වේ. ප්‍රයෝග විසින් වනාහි ස්වහස්තික ප්‍රයෝගයෙන් ම මෙය සිදු වේ. අනුන් ලවා ප්‍රාණඝාතය කරවීමෙහි දී කරවන්නා හට ද කර්මය සිදුවන්නාක් මෙන් මෙය අනුන් ලවා කරවීමෙන් සිදුවන කර්මයක් නො වේ. අනුන්ගේ නියෝගයකින් කළේ ද කර්මය කළ අයට මිස අණ කළ අයට හිමි නො වේ."

2. නැත.

3. හැක - ඉන් මුල්ම අංකයට (පළමු ම) තැනට එන්නේ “කාමයේ වරදවා හැසිරීමෙන්” වැළකී සිටීම ම ය.

{කාම මිථ්‍යාචාරයේ විපාක.

“කාම මිථ්‍යාචාර කර්මය කළාහු මෙලොව දී නින්දාවට භාජන වෙති. සමහර විට අනුන්ගෙන් පහර ලැබ මැරෙන තරම් මහ දුකට පත් වෙති. සමහර විට මරණයට ම ද පත් වෙති. සිර ගෙයි වැටීමෙන් ද මහත් දුකට පත් වෙති. මරණින් මතු ද නරකයෙහි ඉපද, සොළොස් අඟුල් දික් කටු ඇති ඉඹුල් ගස්වලට නංවනු බස්වනු ලබමින් වර්ෂ දහස් ගණන් දුක් විඳිති. නරකයෙන් මිදුණු පසු ද තිරිසන්ව සිය ගණන් ජාතිවල දී බීජෝත්පාටනාදි දුක් ලබති. මිනිස් බව ලැබූ කල්හි දු සිය ගණන් ජාතිවලදී නපුංසකාදීහු වෙති. පුරුෂයෝ ස්ත්‍රීහු වෙති. ස්ත්‍රීහු ස්ත්‍රීත්වයෙන් නෙ මිදෙති. විරූප වෙති. ජනයාට අප්‍රිය වෙති. බොහෝ සතුරන් ඇත්තෝ වෙති. රෝගීහු වෙති.”

https://pitaka.lk/books/bauddhayage-athpotha/9-3-2.html}

https://pitaka.lk/books/bauddhayage-athpotha/9-3.html

> Q. ලිංගික (ස්වයංවින්දනය - නිත්‍යානුකූල / ධාර්මික කාම සේවනය - සමලිංගික සේවනය - වැරදි කාම සේවනය - ආදී) චර්යාවලින් දුගතිගාමී විය හැකි චර්යා මොනවා ද? දුගතිගාමී විය නො හැකි චර්යා මොනවා ද?

[මෙහිදී, “කර්ම” = ලෝභ /ද්වේෂ / මෝහ අකුසල් ක්‍රියා; “කර්ම පථය” = දස අකුසල් / ඉන් එකක් හෝ.]

A. ඉහත චර්යාවලින් “කර්ම” පමණක් වන චර්යා මඟින් (“කර්ම” පමණක් වන අයව / පාර්ශව) දුගතියට පමුණුවන බව අපැහැදිලි ය - එය සිදුවන්නේ මෙසේය: ඉහත (ඕනෑම) චර්යාවක් හෝ ඒ (ඕනෑම) චර්යාවක් සඳහා අදාළ වූ තමා හෝ අනුන් හෝ තමාගේ හෝ අනුන්ගේ හෝ ශරීරය, ශරීර කොටසක් (අඟ-පසඟ), ශරීර අනුකොටසක්, රූප-ශබ්දාදිය, අවස්ථා ආදිය, සිත්-සිතුවිලි ආදිය, සංසර්ගය-වින්දනය ආදී ක්‍රියා, චිත්තරූප-මනෝ සංකල්ප, උපකරණ, සිත්-සිතුවිලි ආදියෙන් (නිමිති - අනුනිමිති වලින්) කුමක් හෝ මරණාසන්න වෙලාවේ දී තමාට අරමුණු වුවහොත් (කර්ම - කර්ම නිමිති), ඒ අරමුණ උපාදානය වී ලෝභ සිත් (ලෝභ මූල) හෝ තරහ සිත් (ද්වේශ මූල) හෝ මුලා සිත් (දිට්ඨි සිත් හා පළමු මෝහ සිත) ඇතිවී, දැඩි ලෝභය (අභිධ්‍යා) හෝ දැඩි තරහව (ව්‍යාපාද) හෝ දැඩි මුලාව (මිත්‍යා දිට්ඨි) “කර්ම පථයක්” ඇති කොට එමඟින් ද දුගතිගාමී වේ - බොහෝ දෙනා දුගතිගාමී වීමට මෙම සංසිද්ධිය ප්‍රධාන හේතුවකි.

ඉහත චර්යාවලින් “කර්ම පථය” වන චර්යා මඟින් දුගතියට පමුණුවන බව පැහැදිලි ය.

එසේ නම්,

1. “අකුසල කර්ම පථ” මඟින් ඍජුව ම දුගතිගාමී වන බවත්,

2. “අකුසල කර්ම” මඟින් වක්‍රව දුගතිගාමී වන බවත්, පැහැදිලි විය යුතු ය.

{එසේ ම “අකුසල කර්ම පථ” හා “අකුසල කර්ම” යන කර්ම කොටස් දෙකෙන් ම “දුක් විපාක” (දුගතිගාමී වීම හා දුකසේ ජීවත් වීම / දුක් විඳීම) ඇති කරන බව ද පැහැදිලි විය යුතු ය.} <

☛ “කර්ම පථ” ඍජුව ම හොඳ හෝ නරක උපතක් ලබා දීමට හේතු වන අතර, “කර්ම” ඍජුව ම සැප හෝ දුක් ගෙන දීමට හේතු වේ.

(කරුණාකර, “වක්‍ර විපාක” හා “අවශ්‍ය සෙස්ස” පහත උපුටනයෙන් ගම්‍ය/මතු කර ගැනීමට දක්ෂ වෙන්න.)
[උපකාරකය: ප්‍ර‍තිසන්ධිය = උපත.]

“>කර්මපථය< යි කියනු ලබන්නේ ප්‍ර‍තිසන්ධිය ගෙන දෙන්නා වූ කර්මයන්ට ය. ප්‍ර‍තිසන්ධිය ගෙන දීමේ ඒකාන්ත බවක් නැත්තා වූ කර්මයන්ට >කර්ම< යන නාමය පමණක් කියනු ලැබේ.” ☚

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll