137. “වසවර්ති මාරයා” ...?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. වසවත්ති මාරයා පරිනිම්මිත වසවත්ති නම් දෙව් ලොවෙන් ආ අයෙක් ද?

A / R. "දේවපුත්‍ර‍ මාරයා ය කියනුයේ දිව්‍ය ලෝකවලින් උසස් දිව්‍ය ලෝකය වන පරනිර්මිත වශවර්තී නම් දෙව්ලොව එක් පෙදෙසක අධිපතිකම් කරන දෙවියෙකි. ඔහුගේ විෂය ඉක්මවන්නට තැත් කරන බෝසතුන්ට ඔහු විරුද්ධ ය. මහ බෝසතුන් මරන්නට තැත් කරයි. එබැවින් ඔහුට මාරය යි කියනු ලැබේ. එදා මහා බෝධි සත්ත්වයන් වහන්සේ බෝධි මූලයේ අපරාජිත පර්‍ය්‍යඞ්කයේ වැඩ සිට පළමුවෙන් ම උන් වහන්සේ හා යුදයට පැමිණි ඒ වසවත් මරු පරාජය කළහ.

A. ‘පරනිම්‌මිතවසවත්‌ති’ නම් දිව්‍ය ලෝකයේ එක් ප්‍රදේශයක රජකම් කරන රජු “වසවර්ති මාරයා” යි.


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll