905. ප්‍රතිපත්ති පූජාව කුමක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. බුදුරජාණන් වහන්සේ උදෙසා කලහැකි ප්‍රතිපත්ති පුජා මොනවද?

A. ප්‍රතිපත්ති පූජාව = “ගෝත්‍රභූ සිත” දක්වා ඇති “සප්ත විශුද්ධිය” (වැඩීම / පිරීම).

"එහි ධම්මානුධම්ම පටිපන්නො යනු නවආකාර ලෝකෝත්තර ධර්මයන් අනුධර්මයනුත් පූර්වභාග ප්‍රතිපදාවට පිළිපන්නේ එම ප්‍රතිපදාවම සුදුසු බැවින් සාමීචි (නිවැරදි පිළිවෙල) යයි කියනු ලැබේ. ඒ නියම ප්‍රතිපදාවට පත්වූයේනුයි = සාමීචිපටිපන්නො - එම පූර්වභාග ප්‍රතිපදා සංඛ්‍යාත අනුධර්මයේ හැසිරෙයි. පුරයි. අනුධම්මචාරී නම් වේ.
පුබ්බභාග ප්‍රතිපදාව නම් සීලය නම් වූ ආචාර ප්‍රඥප්තියත් ධුතංග සමාදානයෙන් ගෝත්‍රභූ සිත දක්වා සම්මා පටිපදා යැයි දතයුතුයි. ඒ නිසා යම් භික්‍ෂුවක් අගුරු වූ කාරණා සයක පිහිටා පැනවීම ඉක්මවා යයිද නුසුදුසු ලෙස ජීවිකාව කෙරේද මේ ධම්මානුධම්ම පටිපදාවට පිළිපන්නේ නොවෙයි. යමෙක් වනාහි තමාට පනවන ලද ශික්‍ෂාපද, ශාස්තෲන් වහන්සේ නමැති වෙරළ, තථාගයන් නමැති සීමාව තථාගතයන් නමැති සීමා නූල (කලු නූල) අණුමාත්‍රයක්වත් නොඉක්මවයි. මේ ධර්මානුධර්ම ප්‍රතිපදාවට පිළිපන් වන්නේය. භික්‍ෂුණියටද එසේමය. යම් උපාසකයෙක් පංච වෛරයන්, දශ අකුසල කර්මපථයන් සමාදන්ව ජීවත්වෙයිද මෙය ධර්මානුධර්ම ප්‍රතිපදාවට පිළිපන්නේ නොවෙයි. යමෙක් වනාහි තුන්සරණයෙහි පිහිටා පන්සිල් දසසිල් සම්පූර්ණ කරන්නේ වෙයිද මසකට උපොසථ අටක් කරයිද දන් දෙයිද සුවඳ පූජා මල් පූජා කරයිද මවට උපස්ථාන කරයිද පියාට උපස්ථාන කරයිද ධාර්මික ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට උපස්ථාන කරයිද මොහු ධර්මානුධර්ම ප්‍රතිපදාවට පිළිපන් තැනැත්තා වන්නේය. උපාසිකාවටද එසේමය.
පරමාය පූජාය යනු උතුම් පූජාවෙන්. මෙය නිරාමිස පූජාවට මගේ ශාසනය රඳා සිටින්නට හැකිවෙයි. යම්තාක් මේ සිව්පිරිස මා මේ පූජාවෙන් පුදන්නාහුද එතෙක් කල් මාගේ ශාසනය නබෝමැද පූර්ණ චන්ද්‍රයා මෙන් බබලන්නේ යයි දක්වයි."

"... දහමෙහිම රිසි ඇතිව - දහමෙහි ඇලෙන මහණහු
සමත විදසුන් වඩමින් - දහමින් නො පිරිහේ මැයි.
ධර්මය සොයන ධර්මයේ ඇලුන ධම්මාරාම ධර්මය සිහිකරන භික්ෂුව දහමින් නොපිරිහේ.
එහි නිවසන තැනින් සමථ විපස්සනා ධර්මය සේවනය නිසා ධම්මා රාම නම් එහිම ධර්මයේ ඇලුනේ ධම්ම රත නම් වේ. ධර්මයට නැවත නැවත සිතන නිසා ආවර්ජනය කරන්නේ සිහිකරන්නේ යන අර්ථයි ධම්මං අනුවිචින්තයං යමෙක් ඒ ධර්මය ආවර්ජනා කරන්නේද, සිහිකරන්නේද යන අර්ථයි. අනුස්සරං ධර්මයම සිහිපත් කරන්නේ, සදධම්මා මෙබඳු භික්ෂුව සත්තිස් බෝධි පාක්ෂික ධර්ම නව විධ ලෝකෝත්තර ධර්මය යන්ගෙන් නොපිරිහේ යන අර්ථයි. ..."

"... ගාථාවසානයෙහි අසුහාර දහසක් ප්‍රාණීන්ට ධර්‍මාවබෝධය විය. මෙසේ ඒ පූජනීය උතුමන්ට කරන ස්වල්ප වූ ද පුජාව බොහෝ කලක් හිත සුව පිණිස වේ යයි දත යුතුය. ඒද ආමිස පූජාවය. ප්‍රතිපත්ති පූජාව පිළිබඳව කියනුම කවරේද. යම් හෙයකින් යම් කුල පුත්‍රයෝ සරණාගමන හා ශික්ෂාපද පිළිගැනීමෙන් ද උපොසථාඞ්ග සමාදානයෙන් ද චතුපාරිශුද්ධි ශීලාදියෙන්ද යන තමාගේ ශීල ගුණයන්ගෙන් භාග්‍යවතුන් වහන්සේ පුදත්ද ඔවුන්ගේ පූජාඵලය කවරෙක් නම් වර්‍ණනා කරන්නෝද? ඔවුන් විසින් තථාගතයන් වහන්සේ උතුම්ම පුජාවෙන් පුදනු ලබත් යයි කියන ලදී
“ආනන්දය, යම් භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසකයෙක් හෝ උපාසිකාවක හෝ ධම්මානු ධර්‍ම ප්‍රතිපන්නව සම්‍යක් ප්‍රතිපත්තියෙන් යුක්තව ධර්‍මයට අනුව හැසිරෙන්නෙක්ව වාසය කෙරේද හෙතෙම තථාගතයන් වහන්සේට උතුම්ම පූජාවෙන් සත්කාර කෙරේ, ගරු කෙරේ, බුහුමන් කෙරේ, පූජා කෙරේයි යම්සේ වදාළේද (එහෙයිනි) ..."

“සප්ත විශුද්ධිය” = https://pitaka.lk/books/vidarshana-bhavana-kramaya/5.html >>>

A. “යමෙක් තිසරණය පඤ්චශීලය දශශීලය සම්පූර්ණ කෙරේ ද, මාසයෙහි පොහෝ දින අටෙහි පෙහෙවස් වෙසේ ද, දන් දෙයි ද, සුවඳ පූජා කෙරේ ද, මල් පූජා කෙරේ ද, මවට උපස්ථාන කෙරේ ද, පියාට උපස්ථාන කෙරේ ද, ධාර්මික ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට උපස්ථාන කෙරේ ද, ඒ තැනැත්තා ධර්මය අනුව පිළිපන්නේ නම් වන්නේ ය.

මේ අටුවා පාඨයෙන් දැක්වෙන දන් දීම සුවඳ මල් පිදීම මව්පියන්ට ධාර්මික ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට උපස්ථාන කිරීම යන මේවා ධර්මානුධර්ම ප්‍රතිපත්ති බවය. ප්‍රතිපත්තිය සම්‍යක් ප්‍රතිපත්ති, මිථ්‍යා ප්‍රතිපත්ති වශයෙන් දෙයාකාර වේ. මේ ප්‍රතිපත්ති පූජා කථාවෙහි අදහස් කරන්නේ සම්‍යක් ප්‍රතිපත්තිය ය. එනම් බුදුරදුන් විසින් නො කළ යුතු යයි වදාළ දේවල් වලින් වැළකීමත් කළ යුතු යයි වදාළ දේවල් කිරීමත්ය. යමෙක් බුදුරදුන් විසින් කළ යුතු යයි වදාරා ඇති දානාදී පින්කම් වලින් කුමක් හෝ කෙරේ නම් එය ප්‍රතිපත්ති පූජාව බව දත යුතුය.”





"සත්තමෙ ¶ ¶ ධම්මානුධම්මපටිපන්නස්සාති එත්ථ ධම්මො නාම නවවිධො ලොකුත්තරධම්මො, තස්ස ධම්මස්ස අනුධම්මො සීලවිසුද්ධිආදි පුබ්බභාගපටිපදාධම්මො, තං ධම්මානුධම්මං පටිපන්නස්ස අධිගන්තුං පටිපජ්ජමානස්ස. අයමනුධම්මො හොතීති අයං අනුච්ඡවිකසභාවො පතිරූපසභාවො හොති. වෙය්‍යාකරණායාති කථනාය. ධම්මානුධම්මපටිපන්නොයන්ති යන්ති කරණත්ථෙ පච්චත්තවචනං. ඉදං වුත්තං හොති – යෙන අනුධම්මෙන තං ධම්මානුධම්මං පටිපන්නොති බ්‍යාකරමානො සම්මදෙව බ්‍යාකරොන්තො නාම සියා, න තතොනිදානං විඤ්ඤූහි ගරහිතබ්බො සියාති. යන්ති වා කිරියාපරාමසනං, තෙනෙතං දස්සෙති “යදිදං ධම්මස්සෙව භාසනං, ධම්මවිතක්කස්සෙව ච විතක්කනං තදුභයාභාවෙ ඤාණුපෙක්ඛාය, අයං ධම්මානුධම්මපටිපන්නස්ස භික්ඛුනො තථාරූපො අයන්ති කථනායානුරූපහෙතු අනුච්ඡවිකකාරණං. භාසමානො ධම්මංයෙව භාසෙය්‍යාති කථෙන්තො චෙ දසකථාවත්ථුධම්මංයෙව කථෙය්‍ය, න තප්පටිපක්ඛමහිච්ඡතාදිඅධම්මං."

"භගවා පන යමකසාලානං අන්තරා දක්ඛිණෙන පස්සෙන නිපන්නොයෙව පථවීතලතො යාව චක්කවාළමුඛවට්ටියා, චක්කවාළමුඛවට්ටිතො ච යාව බ්‍රහ්මලොකා සන්නිපතිතාය පරිසාය මහන්තං උස්සාහං දිස්වා ආයස්මතො ආනන්දස්ස ආරොචෙසි. තෙන වුත්තං – “අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං…පෙ… තථාගතස්ස පූජායා”ති. එවං මහාසක්කාරං දස්සෙත්වා තෙනාපි අත්තනො අසක්කතභාවමෙව දස්සන්තො න ඛො, ආනන්ද, එත්තාවතාතිආදිමාහ.
ඉදං වුත්තං හොති – “ආනන්ද, මයා දීපඞ්කරපාදමූලෙ නිපන්නෙන අට්ඨ ධම්මෙ සමොධානෙත්වා අභිනීහාරං කරොන්තෙන ¶ න මාලාගන්ධතූරියසඞ්ගීතානං අත්ථාය අභිනීහාරො කතො, න එතදත්ථාය පාරමියො පූරිතා. තස්මා න ඛො අහං එතාය පූජාය පූජිතො නාම හොමී”ති.
කස්මා ¶ පන භගවා අඤ්ඤත්ථ එකං උමාපුප්ඵමත්තම්පි ගහෙත්වා බුද්ධගුණෙ ආවජ්ජෙත්වා කතාය පූජාය බුද්ධඤාණෙනාපි අපරිච්ඡින්නං විපාකං වණ්ණෙත්වා ඉධ එවං මහන්තං පූජං පටික්ඛිපතීති? පරිසානුග්ගහෙන චෙව සාසනස්ස ච චිරට්ඨිතිකාමතාය. සචෙ හි භගවා එවං න පටික්ඛිපෙය්‍ය, අනාගතෙ සීලස්ස ආගතට්ඨානෙ සීලං න පරිපූරෙස්සන්ති, සමාධිස්ස ආගතට්ඨානෙ සමාධිං න පරිපූරෙස්සන්ති, විපස්සනාය ආගතට්ඨානෙ විපස්සනාගබ්භං න ගාහාපෙස්සන්ති. උපට්ඨාකෙ සමාදපෙත්වා පූජංයෙව කාරෙන්තා විහරිස්සන්ති. ආමිසපූජා ච නාමෙසා සාසනං එකදිවසම්පි එකයාගුපානකාලමත්තම්පි සන්ධාරෙතුං න සක්කොති. මහාවිහාරසදිසඤ්හි විහාරසහස්සං මහාචෙතියසදිසඤ්ච චෙතියසහස්සම්පි සාසනං ධාරෙතුං න සක්කොන්ති. යෙන කම්මං කතං, තස්සෙව හොති. සම්මාපටිපත්ති පන තථාගතස්ස අනුච්ඡවිකා පූජා. සා හි තෙන පත්ථිතා චෙව, සක්කොති සාසනඤ්ච සන්ධාරෙතුං, තස්මා තං දස්සෙන්තො යො ඛො ආනන්දාතිආදිමාහ.
තත්ථ ධම්මානුධම්මප්පටිපන්නොති නවවිධස්ස ලොකුත්තරධම්මස්ස අනුධම්මං පුබ්බභාගපටිපදං පටිපන්නො ¶. සායෙව පන පටිපදා අනුච්ඡවිකත්තා “සාමීචී”ති වුච්චති. තං සාමීචිං පටිපන්නොති සාමීචිප්පටිපන්නො. තමෙව පුබ්බභාගපටිපදාසඞ්ඛාතං අනුධම්මං චරති පූරෙතීති අනුධම්මචාරී.
පුබ්බභාගපටිපදාති ච සීලං ආචාරපඤ්ඤත්ති ධුතඞ්ගසමාදානං යාව ගොත්‍රභුතො සම්මාපටිපදා වෙදිතබ්බා. තස්මා යො භික්ඛු ඡසු අගාරවෙසු පතිට්ඨාය පඤ්ඤත්තිං අතික්කමති, අනෙසනාය ජීවිකං කප්පෙති, අයං න ධම්මානුධම්මප්පටිපන්නො. යො පන සබ්බං අත්තනො පඤ්ඤත්තං සික්ඛාපදං ජිනවෙලං ජිනමරියාදං ජිනකාළසුත්තං අණුමත්තම්පි න වීතික්කමති, අයං ධම්මානුධම්මප්පටිපන්නො නාම. භික්ඛුනියාපි එසෙව නයො. යො උපාසකො පඤ්ච වෙරානි දස අකුසලකම්මපථෙ සමාදාය වත්තති අප්පෙති, අයං න ධම්මානුධම්මප්පටිපන්නො. යො පන තීසු සරණෙසු, පඤ්චසුපි සීලෙසු, දසසු සීලෙසු පරිපූරකාරී හොති, මාසස්ස අට්ඨ උපොසථෙ කරොති, දානං දෙති, ගන්ධපූජං මාලාපූජං කරොති, මාතරං පිතරං ¶ උපට්ඨාති, ධම්මිකෙ සමණබ්‍රාහ්මණෙ උපට්ඨාති, අයං ධම්මානුධම්මප්පටිපන්නො නාම. උපාසිකායපි එසෙව නයො.
පරමාය ¶ පූජායාති උත්තමාය පූජාය. අයඤ්හි නිරාමිසපූජා නාම සක්කොති මම සාසනං සන්ධාරෙතුං. යාව හි ඉමා චතස්සො පරිසා මං ඉමාය පූජෙස්සන්ති, තාව මම සාසනං මජ්ඣෙ නභස්ස පුණ්ණචන්දො විය විරොචිස්සතීති දස්සෙති."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll