677. උත්‍ථාන සංඥාව? නැගිටීමේ සංඥාව? උට්ඨාන සඤ්ඤාව?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. නින්දට ප‌ෙර උත්ථාන (නැගිටීමේ) සංඥාව නිවැරදිව මෙනෙහි කරන්නේ ක‌ෙසේ ද?

A. “‘අළුයම නැගී සිටිමි’ යන අධිෂ්ඨානය සහිතවූ සංඥාවෙන් ...”
[අහවල් / අසවල් වෙලාවේ දී නැගිටිමි යන අධිෂ්ඨානය සහිතවූ සංඥාවෙන් ...]
[“උට්ඨානසඤ්ඤං මනසිකරිත්වාති “අසුකවෙලාය නාම උට්ඨහිස්සාමී”ති එවං උට්ඨානවෙලාපරිච්ඡෙදකං උට්ඨානසඤ්ඤං චිත්තෙ ඨපෙත්වා. එවං කත්වා නිපන්නො හි යථාපරිච්ඡින්නකාලෙයෙව උට්ඨාති.”]
{“උත්‍ථාන (නැගිටීමේ) සංඥාව මෙනෙහි කොට = උට්ඨානසඤ්ඤං මනසි කරිත්වා”}
https://pitaka.lk/main?n=32158&coll=cs
https://pitaka.lk/main/?n=33109

‘අසුවල් වේලෙහි නැගී සිටුම්හ’ යි අදහස සිත්හි කොට …”
https://pitaka.lk/main?n=211310

{“මහණෙනි, මුළාවූ සිහි ඇතිව, මනා දැනීම නැතිව නින්දට බැසගන්නහුගේ මේ දෝෂ පසක් වෙත්.
“කවර පසක්ද යත්? දුකසේ නිදයි. දුකසේ පිබිදෙයි. ලාමකවූ සිහින දකියි. දෙවියෝ නොරකිත්. අශූචි මෝචනය වේ, යන පසයි.
“මහණෙනි, මුළාවූ සිහි ඇතිව, මනා දැනීම නැතිව නින්දට බැසගන්නහුගේ මේ දෝෂ පසක් වෙත්.
“මහණෙනි, එළඹ සිටි සිහි ඇතිව, මනා දැනුම් ඇතිව නින්දට බැසගන්නහුගේ මේ අනුසස් පසක් වෙත්.
“කවර පසක්ද යත්? සුවසේ නිදයි. සුවසේ පිබිදෙයි. ලාමකවූ සිහින නොදකියි. දෙවියෝ රකිත්. අශූචි මෝචනය නොවේ, යන පසයි.
“මහණෙනි, එළඹ සිටි සිහි ඇතිව, මනා දැනුම් ඇතිව නින්දට බැසගන්නහුගේ මේ අනුසස් පසක් වෙත්.”
https://pitaka.lk/main?n=303010&p=210}

 {“මහණෙනි, මොහු පස් දෙනෙක් රාත්‍රියෙහි ස්වල්පකොට නිදත්. බොහෝකොට නොනිදත්.
(1) “කවර පස් දෙනෙක්ද යත්? මහණෙනි, පුරුෂයන් කෙරෙහි අදහස් ඇති ස්ත්‍රී තොමෝ
(2) රාත්‍රියෙහි ස්වල්පකොට නිදයි. බොහෝකොට නොනිදයි. මහණෙනි, ස්ත්‍රීන් කෙරෙහි අදහස් ඇති පුරුෂ තෙම රාත්‍රියෙහි ස්වල්පකොට නිදයි. බොහෝකොට නොනිදයි. මහණෙනි, ගැනීමෙහි අදහස් ඇති චෞර තෙම රාත්‍රියෙහි ස්වල්පකොට නිදයි. බොහෝකොට නොනිදයි. මහණෙනි, රජයෙහි කටයුතුවල යෙදුනාවූ රජතෙම රාත්‍රියෙහි ස්වල්පකොට නිදයි. බොහෝකොට නොනිදයි. මහණෙනි, විසංයෝගයෙහි හෙවත් නිවණෙහි අදහස් ඇත්තාවූ භික්‍ෂු තෙම රාත්‍රියෙහි ස්වල්පකොට නිදයි. බොහෝකොට නොනිදයි.
“මහණෙනි, මොහු පස් දෙනෙක් රාත්‍රියෙහි ස්වල්පකොට නිදත්. බොහෝකොට නොනිදත්." https://pitaka.lk/main?n=30237&p=137}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll