622 - ගිහියන්ට කැප ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ගිහියෙක් ලෙසින් අන් අයට ධර්මාවබෝදය සදහා උපකාර කිරීම අකැපයි ද?

A / R. “කල්‍යාණ මිත්‍ර‍ සම්පත්තිය තථාගතයන් වහන්සේ විසින් ඉතා උසස් කොට වර්ණනා කරන ලද්දකික. සියලු දුකින් මිදීමට හා ලෞකික වූ ද ලෝකෝත්තර වූ ද සකල සම්පත්තීන් ම ලැබීම ද කල්‍යාණ මිත්‍ර‍ සේවනය බලවත් හේතුවකි. කල්‍යාණ මිත්‍ර‍ සේවනයෙන් තොරව උසස් සම්පත් ලැබීමට දුෂ්කර ය. එබැවින් සකලාර්ථ සිද්ධියට හේතු වන්නා වූ මේ කල්‍යාණ මිත්‍ර‍යන් හැඳින දරුවකු විසින් මවක සේවනය කරන්නාක් මෙන් ආදරයෙන් ඔවුන් සේවනය කළ යුතුය යි තථාගතයන් වහන්සේ වදාළ සේක. කල්‍යාණ මිත්‍ර‍යන් සේවනය කොට සියල්ලෝ ම සියලු දුකින් මිදී පරම සුන්දර අමෘත මහා නිර්වාන සම්පත්තියට පැමිණෙත්වා!”
https://pitaka.lk/books/bauddhayage-athpotha/17-3.html

“... මවිසින් ධර්‍මය මනාකොට දෙසන ලදී. හෙද යහපත් මිතුරන් ඇත්තාටය. යහපත් යහළුවන් ඇත්තාටය. යහපතට නැමුණු තැනැත්තාටය, පාප මිත්‍රයන් ඇත්තාට නොවේ. පාප යහළුවන් ඇත්තාට නොවේ. පවට නැමුණු තැනැත්තාට නොවේ.” ...
“ආනන්‍දය මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යාව එහෙම පිටින්ම යහපත් මිතුරන් ඇති බවය, යහපත් යහළුවන් ඇති බවය, යහපතට නැමුණු බවය, යහපත් මිතුරන් ඇත්තා, යහපත් යහළුවන් ඇත්තා, යහපතට නැමුණු තැනැත්තා ආර්‍ය්‍ය අෂ්ඨාංගික මාර්‍ගය භාවනා වශයෙන් වඩන්නේය. නැවත නැවත බහුල වශයෙන් සිත් සතන්හි පුරුදු කරන්නේය. යන මේ කරුණ යහපත් මිතුරන් ඇති භික්‍ෂුව විසින් බලාපොරොත්තු විය යුත්තකි.” ...
“ආනන්‍දය, මේ ක්‍රමයෙන්ද මේ ශාසන බ්‍රහ්මචර්‍ය්‍යාව මුළුමනින්ම යහපත් මිතුරන් ඇති බවය, යහපත් යහළුවන් ඇති බවය, යහපතට නැමුණු බවය යනු දතයුතුයි. ආනන්‍දය, කළණ මිත් වූ මාවෙත පැමිණ උත්පත්තිය ස්වභාවකොට ඇති සත්ත්‍වයෝ උත්පත්තියෙන් මිදෙති. ජරාව ස්වභාවකොට ඇති සත්ත්‍වයෝ ජරාවෙන් මිදෙති. ලෙඩ ස්වභාවකොට ඇති සත්ත්‍වයෝ ලෙඩින් මිදෙති. මරණය ස්වභාවකොට ඇති සත්ත්‍වයෝ මරණින් මිදෙති. ශෝක කිරීම්, හැඬීම්, කායික දුක්, මානසික දොම්නස්, දැඩි ආයාස, යන මේ ස්වභාව කොට ඇති සත්ත්‍වයෝ ශෝකයෙන්, ඇඬීමෙන්, කායික දුකින්, මානසික දොම්නසෙන්, දැඩි ආයාසයෙන් මිදෙති. ආනන්‍දය, මේ ක්‍රමයෙන්ද ශාසන බුහ්මචර්‍ය්‍යාව මුළුමනින්ම යහපත් මිතුරන් ඇති බවය, යහපත් යහළුවන් ඇති බවය, යහපතට නැමුණු බව යයි දත යුතුයි.” ...
https://pitaka.lk/main?n=211221

“මහණෙනි, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයාගේ ඉපදවීම පිණිස එක ධර්මයක් බොහෝ උපකාරය. කවරනම් එක ධර්මයක්දයත්? යම් ඒ කළ්‍යාණ මිත්‍රයින් ඇතිබවක් වේද එයයි.
https://pitaka.lk/main?n=251067
“ශාරිපුත්‍රය, කල්‍යාණ මිත්‍රයින් ඇති කල්‍යාණ මිත්‍රයින් සහායකොට ඇති කල්‍යාණ මිත්‍රයින් කෙරෙහි නැමුණු සිත් ඇති භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේය. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේයයි කැමති විය යුතුය.”
https://pitaka.lk/main?n=251017
https://pitaka.lk/main?n=251058
https://pitaka.lk/main?n=251061 ...

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll