Q. විශ්වය / ලෝකය / පුද්ගලයා / සත්ත්වයා / මම / දේවල් ... (මේ ආදී සජීවී අජීවී සියල්ල ම) යනු සැබැවින් ම කුමක් ද / (කවුද / මොනවා ද)?
T. [ක්‍රියාව = ශක්තිය = බලවේගය = ක්‍රියා පරම්පරාව (සන්තතිය) = ශක්ති පරම්පරාව (ප්‍රවාහය) = බලවේග පරම්පරාව (සංතතිය).]
T. {පියවි ඇසින් (චක්ඛු විඤ්ඤාණයෙන්) හොඳින් දැකිය නොහැකි දේ දුරේක්ෂයකින් අන්වීක්ෂයකින් වඩා හොඳින් දැකිය හැකිවාක් මෙන්, සාමාන්‍ය මනසට විෂය නොවන දේ දහම් දැනුමෙන්, දහම් ඇසින් (මාර්ග-ඵල ධම්ම චක්ෂුසය) හා ප්‍රඥාව-නුවණ නමැති ඇසින් (ප්‍රඥා චක්ෂුසය / පනැස / නැණස / නුවණැස) ඉතා හොඳින් දැකිය හැකි බව තරයේ සලකන්න!}
A / R. මේ සියල්ල ම සිතාගත නොහැකි වේගයෙන් සිදුවන ක්‍රියාවක් [(ක්‍රියා සමූහයක් / බලවේග(යක්) / ක්‍රියා පරම්පරාවක් / ශක්ති පරම්පරාවක්] බව ඔබ පිළි(නො)ගන්නවා ද?
A / R. මේ සියල්ල ම සිතාගත නොහැකි වේගයෙන් සිදුවන ක්‍රියාවක් [(ක්‍රියා සමූහයක් / බලවේග(යක්) / ක්‍රියා පරම්පරාවක් / ශක්ති පරම්පරාවක්] බව ඔබ පිළි(නො)ගන්නවා ද?
එසේ ඒ ඉහත මැ කී සියල්ල ම, සිතාගත නොහැකි වේගයකින් (අතිශීඝ්‍රව) සිදුවන ක්‍රියාවක් / ක්‍රියා සමූහයක් / බලවේග(යක්) / ක්‍රියාවලියක් / ක්‍රියා පරම්පරාවක් / ශක්ති(ය) / ශක්ති පරම්පරාවක් බව පිළිගත යුතු ය / හැකි ය.
A. අපි “සත්ත්වයා” කියන්නේ “ශක්තිය”කට (ශක්තීන් ගොඩකට / ශක්තීන් සමූහයකට). “ශක්තිය” ඇතිකරන්න (ඇතිවෙන්න) හෝ විනාශ කරන්න (විනාශ වෙන්න) විදිහක් නෑ, වෙනත් තත්ත්වයකට වෙනස් වෙනවා මිසක්.
“සත්ත්වයා” කියන “ශක්තිය”ත් එක්කෝ වෙනත් “සත්ත්වයෙක්” බවට හෝ “නිවන” (කියන “ශක්තිය”) බවට හෝ පරිවර්තනය වෙනවා මිසක්, කවදාවත් අලුතෙන් හැදෙන්නේ වත් විනාශ වෙන්නේ වත් නෑ.
[අතිපූජ්‍ය රේරුකානේ මහා නාහිමියන්ගේ (අභිධර්ම) පොත්පත් ඇසුරෙන් හා තාපප්‍රගති විද්‍යාව නොහොත් තාපගති(ක) විද්‍යාවේ පළමු (සංස්ථිති) නියමය වන “The First Law of Thermodynamics, also known as Law of Conservation of Energy, states that Energy can neither be created nor destroyed; energy can only be transferred or changed from one form to another.” ද ඇසුරෙන් සිතා:]
Q. මා සිතන්නෙ ශක්ති සංස්ථිතිය බිද දැමීමයි නිවන.
භාග්‍යවතුන් වහන්සේ සොයා ගත්තේ ඒ පිළිවෙත බව මගේ හැගීමයි...
නිවන තවත් ශක්ති ප්‍රබේදයක් නම් එයද තව එකකට පරිවර්තනය කල හැකි විය යුතුයි නේද?
A. 1. හොඳ ප්‍රශ්නයක් - ඔබට එකඟ විය හැකියි. මන්ද, (ස්කන්ධ පරිනිර්වාණයෙන්) නිවන් දකින විට චිත්ත-චෛතසික-රූප යන ශක්ති සංස්ථිති (පරමාර්ථයන් ”පහන් දැල්ලක් නිවුණා සේ” සදහට ම) බිඳ වැටෙන (අතුරුදහන් වන) නිසාවෙනි.
2. මෙසේ ද විය හැකියි - පරමාර්ථ අතර, නිර්වාණය නොවන (සංඛත) හා නිර්වාණය (අසංඛත) යන භේදයක් නොමැතිව (අ.) පරමාර්ථ සියල්ල ම ක්‍රියාවෝ ය. (ආ) බල වේගයෝ ය. ලෙස දක්වා තිබේ.
එතන දී, හේතූන්ගෙන් හටගත් ශක්තීන් (“සංඛත ශක්තීන්”) විතරක් “වෙනත් ශක්ති බවට වෙනස් වෙනවා, පරිවර්තනය වෙනවා” ලෙසින් හා හේතූන්ගෙන් හට නොගත් ශක්තිය (“අසංඛත ශක්තිය” / “නිවන”) “කවදාවත් වෙනත් ශක්ති(යක්) බවට වෙනස් වෙන්නේ වත්, පරිවර්තනය වෙන්නෙ වත් නෑ” ලෙසින් ගත්තම ධර්මානුකූලයි; (විද්‍යාවට අහු නොවුණත් විද්‍යානුකූලයි).
[කාරණයට අදාළව ධර්මානුකූලව ගළපලා ගන්න හෝ ධර්මානුකූල නොවෙනවා නං බැහැර කරන්නත් අපි දක්ෂ වෙන්න ඕනී, කවුරු කොහොම කිව්වත් (දේශනා කරත්); ඒකයි ධර්මඥානයේ (දහම් දැනුමේ) ඇති වැදගත්කම / වටිනාකම.]
එවිට සියලු ම ශක්තීන් මුලක් අගක් නැති සදාකාලික ඒවා වන අතර, අසංඛත ශක්තිය වන නිවන පමණක් ම (හට ගැනීමක් නොමැති නිසාවෙන්) කිසිදු පරිවර්තනයකට හෝ වෙනස්වීමකට ලක් නොවේ.
[සසර (සංසාරයේ) මුල-අග හෝ සත්ත්වයාගේ මුල අග සෙවීම මේ අනුව සලකා බලා, කල්පනා කරණ විට ඔබට ඒ සඳහා පිළිතුරු ලැබිය යුතුය: එනම්, සංසාරය, විශ්වය හෝ සත්ත්වයා යනු ශක්ති ක්ෂේත්‍රය කි (An Energy Field) හෙවත් බොහෝ ශක්තීන් නිසා හැඩ සටහන්-රූප සටහන් ආදිය මවා පෙන්වන ශක්ති සමූහයක එකතුවකි; ශක්ති සමූහයක පරම්පරා වශයෙන් පැවැත්මකි.]
{මෙය ද කියවන්න - කුකුළ ද? කිකිළි ද? බිත්තරේ ද?}
A / R. "පරමාර්ථ සතර.
සත්ත්වයන් සහිත වූ මේ ලෝකය ඉතා සියුම් ලෙස විභාග කළා ම අන්තිමට ම ලැබෙන ඉතා ම සියුම් ස්වභාවයෝ පරමාර්ථ ධර්මයෝ ය. ලෝකයට අයත් සියල්ලේ ම මූලික ධර්මයෝ පරමාර්ථයෝ ය. ඒවා ගල් කැට මැටි කැට ආදිය බඳු ද්‍රව්‍යයන් නොව, (ආ) බල වේගයෝ ය. එබැවින් දික් බව, කෙටි බව, කුඩා බව, මහත් බව, වට බව, සතරැස් බව, ආදි සටහන් ඒවාට නැත්තේ ය.
චිත්තය, චෛතසිකය, රූපය, නිර්වාණය යි කොටින් කියන කල්හි පරමාර්ථ සතරෙකි."
A / R. "පරමාර්ථ ධර්මයෝ වනාහි කර්කශ බව ආදි ක්‍රියාවෝ ය. ඒවා ද්‍රව්‍යයෝ නො වෙති. ශරීරයක් හෝ සටහනක් හෝ ඒවාට නැත. එහෙයින් :-
"සබ්බෙපිහි ධමමා තං තං ක්‍රියා මත්තාව හොන්ති, න තෙසු දබ්බං වා සණ්ඨානං වා විග්ගහො වා උපලබ්භති" යි කීහු.
සිද්ධියෙන් පසුව අභාවප්‍රාප්ත වීම ක්‍රියාවන්ගේ ස්වභාවය ය. අත එසැවීම, එක් ක්‍රියාවකි. ඒ එසවීම් ක්‍රියාව පවතින්නේ අතේ එසවීම කරන තෙක් පමණෙකි. ඔසවා අවසන් වීමෙන් පසු ඒ ක්‍රියාව නැත. ඔසවා අවසන් වීමෙන් පසු ඒ ක්‍රියාවට තිබිය හැකි බවක් ද නැත. අත පහත් කිරීම තවත් ක්‍රියාවෙකි. එය පවත්නේ ද අත පහත් වන තුරුය. පහත් වීමෙන් පසු ඒ ක්‍රියාව නැත. ගමන එක් ක්‍රියාවකි. යන තෙක් එය පවත්නේය. නැවතීමෙන් එය අවසන් වන්නේය. නැවතීමෙන් පසු ගමන ක්‍රියාව නැත. ඉන් පසු එයට තිබිය නො හැකිය. දවසේ සකල ක්‍රියාවෝ ම සිද්ධියෙන් පසු කිසිවක් ඉතිරි නොවී අභාවප්‍රාප්ත වෙති. ඉපිද කලක් නො පැවතී නාම - රූප ධර්මයන් වහා නිරුද්ධ වන්නේ ද ඒවා ක්‍රියා ම වන බැවිනි."
A / R. "පරමාර්ථ ධර්මයෝ වනාහි ගස් ගල් සේ මහත් ව ඇසට පෙනෙන්නට ඇත්තාහු නො වෙති. (අ.) පරමාර්ථ සියල්ල ම ක්‍රියාවෝ ය. අද්‍රව්‍යයෝ ය. ක්‍රියා තත්ත්වය මැනවින් නො වටහා ගත් තැනැත්තාට පරමාර්ථයන්ගේ තත්ත්වය වටහා ගැනීම අපහසු ය. පරමාර්ථ ධර්ම තත්ත්වය දැන ගනු රිසි තැනැත්තා විසින් පළමුවෙන් ක්‍රියා තත්ත්වය පිළිබඳ කුඩා විවරණයක් කරනු ලැබේ. ...."
(පහත සබැඳියෙන් ගොස් මුල සිට අග දක්වා සම්පූර්ණ කොටස ම කියවන්න - https://pitaka.lk/books/abhidharmaye-mulika-karunu/2-3.html)
ක්‍රියාවල දීර්ඝ කාලයක් පවත්නා ස්වභාවයක් නැත. කර අවසන් කරනු සමඟ ම අභාවප්‍රාප්ත වීම සෑම ක්‍රියාවක ම සැටිය ය. යන තෙක් ගමන ක්‍රියාව පවතී. යෑම නවත්වනු සමග ම අවසන් කරනු සමග ම ගමන ක්‍රියාව අභාවප්‍රාප්ත වේ. ඉදිරියට එයින් ඉතිරි වන කිසිවක් නැත. අත එසවීම් ක්‍රියාව පවත්නේ අත ඔසවමින් සිටින තෙක් පමණකි. එසවීම අන්තිම තැනට අත පැමිණෙනු සමග ම එසවීමේ ක්‍රියාව අභාවප්‍රාප්ත වේ. මෙසේ සෑම ක්‍රියාවක් ම අභාවප්‍රාප්ත වන බව දත යුතු ය. පැය ගණන් දින ගණන් මාස ගණන් වර්ෂ ගණන් පවත්නා ක්‍රියා ඇති සැටියට ලෝකයා සලකනුයේ එක මෙන් පෙනෙන සේ බැඳී පවත්නා වූ ක්‍රියා වැල් ක්‍රියා පරම්පරාවල් එක් කොට එක් ක්‍රියාවක් සැටියට සිතා ගැනීමෙනි. ඇත්ත වශයෙන් කියන කල්හි පැයක් නො ව විනාඩියක් තත්පරයක් පමණ කල් පවතින ක්‍රියාවකුදු ඇති බව නොකිය හැකි ය. මතු දැක්වෙන කරුණු නුවණින් සලකා ඒ බව තේරුම් ගත යුතු ය. ....
සත්‍ය නම් තත්පරයෙන් ලක්‍ෂයෙන් පංගුවක් පමණ වත් ක්‍රියාවක් නො පවත්නා බව ය. පරමාර්ථ ධර්මයෝ යි කියනු ලබන චිත්ත චෛතසික රූපයෝ තත්පරයෙන් ලක්‍ෂයෙන් පංගුවක් පමණට වත් ආයු නැත්තා වූ ක්‍රියාවෝ ය. ලෝකයෙහි දික් ක්‍රියා සැටියට, කල් පවත්නා ක්‍රියා සැටියට සලකන සියල්ල ම එක් එක් ක්‍රියාවක් නොව ක්‍රියා වැල්, ක්‍රියා පරම්පරාවල් බව දත යුතුය."
A / R. "රූප පරමාර්ථ වූ පෘථිව්‍යාදීහු ක්‍රියා වුව ද බොහෝ ගණනක් එක් තැන් වූ කල්හි යම්කිසි සටහනක් ඇත්තා වූ ශරීරයක් හෙවත් ද්‍රව්‍යයක් ඇති සේ දක්වන්නෝ ය. ලෝකයෙහි ද්‍රව්‍ය වශයෙන් හෙවත් ශරීර වශයෙන් සලකන සියල්ල ම පෘථිව්‍යාදි ධාතූන් ගේ සමූහයෝ ය. ද්‍රව්‍ය හෙවත් ශරීරය පරමාර්ථ වශයෙන් ඇතියක් නො වේ. ඇති සැටියට පෙනෙන ද්‍රව්‍යයක තතු සොයන්නකුට ඒවායින් සත්‍ය වශයෙන් ඇති දෙය සැටියට ලැබෙනුයේ පෘථිව්‍යාදි ධාතු සමූහයකි. ඒවා ද්‍රව්‍ය නො වතුදු ශරීර නො වතු දු ශරීරයන් සේ පෙනෙන බැවින් ශරීරයන් හැඳින්වීමට ව්‍යවහාර කරන රූප යන නාමය ඒවාට ද කියනු ලැබේ.
පරමාර්ථ ධර්මයෝ නාම රූප වශයෙන් දෙවැදෑරුම් වෙති. ඒවායින් ශරීර සංඛ්‍යාත රූපයක් නො ලැබෙන චිත්ත චෛතසික නිර්වාණ යන පරමාර්ථ ධර්ම තුනට ශරීරය බලා නො දත හැකි බැවින් නම පමණක් අසා නමේ අනුසාරයෙන් ම දත යුතු වන බැවින් නාමය යි කියනු ලැබේ. බොහෝ ගණනක් එක් තැන් වූ කල්හි යම් කිසි සටහනක් ඇත්තා වූ ශරීරයක් හෙවත් රූපයක් පෙනෙන්නා වූ පරමාර්ථ ධර්ම කොටස ඒ රූපය බලා රූපයාගේ අනුසාරයෙන් දත හැකි බැවින් ඒවාට රූපය යි කියනු ලැබේ. කොටින් කියත හොත් සමූහ වී ශරීර සංඛ්‍යාත රූපයක් දක්වන්නා වූ පරමාර්ථ ධර්ම කොටස රූපයෝ ය. මේ එක්තරා ක්‍රමයකින් රූප පරමාර්ථය හැඳින්වීමකි."
A / R. "... මුලින් ම කළ යුත්තේ, සිත්වල හා රූපවල ආයුෂය දැන ගැනීම ය. උපදනා කාලය ය, පවත්නා කාලය ය, නැසෙන කාලය ය කියා සිත්වලට හා රූපවලට අවස්ථා තුනක් ඇත්තේ ය. ඉතා කෙටි බැවින් ඒ කාලවලට ක්ෂණ යන නාමය ව්‍යවහාර කරනු ලැබේ. උපදනා කාලයට උත්පාදක්ෂණය කියා ද, පවත්නා කාලයට ස්ථිතික්ෂණය කියා ද, නැසෙන කාලයට භඞ්ගක්ෂණය කියා ද ව්‍යවහාර කරනු ලැබේ. සිතට අයත් උත්පාද - ස්ථිති - භඞ්ග යන කාල තුන එකතු කොට එයට චිත්තක්ෂණය යන නාමය ව්‍යවහාර කරනු ලැබේ. චිත්තක්ෂණය යන්නෙහි තේරුම, සිතක කාලය යනු යි. සිත යම් පමණ කාලයකින් උපදී නම් එපමණ ම කාලයක් පැවතී, එපමණ ම කාලයකින් නිරුද්ධ වේ. ඒ කාල තුනෙහි ප්‍රමාණයන් එකිනෙකට අඩු වැඩි කමක් නැත්තේ ය. ඒ චිත්තක්ෂණය ඉතා කෙටි කාලයෙකි. එය ඇසිපිය හෙළන කාලයෙන් ලක්ෂයෙන් පංගුවක් පමණවත් නොවන කාලයෙකි. මෙය තේරුම් ගැනීමට ඔබට කලක් ගතවිය හැකි ය.
රූපයකට චිත්තක්ෂණ දාහතක් ආයු ඇත්තේ ය. එය කුඩා ක්ෂණ පනස් එකකි. එහි පළමු වන ක්ෂණය රූපයේ උත්පාදක්ෂණය ය. පනස් එක් වන ක්ෂණය රූපයේ භඞ්ගක්ෂණය ය. මැද ක්ෂණ සතළිස් නවය රූපයාගේ ස්ථිතික්ෂණය ය. සිතෙහි මෙන් රූපයාගේ උත්පාදාදි ක්ෂණ තුන සමාන නැත. රූපයාගේ ස්ථිතික්ෂණය දිග ය. චිත්තක්ෂණ සතළොසක් ආයුෂ නැති රූප කීපයක් ද ඇත්තේ ය. ඒවා අප්‍රධාන රූපයෝ ය.
මාස ගණන් - අවුරුදු ගණන් පවත්වා වස්තූන් අප ඉදිරියේ පිරී ඇති බව දක්නා ඔබට, රූපයක ආයුෂ චිත්තක්ෂණ සතළොසකැයි කීම පිළිගත නො හෙන කරුණක් විය හැකිය. එය තේරුම් ගත හැකි වනු පිණිස ..."
Q / A . "රූප ධර්ම සැණෙකින් නිරුද්ධ වෙත හොත් ගස් ගල් ආදි වස්තූන් බොහෝ කල් පවතිනු පෙනෙන්නේ කෙසේ ද යන ප්‍රශ්නයට පිළිතුරු මෙසේය :-
අබ ඇටයක් පමණ වූ වස්තුවෙක වුව ද රූප කලාප ලක්ෂ ගණනකට වඩා ඇත්තේය. නිරුද්ධ වන නමුත් ඒ සියල්ල එක වරම නිරුද්ධ නොවේ. රූප කලාපයක ජීවන කාලය චිත්තක්ෂණ සතළොසක් බව පෙර කියා ඇත. උත්පාද ස්ථිති භංග වශයෙන් චිත්ත කාලය නැවත තුනට බෙදන බැවින් සතළොස් චිත්තක්ෂණය වූ ඒ කාලය, කුඩා කාල එක් පනසකට බෙදන්නේ ය. එයින් පළමුවන කොටස රූපයාගේ උත්පාද කාලයයි. පනස් එක්වන කොටස භංග කාලයයි. ඉතිරි කාල කොටස් එකුන් පනස රූපයාගේ ස්ථිති කාලයයි. (පවත්නා කාලය යි.)
අපේ ඇසට පෙනෙන එක එක වස්තුවක පනස් එක් කාලයන්ගෙන් එක් කාලයක් ගත කළා වූ රූප කලාපයෝ ද ඇත. කාල කොටස් දෙකක් ගත කළා වූ රූප කලාපයෝ ද, තුන සතර ගත කළා වූ රූප කලාපයෝ ද ඇත. මෙසේ පනස් වන කාල කොටස දක්වා ගත කළ රූප කලාපයෝ ද ඇත. රූප කලාපය බිදී අවසන් වන්නේ, පනස් එක් වන කාල කොටසේදී ය. යම් කිසි වස්තුවකට අයත් වූ රූප කලාප සමූහයෙක පනස් එක් වන ක්ෂණයට පැමිණි රූප කලාපය නිරුද්ධ වන කල්හි, පනස් එක් වන ක්ෂණයට එතෙක් නො පැමිණි බොහෝ රූපයෝ ඉතිරිව පවතිත්. එක් වස්තුවෙක ඇති තාක් රූප කලාපවල නිරෝධය එක වර ම සිදු නො වේ.
රූප කලාපයෝ ද දරුවන් උපදවන්නේය. එක් එක් රූප කලාපයක් නිරුද්ධ වන්නේ තමාගේ ජාතියට අයත් තවත් රූප කලාප එකක් හෝ වැඩි ගණනක් ඉපදවීමෙන් පසුවය. මැරෙන මිනිසුන් දරුවන් උපදවා තබා මැරෙන බැවින් කොතෙක් මිනිසුන් මළ ද, ලෝකයේ සිස් බවක් නො වන්නාක් මෙන් එක් වස්තුවකට අයත් රූප කලාප කොතෙක් නිරුද්ධ වුවත්, ඒවා තමාට සමාන වූ තවත් රූප කලාප උපදවා ම නිරුද්ධ වන හෙයින්, ඒ ඒ වස්තුවල අඩුවක් නො පෙනේ. නිරුද්ධ වන රූප කලාපය දරු රූප කලාප උපදවා නිරුද්ධ වන බැවින් ද, සියලු ම රූප කලාප එකවර නිරුද්ධ නො වන බැවින් ද, රූප කලාපයන්ගේ උත්පාද නිරෝධ දෙක අතර නො දැකිය හැකි සේ ඉතා වේගයෙන් සිදු වන බැවින් ද, ගස් ගල් ආදි වස්තු නො වෙනස් වන බොහෝ කල් පවත්නා සේ පෙනේ. සෑම වස්තුවක ම ඇසිපිය හෙළන පමණ කාලයකුත් නැවතීමක් නැති වැ සිදුවන රූපයන්ගේ ඉපැදීම හා බිඳීම හා සන්තතියෙන් හෙවත් වේගයෙන් පවත්නා පරම්පරා සම්බන්ධයෙන් වැසී තිබේ. එය දක්නට සන්තති ප්‍රඥප්ති බිඳ බලනු.
දරු රූප කලාප උපදවා රූපයෝ නිරුද්ධ වෙතියි කී මුත්, සෑම කල්හි ම එය එසේ නොවේ. පරම්පරා ගණනක් ගත වීමෙන් දුබල වූ රූප කලාපයෝ ද, දරු රූප ඉපැදවීමට වුවමනා ප්‍රත්‍යයන් නොලැබූ රූප කලාපයෝ ද විරුද්ධ ප්‍රත්‍යයන් ගේ ස්පර්ශය ලත් රූප කලාපයෝද, දරු රූප නූපදවාම නිරුද්ධ වෙති. අප ඉදිරියෙහි ඇති බොහෝ වස්තූන් කලෙකදී සර්වප්‍රකාරයෙන් ම අභාවප්‍රාප්ත වනුයේ එහෙයිනි.
පෘථිවි ආදි ධාතූහු ක්‍රියාවෝ ම නම්, සත්ත්ව ශරීර ගස් ගල් ආදි වස්තූන් ඇති සේ පෙනෙන්නේ කවර හේතුවකින් ද යන බවද මෙහි ලා විසඳා ගත යුතු ගැඹුරු කරුණකි. යම්කිසි තැනක සාතිශය වේගයෙන් ක්‍රියා පරම්පරාවක් සිදුවේ නම් එතැන නැති ද්‍රව්‍යයක් ඇතුවා සේ පෙනේ. වේගයෙන් ගිනි පෙනෙල්ලක් කරකැවුව හොත් එහි ගමන් වේගය නිසා ගිනිපෙනෙල්ල යන මාර්ගය ගිනි වලල්ලක් සේ පෙනේ. ගරාදි ඇති රෝදයක් වේගයෙන් කැරකෙන කල්හි එය ඒක ඝන වස්තුවක් හෙවත් ලෑල්ලක් සේ පෙනේ. ඇසට පෙනෙනු පමණක් නොවේ. ළං ළංව ගරාදි පිහිටි රෝදයක් අධික වේගයෙන් කරකැවෙන කල්හි එය අතගා බැලුව හොත් අතට දැනෙන්නේ ද අතර සිදුරු ඇති දෙයක් ලෙස නොව, මට්ටමට ඇති ඒක ඝන වස්තුවක් ලෙසය. එසේ පෙනීම, දැනීම, අතරක් නැති තරමට වේගයෙන් ක්‍රියා පරම්පරාවක් පවත්නා කල්හි ඇත්තා වූ ස්වභාවයකි.
අතක් පයක් ක්‍රියා කරවීමට වුවමනා වන අවකාශය සේ විශාල අවකාශයක් පරමාර්ථ ධාතුමය ක්‍රියාවකට වුවමනා නැත. එක් එක් පරමාර්ථ ධාතුමය ක්‍රියාවෙක් වීමටත් පැවැත්වීමටත් වුවමනා වන්නේ පරමාණුවකට වුවමනා අවකාශයකටත් වඩා සිය ගුණයෙන් දහස් ගුණයෙන් කුඩා තැනෙකි. අතරක් නො සෙවිය හැකි තරමට වේගයෙන්, පරම්පරා වශයෙන් පහළ වන්නා වූ ද එකෙකින් අනෙක වෙන් කළ නො හැකි පමණට එකිනෙක ගැටී පවත්නා වූ ද කෝටි ගණනක් පරමාර්ථ ධාතුමය ක්‍රියා පරම්පරාවන්ගේ පැවැත්මට, අබ ඇටයක තරම් වූ අවකාශය ප්‍රමාණ වන්නේය. පරමාර්ථ ධාතුමය ක්‍රියා රාශියක් එසේ පවත්නා කල්හි ඒවායේ සූක්ෂම භාවය ද වේගවත් බව ද එකිනෙක ගැටී පවත්නා බව ද නිසා ඒ ක්‍රියා රාශිය වේගයෙන් ගමන් කරන ගිනි පෙනෙල්ල ගිනි චක්‍රයක් සේ පෙනෙන්නාක් මෙන් ද, වේගයෙන් භ්‍රමණය වන චක්‍රය ඒකඝන වස්තුවක් සේ පෙනෙන්නාක් මෙන් ද ඝන වූ එක් වස්තුවක් සේ පෙනෙන්නේය. දැනෙන්නේ ය. එහි ධාතුමය ක්‍රියා රාශිය සන්තති, සමූහ ඝන දෙකකින් වැසී තිබේ.
නුවණින් ඝනය දුරුකොට පරමාර්ථය සොයා ගෙන ඝනය හෙවත් වස්තුව, පරමාර්ථ ධාතුමය ක්‍රියා වේගය නිසා ඇති සේ පෙනෙන නමුත් සත්‍ය වශයෙන් නැති බවත්, ක්‍රියා රාශිය පමණක් ඇති බවත් අවබෝධ කැරගත යුතුය. මේවා ගැඹුරු කරුණු ය. පොත පත කියැවූ පමණෙකින් ම, අනුන් කියනු ඇසූ පමණකින් ම අවබෝධ වන කරුණු නොවේ. පොත පතට අනුව දන්නවුන්ගේ කියුම් අනුව කලක් කල්පනා කළ කල්හි ම විමසූ කල්හි ම අවබෝධ වන කරුණුය. අවබෝධ කර ගැනුමට උත්සාහ කරනු."
https://pitaka.lk/books/vidarshana-bhavana-kramaya/10-2.html
T.{"පෘථිව්‍යාදි ධාතු සතර එක් වූ කල්හි ඉතා කුඩා දෙයක් සෑදේ. එයට රූපකලාප යයි කියනු ලැබේ. එය ඇසට පෙනෙන්නේ නොවේ. ඒ රූප කලාපය ලෝකයා විසින් ඉතා කුඩා දෙය සැටියට සලකන පරමාණුවට ද වඩා ඉතා කුඩාය. එක් පරමාණුවක රූප කලාප බොහෝ ගණනක් ඇත. ඉතා කුඩා බැවින් ඇසට නො පෙනෙන ඒ රූප කලාප සමූහයක් එක් වූ කල්හි මහත් වූ එක් දෙයක් සේ ඇසට පෙනෙන්නේය. පස් ය, දිය ය, ගල් ය, යකඩ ය, තඹ ය, රන් ය, රිදී ය, ගස් ය, ලී ය, කොළ ය, පොතු ය, ගෙඩි ය, ලේ ය, මස් ය, ඇට ය, නහරය, නිය ය යනාදි නම් කියනුයේ රූප කලාප සමූහයන්ගේ ඒ පෙනෙන ආකාරවලටය. මහත් මහත් දේ සැටියට පෙනෙන, සැලකෙන පස් දිය ගල් ආදියෙහි ඇත්ත වශයෙන් ඇත්තේ රූප කලාප පමණෙකි. පස් ගල් ආදිය නම් රූප කලාප සමූහය නිසා පෙනෙන ආකාරයෙක් පමණකි. ඒ පෙනෙන ආකාර පරමාර්ථ සත්‍ය වශයෙන් ඇති දේ නොවන බැවින් ඒවාට සමූහ ප්‍රඥප්ති යයි කියනු ලැබේ."
T.{"පෘථිව්‍යාදි ධාතු සතර එක් වූ කල්හි ඉතා කුඩා දෙයක් සෑදේ. එයට රූපකලාප යයි කියනු ලැබේ. එය ඇසට පෙනෙන්නේ නොවේ. ඒ රූප කලාපය ලෝකයා විසින් ඉතා කුඩා දෙය සැටියට සලකන පරමාණුවට ද වඩා ඉතා කුඩාය. එක් පරමාණුවක රූප කලාප බොහෝ ගණනක් ඇත. ඉතා කුඩා බැවින් ඇසට නො පෙනෙන ඒ රූප කලාප සමූහයක් එක් වූ කල්හි මහත් වූ එක් දෙයක් සේ ඇසට පෙනෙන්නේය. පස් ය, දිය ය, ගල් ය, යකඩ ය, තඹ ය, රන් ය, රිදී ය, ගස් ය, ලී ය, කොළ ය, පොතු ය, ගෙඩි ය, ලේ ය, මස් ය, ඇට ය, නහරය, නිය ය යනාදි නම් කියනුයේ රූප කලාප සමූහයන්ගේ ඒ පෙනෙන ආකාරවලටය. මහත් මහත් දේ සැටියට පෙනෙන, සැලකෙන පස් දිය ගල් ආදියෙහි ඇත්ත වශයෙන් ඇත්තේ රූප කලාප පමණෙකි. පස් ගල් ආදිය නම් රූප කලාප සමූහය නිසා පෙනෙන ආකාරයෙක් පමණකි. ඒ පෙනෙන ආකාර පරමාර්ථ සත්‍ය වශයෙන් ඇති දේ නොවන බැවින් ඒවාට සමූහ ප්‍රඥප්ති යයි කියනු ලැබේ."
"රූප කලාපයක ප්‍රමාණය නො කිය හැකි ය. එය පරමාණුවට ද වඩා බොහෝ කුඩා ඇසට නො පෙනෙන දෙයකි."
"භූත රූපයන් ද්‍රව්‍ය නො වතුදු ඒ සතර ඔවුනොවුන් ගිල ගෙන වැළඳ ගෙන එකිනෙක හා බැඳී පහළ වූ කල්හි රූප කලාප නම් වූ කුඩා ද්‍රව්‍යය පහළ වේ. එය ඉතා ම කුඩා ද්‍රව්‍යයෙකි. ලෝකයා විසින් ඉතා ම කුඩා දෙය සැටියට සලකන පරමාණුව සෑදෙන්නේ රූප කලාප බොහෝ ගණනක් එක්වීමෙනි. පස් දිය ගිනි සුළං රන් රිදී මුතු මැණික් ඇට ලේ මස් ආදි කවර ද්‍රව්‍යයක වුව ද ඇත්තේ භූත රූප සතර ම ය. ඒවා සෑදී තිබෙන්නේ භූතරූප සතර එක්වීමෙන් ය. භූතරූපයන් ගෙන් ම නිර්මිත වී තිබෙන ඒ ද්‍රව්‍ය නොයෙක් ආකාර වී තිබෙන්නේ සංයෝග වීමේ වෙනස් කමිනි. ධාතු සතර සෑම ද්‍රව්‍යයක ම ඇත්තේ එක ම ප්‍රමාණයකින් නො වේ. ඇතැම් වස්තුවක පඨවි ධාතුව අධික ය. ඇතමෙක ආපෝ ධාතුව අධික ය. ඇතමෙක තේජෝ ධාතුව අධික ය. ඇතමෙක වායෝ ධාතුව අධික ය. ඇතමෙක එක් ධාතුවක් උත්සන්න වී ඉතිරි තුන හීන වී තිබේ. ඇතමෙක ධාතු දෙකක් උත්සන්න වී දෙකක් හීන වී තිබේ. ඇතමෙක ධාතු තුනක් උත්සන්න වී එකක් හීන වී තිබේ. මෙසේ ඒ ඒ ධාතූන්ගේ උත්සන්න මන්දතාවගේ වශයෙන් ද්‍රව්‍යය අනේකාකාර වී තිබේ. සුදු සායම් කලඳකට නිල් සායම් මංචාඩියක් මිශ්‍ර කළ කල්හි එක්තරා වර්ණයක් ඇති වේ. සුදු සායම් කලඳකට නිල් මංචාඩි දෙකක් එක් කළ කල්හි එයට වෙනස් වර්ණයක් ඇති වේ. මෙසේ සුද කලඳකට නිලෙන් මංචාඩිය බැගින් වැඩි කොට මිශ්‍ර කිරීමෙන් වර්ණ සියයක් වුව ද සෑදෙන්නේ ය. එමෙන් උත්සන්න වන්නා වූ ද හීන වන්නා වූ ද එක් එක් ධාතුවක් උත්සන්න හීන වන ප්‍රමාණයන්ගේ සැටියට ද වස්තූහු අනේකාකාර වෙති. ගමන සාමාන්‍යයෙන් එකකි. එහෙත් වේගවත් ගමනය, මන්ද ගමනය, ඉදිරියට යන ගමනය, පස්සට යන ගමනය, සරසට යන ගමනය, කෙළින් යන ගමනය, ඇද ගමනය, පයින් යන ගමනය, රියෙන් යන ගමනය, එක් පයින් යන ගමනය, දෙපයින් යන ගමනය, සතර පයින් යන ගමනය යනාදීන් එකක් වූ ගමනෙහි බොහෝ ප්‍රභේද ඇත්තේය. පඨවි ධාතුව වූ කර්කශ ස්වභාවයේ ද නොයෙක් ආකාර ඇත්තේය. ඉතිරි ධාතූන්ගේ ද එසේ ම බොහෝ ආකාර ඇත්තේ ය. ඒවා මේ මේ යයි දැක්වීමට දුෂ්කරය. සංයෝගවන්නා වූ ධාතූන්හි ඇති වෙනස්කම් නිසා ද ධාතූන්ගෙන් නිර්මාණය වන වස්තූහු අනේකාකාර වෙති. ඇට මස් නහර පස් ආදියෙහි පෘථිවි ධාතුව උත්සන්නය. තෙල් වතුර කෙළ ආදියෙහි ආපෝ ධාතුව උත්සන්නය. ගින්නෙහි තේජෝ වායෝ ධාතු දෙක උත්සන්නය. සුළඟෙහි වායෝ ධාතුව උත්සන්නය. නිවැරදි ලෙස ධාතු සතර තේරුම් ගැනීම එතරම් පහසු නැත. එය සිදු කර ගතහොත් උපාදාරූපයන් පහසුවෙන් තේරුම් ගත හැකි වනු ඇත."}
[[[සැ.යු. ඉහත (අ.) පරමාර්ථ සියල්ල ම ක්‍රියාවෝ ය. ලෙස දක්වා, ඉන් පසුව, ක්‍රියා තත්ත්වය විස්තර කරන බැවින් "සංඛත පරමාර්ථ" පමණක් ගත යුතු නොවේදැයි සැකයක් මතු වේ. කෙසේ වෙතත් "අසංඛත පරමාර්ථය" (නිවන) ද ක්‍රියාවක් නම්, එය එහි විස්තර කරන ක්‍රියා තත්වයට ඇතුළත් විය නොහැක; "අසංඛත පරමාර්ථය" (නිවන) ද ක්‍රියාවක් නම්, එය හට නොගත් ක්‍රියාවක් විය යුතු ම ය.]]]
{{{වැඩිදුර සැළකිය යුතුයි: "මහණෙනි, (හේතු ප්‍රත්‍යයයෙන් හට නොගත් හෙයින්) අජාත නම් වූ, (ඉබේ පහළ නොවූ හෙයින්) අභූත නම් වූ, (කිසිවකින් නොකරණ ලද හෙයින්) අකත නම් වූ, (එහෙයින් ම) අසඞ්ඛත නම් වූ නිවණ ඇත්තේ ය. මහණෙනි, අජාත - අභූත - අකත - අසඞ්ඛත - සඞ්ඛ්‍යාත නිවණ ඉදින් නොවන්නේ නම්, ජාත - භූත - කත - සඞ්ඛත - සඞ්ඛ්‍යාත සංස්කාරධර්‍මයන්ගේ සංසිඳීමෙක් නො පැණෙන්නේ ය. යම් හෙයකින් අජාත - අභූත - අකත - අසඞ්ඛත - නිවණ ඇත්තේ ද, එහෙයින් ජාත - භූත - කත - සඞ්ඛත - සඞ්ඛ්‍යාත සංස්කාරධර්‍මයන්ගේ සංසිඳීම පැණේ."
"“අත්ථි, භික්ඛවෙ ¶, අජාතං අභූතං අකතං අසඞ්ඛතං. නො චෙතං, භික්ඛවෙ, අභවිස්ස අජාතං අභූතං අකතං අසඞ්ඛතං, නයිධ ජාතස්ස භූතස්ස කතස්ස සඞ්ඛතස්ස නිස්සරණං පඤ්ඤායෙථ. යස්මා ච ඛො, භික්ඛවෙ, අත්ථි අජාතං අභූතං අකතං අසඞ්ඛතං, තස්මා ජාතස්ස භූතස්ස ¶ කතස්ස සඞ්ඛතස්ස නිස්සරණං පඤ්ඤායතී”ති."
"නිර්වාණ ධාතුව හට ගැනීමක් නැතිව ඇතය යන මෙය ගැඹුරු කරුණෙකි. නිර්වාණය හරියට තේරුම් ගැනීමට අපහසු වීමට ඇති කරුණුවලින් මේ හටගැනීමක් නැතිව ඇති බවත් එක් කරුණෙකි. යමක් ඇති නම් එහි හට ගැනීමකුත් තිබිය යුතුයකි. නො හට ගත් දෙයක් සත්‍ය වශයෙන් නො තිබිය හැකිය යනු ද එක්තරා නීතියකි. ලොව ඇත බොහෝ දේවල්වලට ඒ නීතිය සාධාරණ වුව ද එය සර්ව සාධාරණ නීතියක් නො වේ. හටගැනීමකුත් නැතුව ඇති ධර්ම ද ඇත්තේ ය. ..."
T / S. "සිතේ ආයුෂය
අහසේ හටගන්නා විදුලිය සැණෙකින් කිසිවක් ඉතිරි නො වී නැති වන්නාක් මෙන් ද, බෙරයකින් නිකුත් වන හඬ සැණෙකින් කිසිවක් ඉතිරි නොවී නැති වන්නාක් මෙන් ද, කර අවසන් වනු සමඟ ම සිදුවී අවසන් වනු සමඟ ම එයින් කිසිවක් ඉතුරු නොවී ක්‍රියා අභාවප්‍රාප්ත වන බව ඉහත කියන ලදී. සිත ද ක්‍රියාවක් බැවින් ක්‍රියාවන්ට අයත් වූ ඒ ස්වභාවය නො ඉක්මවා ඉපද මොහොතකුදු නො පැවතී වහා අභාවප්‍රාප්ත වේ පරමාර්ථ ධර්මයන්ගේ ඒ අභාවප්‍රාප්තියට නිරෝධය යි ද භංගය යි ද කියනු ලැබේ. එක් සිතකට උපදනා කාලයය, පවත්නා කාලයය, බිඳෙන කාලයය යි කාල තුනක් ඇත්තේ ය. ඒ තුන් කාලය ප්‍රමාණයෙන් සමය. එකකවත් දිගින් අඩු වැඩි කමක් නැත. උපදින්නට යම් පමණ කාලයක් වේ නම් එපමණ ම කාලයක් පැවතී එපමණ ම කාලයකින් බිඳී යාම චිත්ත චෛතසික පරමාර්ථයන්ගේ ස්වභාවය ය. රූප පරමාර්ථයන්ගේ ජීවන කාලය සිත මෙන් සතළොස් ගුණයකි. සිතේ ඉපදීමට උත්පාදය යි ද, පැවැත්වීමට ස්ථිතිය යි ද, අභාවප්‍රාප්තියට භංගය යි ද කියනු ලැබේ. උත්පාදස්ථිති භංග යන මේ තුන් කාලයට චිත්තක්ෂණය යි කියනු ලැබේ. චිත්තක්ෂණය ඉතා ලුහුඬු කාලයකි. එක් සන්තානයක එක් සිත් පරම්පරාවක එකවර සිත් දෙකක් නූපදනේ ය. දෙවන සිතක් උපදින්නේ උපන් සිත සම්පූර්ණයෙන් අභාවප්‍රාප්ත වූ පසුය. සාමාන්‍ය ලෝකයා විසින් ඉතා කෙටි සැටියට සලකන්නේ අසුරක් ගැසීමට ගත වන කාලය හා ඇසිපිය හෙළීමට ගත වන කාලය යි. “සො පන ඛණො අච්ඡරාසංඝාත ඛණස්ස අක්ඛිනිම්මීලනඛණස්ස ච අනෙකකොටි සතසහස්ස භාගො දට්ඨබ්බො” යනුවෙන් සිතක ජීවන කාලය, අසුරු ගසන කාලයෙන් ඇසිපිය හෙළන කාලයෙන් කෝටි ලක්ෂ ගණනකින් කොටසක් තරමට කුඩා බව දක්වා තිබේ.
උපන් සිත කෙතරම් ඉක්මනින් කොතෙක් වේගයෙන් නිරුද්ධ වෙතත් තැන සිස් නොවන ලෙස නිරුද්ධ වන සිත හා බැඳී උපදින සේ අලුත් අලුත් සිත්: එළඹ සිටින අනේකප්‍රකාර ආරම්මණයන් ගනිමින් උපදනේ ය. නිරෝධසමාපත්ති අවස්ථාව හා අසංඥභූමියේ ඉපද සිටින අවස්ථාවන් හැර චිත්ත පරම්පරාවේ සිත් නූපදනා අවස්ථාවක් නැත. විශේෂාරම්මණයක් නො ලද කල්හි ප්‍රතිසන්ධියට අරමුණු වූ කර්මාදීන් ගෙන් එකක් අරමුණු කරමින් වැල නො කැඩී සිත් උපදනේ ය. භවාංග සිතය යි කියන කර්මාදිය ගෙන උපදනා ප්‍රකෘති සිත් ඇති බව අපට නො දැනේ. එය ගැන විස්තරයක් කිරීමට මෙය අවස්ථාව නොවේ. සිතේ ජීවන කාලය ඉතා ලුහුඬු බැවින් හා අතරක් ඇති නො වන සැටියට නිරුද්ධ වන සිත සමඟ බැඳී උපදනාක් මෙන් අලුත් අලුත් සිත් ඉපදිය යුතු බැවින් ද සිත් උපදනා තැන සිදු වන්නේ ඉතා වේගවත් වැඩ පිළිවෙලකි. එබඳු වේගවත් වැඩ පිළිවෙළක් කෙරෙන අන් කිසි යන්ත්‍රයක් නැත. චිත්තායුෂය ඉතා ලුහුඬු බැවින් එක් සන්තානයක එකකට එකක් පෙර පසු වී අසුරුසැණක් තුළදී ඉපද නිරුද්ධ වන සිත් කෝටි ලක්ෂ ගණනක් වන බව දක්වා තිබේ. නාගසේන මහරහතන් වහන්සේ මිලිඳු රජුට අසුරුසැණක් තුළදී ඉපද නිරුද්ධ වන සිත්වල ප්‍රමාණය උපමාවකින් දක්වන්නාහු “වාහසතං ඛො මහාරාජ, වීහීනං අඩ්ඪචූළඤ්ච වාහා වීහිසත්තම්මණානි ද්වේ ච තුම්බා එකච්ඡරක්ඛණෙ පවත්තචිත්තස්ස එත්තකා වීහි ලක්ඛං ඨපීයමානෙ පරික්ඛයං පරියාදානං ගච්ඡෙය්‍යුං” යනු වදාළ සේක. එක්සිය පණස් යාළ සතමුණු දෙලාසෙක වී ඇට එක් අසුරු සැණෙක උපදනා සිත්වලට එක එක ඇටය බැගින් තැබුව හොත් වී සියල්ල ම අවසන් වේය යනු එහි අදහසයි. යාළ නම් වී කරත්තයකි. මෙය එක් අසුරුසැණක උපදනා සිත්වල නියම ප්‍රමාණය දැක්වීමක් නොව බහුභාවය දැක්වීමකි. නිශ්චිත වශයෙන් ම එහි ගණනක් නො දැක්විය හැකිය. එක් අසුරු සැණෙකදී එක් පුද්ගලයකුට මෙපමණ මහත් රාශියක් සිත් උපදීය යන්න මෙය කියවන්නවුන්ට නො පිළිගැණෙන කරුණකි. එය පිළි ගත හැකි වන්නේ චිත්ත තත්ත්වය ගැන වැඩිදුර උගෙනීමක් ලැබූ පසුවයි. ඒ තැනට පැමිණීමට උත්සාහ කෙරෙත්වා."
“මහරජානෙනි, සතරනැළියක් ගන්නා ලාස්සෙන් වී තිස් දෑමුණෙක් යාළෙක. එහි වී ඇට සකොටිතිස්තුන්ලක්ෂසැටදහසක් වන නියායෙන් ව්‍රීහීන්ගේ එක්සිය පණස් යාළ සතමුණු දොලාසෙක. මෙතෙක් වියෙහි වී ඇට එක අසුරුසනක් පමණ කාලයෙහි ප්‍රවෘත්ත ව පෙරළී උපදනා චිත්තයාගේ ගණනට ලක් තබන කල්හි ක්ෂයට ඌනත්වයට යන්නාහු ය. ..."
“මහරජ! වාහන සීයක්, කුඩා වාහන පනහක්, කුරුණි සතක හා ලාහ දෙකක දැමූ වී ප්‍රමාණයට, එක් අසුරු සැණෙක දී උපදින සිත් සංඛ්‍යාව සමාන කල නොහැක. ඒ සිත් සංඛ්‍යාවෙන් දහසයෙන් කොටසකට හෝ ඉන් භාගයකටවත් සමාන නොවේ.”
“වාහසතං ඛො, මහාරාජ, වීහීනං අඩ්ඪචූළඤ්ච වාහා වීහිසත්තම්බණානි ද්වෙ ච තුම්බා එකච්ඡරාක්ඛණෙ පවත්තචිත්තස්ස එත්තකා වීහී ලක්ඛං ඨපීයමානා පරික්ඛයං පරියාදානං ගච්ඡෙය්‍යුං?"
"එකචිත්තක්ඛණංනාමාති එකස්ස චිත්තස්ස ඛණොනාම. සො පන ඛණො අච්ඡරාසඞ්ඝාටක්ඛණස්ස අක්ඛිනිම්මිලනක්ඛණස්සච අනෙකකොටි සතසහස්සභාගො දට්ඨබ්බො. අච්ඡරාසඞ්ඝාටක්ඛණෙ අනෙකකොටිසතසහස්සසඞ්ඛා වෙදනා උප්පජ්ජන්තීති හි අට්ඨකථායං වුත්තං. ආචරියානන්දත්ථෙරමතෙන පනෙත්ථ උප්පාදභඞ්ග වසෙනඛණද්වයං එකචිත්තක්ඛණංනාමාති වත්තබ්බං."
{(R. "සබ්බෙපි හි ධම්මා තංතං ක්‍රියාමත්තාව හොන්ති. න තෙසු දබ්බංවා සණ්ඨානං වා විග්ගහොවා උපලබ්භති."
https://tipitaka.app/?a=rb2-13-si)
[R. "සබෙබපිහි ධමමා තං තං ක්‍රියා මත්තාව හොන්ති න තෙසූ දබබංවා ඝණඨානාවා විගගහො වා උපලබභති" පරමාර්ත ධර්මයෝ කර්කෂ බව ආදී කියැවෝය. ඒවා ද්‍රව්‍යයෝ නොවෙති. ශරීරයක් හෝ සටහනක් හෝ ඒවාට නැත. මේ ක්‍රියාමාත්‍ර ස්‌වභාවය නිසාම නාම රූප ධර්මයො එකෙණෙහිම එතැනම ඉපැදී එතැනම මියයති. ලේඛකයා විසංයෝජන යැයි වහරන්නේ මේ ක්‍රියාමාර්ත්‍ර වූ උදයව්‍යය ම ය."]}
[R. "සබෙබපිහි ධමමා තං තං ක්‍රියා මත්තාව හොන්ති න තෙසූ දබබංවා ඝණඨානාවා විගගහො වා උපලබභති" පරමාර්ත ධර්මයෝ කර්කෂ බව ආදී කියැවෝය. ඒවා ද්‍රව්‍යයෝ නොවෙති. ශරීරයක් හෝ සටහනක් හෝ ඒවාට නැත. මේ ක්‍රියාමාත්‍ර ස්‌වභාවය නිසාම නාම රූප ධර්මයො එකෙණෙහිම එතැනම ඉපැදී එතැනම මියයති. ලේඛකයා විසංයෝජන යැයි වහරන්නේ මේ ක්‍රියාමාර්ත්‍ර වූ උදයව්‍යය ම ය."]}
{[(පිළිතුර රේරුකානේ නා හිමියන්ගේ පොත් ඇසුරිනි: පරමාර්ථ ධර්ම / ස්කන්ධ - ධාතු - ආයතන / සිව්සස් (චතුසත්‍ය) - පටිච්චසමුප්පාදය - සූවිසි ප්‍රත්‍ය ... වැනි පිළිතුරු මෙතැන දී නොසලකා, “සාතිශය වේගයෙන් (සිතාගත නොහැකි වේගයකින්) සිදුවන ක්‍රියා /ශක්ති පරම්පරාවක්” යන කෙටි පිළිතුර වෙත නාභිගත කොට ඇත.)]}