943. අචල ශ්‍රද්ධාව ඇතිකරගන්නේ කෙසේ ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. > තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව සකස්කරගන්නේ කෙසේද?
> යමෙක් තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවට පැමිණ ඇත්දැයි දැනගන්නේ කෙසේද?
> තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව සකස් කරගත් තැනැත්තාගේ ලක්ෂණ මොනවාද?
කරුණාවෙන් පහදා දෙන්න.

A. 01. තෙරුවන් කෙරෙහි අචල (නොසෙල්වෙන) ශ්‍රද්ධාව සකස්කරගන්නේ කෙසේද?

උත්තරය: සෝවාන් වී.

02. යමෙක් තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවට පැමිණ ඇත්දැයි දැනගන්නේ කෙසේද?

උත්තරය: සොවාන් මාර්ගය පිලිසිඳ දැන, බුදු ගුන දහම් ගුන සඟ ගුන තමාගේ අවබොධය තුලින් දැක ගත හැකි වීම.

03. තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව සකස් කරගත් තැනැත්තාගේ ලක්ෂණ මොනවාද?

උත්තරය: සෝවාන් වූ පුත්ගලයාගේ ලක්ශන ඉගෙන ගන්න.

"මහානාමයෙනි, විවස ව නොහෙනසුලු නියත වූ සම්බොධිය පිහිට කොට ඇති සෝවන් පුඟුලා තුන් දහමෙකින් යුතු යයි මම දනිමි. කවර තුනකින යත්: මහානාමයෙනි, මෙසස්නෙහි අරීසවු “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ. භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. දහම් කෙරෙහි ... භාග්‍යවතුන් වහන්සේ ගේ සවුසඟන සුපිළිපන් ය ... ලොවට අනුතුරු පින් කෙතැ”යි සඟන කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. මහානාමයෙනි, විවස ව නො හෙනසුලු නියත වූ සම්බොධිය පිහිට කොට ඇති සෝවන් පුඟුලා මේ තුන් දහමින් යුතු ය”යි මම දනිමි. මහානාමයෙනි, තෙපි වනාහි “විවස ව නො හෙනසුලු නියත වූ සම්බොධිය පිහිට කොට ඇති සෝවන් පුඟුලා කෙතෙක් දහමින් යුතු යයි” දනිව් දැයි? වහන්ස, එසේ කී කල්හි ගොධා ශාක්‍යයන්ට මම මෙය කීමි:


ගොධාවෙනි, “විවස ව නොහෙනසුලු නියත වූ සම්බොධිය පිහිට කොට ඇති සෝවන් පුඟුලා සිවු දහමෙකින් යුතු ය”යි මම දනිමි. කවර සිවු දහමෙකින යත්: ගොධාවෙනි, “මෙහි අරීසවු තෙමේ ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. දහම් කෙරෙහි ... සඟන කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධි සංවර්තනික වූ ආර්යකාන්තශීලයෙන් යුතු වූයේ වෙයි. ගොධාවෙනි, විවස ව නොහෙනසුලු නියත වූ සම්බොධිය පිහිට කොට ඇති සෝවන් පුඟුලා මේ සිවු දහමින් යුතු ය”යි මම දනිමි”යි. වහන්ස, එසේ කී කල්හි ගොධා ශාක්‍යයෝ මට මෙය කීහ:"

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll