24. කළ අකුසලයකින් / පවකින් මිදෙන්නේ කොහොම ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. කළ අකුසලයකින් / පවකින් මිදෙන්නේ කොහොම ද?

A. කළ අකුසල් ගැන පසුතැවිලි නොවන ගමන්, කළ කුසල් නිතර නිතර සිහි කරන්න. එසේම, වක්‍රව හෝ ඍජුව කළ / සම්බන්ධ වූ අකුසල් වලට ප්‍රතිවිරුද්ධ කුසල් වක්‍රව හෝ ඍජුව බලවත්ව, සතුටින් හා කර්ම ඵල අදහාගෙන ම කරන්න. 

(බලවත්ව, සතුටින් හා කර්ම ඵල අදහාගෙන ම) පස්පව්, දස අකුසල් ආදී සෑම පවක්ම / අකුසලයක්ම දිවිහිමියෙන් දුරු කරන්න. (බලවත්ව, සතුටින් හා කර්ම ඵල අදහාගෙන ම) දාන, සීල, භාවනා – ත්‍රිවිධ පුණ්‍යක්‍රියා, දස පුණ්‍යක්‍රියා, දස කුසල් ආදී සෑම පිනක් / කුසලයක්ම දිවිහිමියෙන් පුරුදු කරන්න, වඩන්න. 

[ඉහත, මෙම ක්‍රමවේදය ඕනෑම අකුසල කර්මයක් / අකුසල කර්ම විපාකයක් මැඬලීමට / දුබල කිරීමට අදාළ වේ.]


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll