10. කංචුක පූජාවේ අනුසස් කවරේද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. කංචුක පූජාවේ අනුසස් කවරේද?

A / T. "... පිරිනිවි භාග්‍යවතුන් වහන්සේ උදෙසා ධාතු චෛත්‍ය ආදියට උපස්ථාන කරන්නෝ පූජා කරන්නෝ සත්කාර කරන්නෝ බුදුරජාණන් වහන්සේ කෙරෙහි දන් දෙන්නාහු නම් වෙති."
"... පරිනිබ‍්බුතඤ‍්ච භගවන‍්තං උද‍්දිස‍්ස ධාතුචෙතියාදිකෙ උපට‍්ඨහන‍්තා පූජෙන‍්තා සක‍්කරොන‍්තා බුද‍්ධෙ දානං දදන‍්ති නාම."

“ආනන්දය, ඔවුන් අතුරෙන් තිරිසන් ගතවූවකු කෙරෙහි දානයදී සියයක් අනුසස් ඇත්තාවූ දානය කැමැති විය යුත්තේය. පෘථග්ජන දුශ්ශීලයකු කෙරෙහි දානය දී, දහසක් අනුසස් ඇත්තාවූ දානය කැමැති විය යුත්තේය. පෘථග්ජන සීලවන්තයෙකු කෙරෙහි දානය දී ලක්ෂයක් අනුසස් ඇත්තාවූ දානය කැමැති විය යුත්තේය. ශාසනයෙන් පිටත්හිවූ කාමයන්හි පහවූ රාගය ඇත්තකු කෙරෙහි දානය දී කෝටිලක්ෂයක් අනුසස් ඇත්තාවූ දානය කැමැති විය යුත්තේය. සෝවාන්ඵලය ප්‍රත්‍යක්ෂකිරීම පිණිස පිළිපන්නකු කෙරෙහි දානය දී සංඛ්‍යාවක් නැත්තාවූ, ප්‍රමාණයක් නැත්තාවූ අනුසස් ඇති දානය කැමැති විය යුත්තේය. සෝවාන් පුද්ගලයෙකු කෙරෙහි කියනුම කවරේද? සකෘදාගාමි ඵලය ප්‍රත්‍යක්ෂ කිරීමට පිළිපන්නකු කෙරෙහි කියනුම කවරේද? සකෘදාගාමි පුද්ගලයෙකුට කියනුම කවරේද? අනාගාමිඵලය ප්‍රත්‍යක්ෂකිරීමට පිළිපන්නකු කෙරෙහි කියනුම කවරේද? අර්හත් ඵලය ප්‍රත්‍යක්ෂ කිරීමට පිළිපන්නකු කෙරෙහි කියනුම කවරේද? තථාගත ශ්‍රාවකවූ රහතන් වහන්සේ කෙරෙහි කියනුම කවරේද? පසේබුදුන් කෙරෙහි කියනුම කවරේද? අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේ කෙරෙහි (දුන් දනෙහි අනුසස්) කියනුම කවරේද?”
‘‘තත්‍රානන්ද, තිරච්ඡානගතෙ දානං දත්වා සතගුණා දක්ඛිණා පාටිකඞ්ඛිතබ්බා, පුථුජ්ජනදුස්සීලෙ දානං දත්වා සහස්සගුණා දක්ඛිණා පාටිකඞ්ඛිතබ්බා, පුථුජ්ජනසීලවන්තෙ දානං දත්වා සතසහස්සගුණා දක්ඛිණා පාටිකඞ්ඛිතබ්බා, බාහිරකෙ කාමෙසු වීතරාගෙ දානං දත්වා කොටිසතසහස්සගුණා දක්ඛිණා පාටිකඞ්ඛිතබ්බා, සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නෙ දානං දත්වා අසඞ්ඛෙය්‍යා අප්පමෙය්‍යා දක්ඛිණා පාටිකඞ්ඛිතබ්බා, කො පන වාදො සොතාපන්නෙ, කො පන වාදො සකදාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නෙ, කො පන වාදො සකදාගාමිස්ස, කො පන වාදො අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නෙ, කො පන වාදො අනාගාමිස්ස, කො පන වාදො අරහත්තඵලසච්ඡිකිරියාය පටිපන්නෙ, කො පන වාදො අරහන්තෙ, කො පන වාදො පච්චෙකසම්බුද්ධෙ, කො පන වාදො තථාගතෙ අරහන්තෙ සම්මාසම්බුද්ධෙ!”

T. [කඤ්චුකය = "(වට තිරයක් R); සන්නාහය, සර්‍ප සැවය, කවරය; සැට්ටය; A jacket; the skin or slough of a snake; a coat of mail; a case, sheath, covering envelope."]

"බුදුන් වහන්සේට ද ගණෝත්තම වූ සංඝයා හට ද වස්ත්‍ර පුදා, මාගේ කර්මයට සුදුසු වූ අනුසස් අටක් අනුභව කරමි. රන්වන් සිරුර ඇත්තේ වෙමි. ශරීරයේ රජස් නැත්තේ වෙමි. රැස් විහිදෙන ශරීර ඇත්තේ වෙමි. ප්‍රතාප ඇත්තේ වෙමි. මාගේ සිරුර සිනිඳු වෙයි. භවයෙහි හැසිරෙන මාගේ හිස මත සුදු පැහැය ඇත්තා වූ ද, කහ පැහැය ඇත්තා වූ ද, රතු පැහැය ඇත්තා වූ ද ලක්ෂ ගණන් වස්ත්‍ර දරති. මෙය වස්ත්‍ර දානයේ ඵලය ය."

"බුදුන් වහන්සේට හා සඟනට අංසකඩ පුදා මාගේ කර්මයට අනුරූප පරිදි අනුසස් තුනක් ලබමි. පරසිත් දන්නා නුවණ ලබමි. දෙවන ජාතිය ද සිහි කරමි. මාගේ ඒ කුසලයෙන් හැම කල්හි ම මනා සිවි ඇත්තේ වෙමි."

("අංසකඩය බොහෝ පැවිද්දන් පරිභෝග කරන පරිෂ්කාරයෙකි. “න කඤ්චුකං ධාරෙතබ්බං” යි වදාරා ඇති බැවින් අංසකඩය පොරෝනා පරිෂ්කාරයක් ලෙස මිස කඤ්චුකයක් ලෙස නො මැසිය යුතු ය. කඤ්චුකය යි කියනුයේ බැනියම් කමිස ආදී ඇඟ ලන වස්තූනට ය. එ බන්දක් නොවන සේ අංසකඩය පිළියෙළ කර ගත යුතු ය.")

T. අංසකඩය යනු ස්වාමීන්වහන්ස‍ේලා තුන් සිවුරට අමතරව උඩුකය වැසීම සඳහා යොදාගන්නා රෙදි කඩකි. දැන් අංසකඩය ලෙස හැදින්වෙන දේ (ස්වාමීන්වහන්ස‍ේලා භාවිතා කරන) ඊට වඩා වෙනස් වී ඇත. නමුත් නිවැරදි දෙය නම් ඒ සඳහා සකස්කරගත් රෙදි කඩයි. චෛත්‍යයේ වැඩසිටින්නෙ ධාතුන් වහන්සේලා බැවින් එසේ අංසඩ පූජාව කඤ්චුක පූජාව ලෙස හදුන්වනවා විය හැක (ඒ පූජාව කරන්නෙ කඤ්චුක පූජාව යැයි කියන්නෙ නම්). මෙය දැනගැනීම පිණිසයි විවේචනයට නොවේ.

T. “න භික්ඛවෙ අච්ඡින්නදසානි චීවරානි ධාරෙතබ්බානි. න දීඝදසානි චීවරානි ධාරෙතබ්බානි. න පුප්ඵදසානි චීවරානි ධාරෙතබ්බානි. න එණදසානි චීවරානි ධාරෙතබ්බානි. න කඤ්චුකං ධාරෙතබ්බං. න තිරීටකං ධාරෙතබ්බං. න වෙඨනං ධාරෙතබ්බං. යො ධාරෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[2]

දහවලු නො කැපූ සිවුරුය, දික් දහවලු ඇති සිවුරුය, මල්දහවලු ඇති සිවුරුය, පෙණ දහවලු ඇති සිවුරුය, කඤ්චුකය, ගස්වල සිවිය, හිස්වෙළුම්ය යන මේවා දරන භික්ෂුවට ඉහත දැක්වූ සිකපදවලින් දුකුළා ඇවැත් වේ. කඤ්චුක යනුවෙන් කියැවෙන්නේ ගිහියන් පරිභෝග කරන කමිස බැනියම් ආදි ඇඳුමක් වශයෙන් ඇඟලන ඒවාය. අසංකඩය ද කඤ්චුකයක් ලෙස සාදා පරිභෝග කිරීමෙන් ඇවැත් විය හැකි බව සැලකිය යුතුය. ශීත දේශයකට ගිය භික්ෂුවකට වුව ද රෝගී භික්ෂුවකට වුව ද ලෝම බැනියම් කමිස පාවිච්චි කිරීමට විනයයෙන් ඉඩක් නැති බව සැලකිය යුතු ය. සමේ රෝග වසා ගැනීමට කණ්ඩුපටිච්ඡාදක නම් සිවුරක් නියම කර ඇත්තේය. අකැපයයි ඉහත කී සැම වස්ත්‍ර‍ ම සොරුන් විසින් සිවුරු කඩාගත් භික්ෂුවට පමණක් කැප බව සමන්තපාසාදිකාවේ අඤ්ඤාතක විඤ්ඤත්ති සිකපද වර්ණනාවේ දක්වා තිබේ."

https://pitaka.lk/books/upasampada-sheelaya/10.html

කඤ්චුකන්ති වාරණං. තඤ්හි කචියති කායෙ බන්ධියතීති කඤ්චුකොති වුච්චති.
https://tipitaka.app/?a=5n2-750-si

"අංසබද්ධකොති අංසෙ බද්ධති අනෙනාති අංසබද්ධකො."
https://tipitaka.app/?a=5n2-571-si

අංසබද්ධකොති අඤ්ජනිත්ථවිකාය අංසබද්ධකො.
https://tipitaka.app/?a=3c5-8-si

අංසවට‍්ටකො = අංසබද්ධකො = අංසකඩය, ශරීරයෙහි එක්පැත්තක වසන වස්ත්‍රය, උරයක් පලා වැළඳ පරිහරණය කරන පසුම්බිය. අස්වැටිය.

“මහණෙනි, අඳුන් පසුම්බියක් අනුදනිමි” යි. අංසවට්ටකයෙක් (උරහිස ලන පටියක්) නො වේ."
https://tipitaka.lk/vp-mv-6/5-3/sinh
“අනුජානාමි භික‍්ඛවෙ, අඤ‍්ජනිත්‍ථවික”න‍්ති. අංසවට‍්ටකො න හොති."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll