227. ආත්මගත බැඳීමක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. මම අහලා තියෙනවා අපිට මේ ආත්මේදි මුන ගැහෙන්නෙ ගිය ආත්ම වලත් මුන ගැහුනු අය කියලා.. ඒ ආත්ම වල සම්බන්ද කම් වල මතකයන් නිසා කියලා... කිසිම හේතුවක් නැතිව සමහරු අපි එක්ක දැක්ක දා පටන්ම වයිර බැදගන්නෙ පෙර ආත්ම වලදී ඇති වුනු වයිරයන් නිසා කියලා...
ඒ ගැන අදහස් දැන ගන්න කැමතී.
ඒ වගේම ඒක ඇත්තක් නම් මේ ආත්මේදි කවුරු හෝ අපේ ජීවිත වලට ප්‍රශ්න ඇති කරලා මොනාම හේතුවක් නිසා හෝ ලොකු වයිරයක් දෙපිරිසෙම සිත් වල මුල් බැහැ ගත්තොත් ඊලග ආත්මෙටත් ඒ වයිරය අරන් යයි නේද?
බුදුරජාණන් වහන්සේ එක් තැනකදි දේශනා කරලා තියේනවා නේද මේ ආත්මේ ස්වාමියායි බිරිදයි ඊලග ආත්මෙත් මුන ගැහෙන්න නම් එකට එක සිතින් පින් දහම් කරන්න කියලා...
ඒ වගේ අපේ සසර ගමනේදි අපිට හමු වන පවිටු මිතුරන් , අපිව පවට ඇදගන්න අය අපිත් එක්ක වයිර බැදන් එන අයගෙන් ඈත් වෙන්න විදිහක් නැද්ද? ( එයාලාව මුලදිම අදුන ගන්න අමාරුයි. අපේ හොදම යාලුවා විදිහට අපිට ලං වෙන වංචනික අය. අපිට නොදැනුවත්වම අපිව වරදට පොලබවලා අපේ ජිවිත නාස්ති කරාට පස්සෙ අපිට වැරදුනා කියලා තේරෙන්නෙ . ) අපි එයාලාට වයිර නොකර මයිත්‍රී කරත් එයාලා අපිට කරදර කර කර සංසාරෙම එනවානේ දේවදත්ත වගේ....
ඒ නැතත් ඒවගේ පවිටු අයගෙ කපටි කම් අදුනගන්න තරම් නුවන ලැබෙන්න මේ ආත්මේදි කරන්න පුලුවන් මොනාද ? පවිටු අයගේ ඇසුර නොලබත්වා කියලා නිතරම පැතුවත් ඒකෙන් ඒ අයව නිතරම මතක් වෙන එකයි වෙන්නෙ... ජීවිත කාලෙටම ඒ අය ගැන මතකය තිබුනොත් නැවත් ඊලග ආත්ම වලදීත් ඒ අයව මුන ගැසේවි නේද?
අපි හැමෝටම එක වතාවක් හරි එහෙම අය මුන ගැහිලා ඇති. ඒ වගේම ඒ වගේ අය නිසා ජීවිතේ හදාගන්න බැරි තරම් වැරදි වුනු අයත් ඇති... ඒ ප්‍රශ්න නිසා ජීවිතේම විදවලා මැරිලා යන්නෙත් අර හිත්තැවුලෙන්මයි. එතකොට ඊලග ආත්මෙට සැනසීමකුත් නෑ. ඊලග ආත්මෙත් අර කපටීන්ට අහු වෙලා පවු රැස් කරගන්නවා... මිදීමක් නෑනෙ එතකොට...
දීර්ඝ විස්තරය තේරුම් අරන් විසදුම් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.

A / R. (පහත) මේ අනුව සැමියෙක්, බිරිදක්, මිතුරෙක්, .... හතුරෙක්, තරහකාරයෙක්, වෛර(ක්)කාරයෙක් .... ආදී වශයෙන් නොවූ යම් සත්වයෙක් වේද, එබඳු සත්වයෙක් සුලබ නොවේ. යනුවෙන් කිවයුතු නොවේද?

{[“මහණෙනි, යම්සේ වනාහි පුරුෂයෙක් මේ දඹදිව යම්තාක් තණ, ලී දඬු, අතු සහ කොළ වේද, (ඒ සියල්ල) කපා එක් තැනකට රැස්කරන්නේ වේද, රැස්කොට සතරඟුල් සතරඟුල් කෑලි කපා ‘මේ මාගේ මවය. මේ මාගේ මවුගේ මවය’යි කියා තබන්නේ වේද. මහණෙනි, ඒ පුරුෂයාගේ මවුගේ මවුවරු කෙළවරක් නොවෙත්. එහෙත් මේ දඹදිව තණ, ලී දඬු, අතු, කොළ, කෙළවර වන්නේය. අවසාන වන්නේය.
(http://pitaka.lk/22130/cs,aps) http://pitaka.lk/22133/cs,aps ...]

මේ දීර්ඝ කාලයෙහිදී, යම් සත්වයෙක් මවක් නොවූයේ වේද, එබඳු සත්වයෙක් සුලබ නොවේ.
http://pitaka.lk/221316/cs,aps
මේ දීර්ඝ කාලයෙහිදී, පියෙක් නොවූ යම් සත්වයෙක් වේද, එබඳු සත්වයෙක් සුලබ නොවේ.
http://pitaka.lk/221317/cs,aps
මේ දීර්ඝ කාලයෙහිදී, සහෝදරයෙක් නොවූ යම් සත්වයෙක් වේද, එබඳු සත්වයෙක් සුලබ නොවේ.
http://pitaka.lk/221318/cs,aps
මේ දීර්ඝ කාලයෙහිදී, සහෝදරියක් නොවූ යම් සත්වයෙක් වේද, එබඳු සත්වයෙක් සුලබ නොවේ.
http://pitaka.lk/221319/cs,aps
මේ දීර්ඝ කාලයෙහිදී, පුතෙක් නොවූ යම් සත්වයෙක් වේද, එබඳු සත්වයෙක් සුලබ නොවේ.
http://pitaka.lk/221320/cs,aps
මේ දීර්ඝ කාලයෙහිදී, දුවක් නොවූ යම් සත්වයෙක් වේද, එබඳු සත්වයෙක් සුලබ නොවේ.
http://pitaka.lk/221321/cs,aps ...}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll