282. සංඛාර සහ අභිසංඛාර?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. සංඛාර සහ අභිසංඛාර අතර වෙනස කවරේද? එය තිපිටකයේ සඳහන්ව ඇත්තේ කොතැනද?

A / R. සංඛාර (සංස්කාර) යන පදය නොයෙක් අර්ථයෙන් යෙදෙන බව පෙනේ.
කුසලාකුසල කර්ම සඳහා ද යෙදේ - ‘‘තයො සඞ්ඛාරා - පුඤ්ඤාභිසඞ්ඛාරො, අපුඤ්ඤාභිසඞ්ඛාරො , ආනෙඤ්ජාභිසඞ්ඛාරො.” - (ඉහත හා) https://pitaka.lk/?node=17195&para=305&coll=cs,aps

එහෙත් අභිසංඛාර (අභිසංස්කාර) යන්න කාමාවචර, රූපාවචර හා අරූපාවචර කුසලාකුසල (කර්ම) හැඳින්වීම සඳහා ම යෙදෙන බව පෙනේ.
https://pitaka.lk/bjt/books/46/AP02_Page_265.png
(https://pitaka.lk/bjt/books/46/AP02_Page_266.png)

එක්තරා සුවිශේෂී අකාරයකින් සකස්කරන/සකස්කවන (අභිසංස්කරණය වන) බැවින් ද අභිසංඛාර යැයි කියන බවක් හැඟෙයි. “අභිසඞ්‌ඛරොතීති අභිසඞ්‌ඛාරො.”
[මන්ද (විපාක පිණිස) “කර්ම” රැස් කිරීම හෝ රැස් වීම අතිශයින් ම ගැඹුරු හා සියුම් සිද්ධාන්තය කි.]

{තව ද “අභි” යන්න අර්ථය වැඩිදියුණු කිරීමට (විශිෂ්ටාර්ථයේ) යෙදෙන උපසර්ගයෙකි.}

A. "මහණෙනි, කවර කරුණින් සංස්කාර කියන්නේ ය යත්: මහණෙනි, "සඞ්ඛත කොට අභිසංස්කරණ කෙරෙත්" නුයි එයින් සංස්කාරහ කියනු ලැබෙත්. කවර කරුණින් සඞ්ඛතය අභිසංස්කරණ කෙරෙති යත්: රූපය රූපය පිණිස සඞ්ඛත කොට අභිසංස්කරණය කෙරෙති. වේදනාව වේදනා පිණිස සඞ්ඛත කොට අභිසංස්කරණය කෙරෙති. සංඥාව සංඥා පිණිස සඞ්ඛත කොට අභිසංස්කරණය කෙරෙති. සංස්කාර සංස්කාර පිණිස සඞ්ඛත කොට අභිසංස්කරණ කෙරෙති. විඥානය විඥානය පිණිස සඞ්ඛත කොට අභිසංස්කරණය කෙරෙත්. "මහණෙනි, සඞ්ඛත කොට අභිසංස්කරණය කෙරෙත්" නුයි එයින් සංස්කාරහ යි කියනු ලැබෙත්."
https://www.thripitakaya.org/sutta/index/1134

“මහණෙනි, කුමක් වනාහි සංස්කාරයන්යයි කියව්ද? මහණෙනි, හේතු ප්‍රත්‍යයන් විසින් නිපදවන ලද දේ පිළියෙල කරත්. එහෙයින් සංස්කාරයයි කියනු ලැබෙත්. කිනම් හේතු ප්‍රත්‍යයන් විසින් නිපදවන ලද්දක් පිළියෙල කරද්ද? හේතු ප්‍රත්‍යයන් විසින් නිපදවන ලද රූපය රූපයවීම පිණිස පිළියෙළ කරත්. සංඛතවූ වේදනාව වේදනාව වීම පිණිස පිළියෙළ කරත්. සංඛතවූ සංඥාව සංඥාව වීම පිණිස පිළියෙල කරත්. සංඛතවූ සංස්කාරයන් සංස්කාරවීම පිණිස පිළියෙල කරත්. සංඛතවූ විඥානය විඥානයවීම පිණිස පිළියෙල කරත්. මහණෙනි, සංඛතය (හෙතු ප්‍රත්‍යයන් විසින් නිපදවන ලද දේ) පිළියෙල කරන හෙයින් සංස්කාරයෝයයි කියනු ලැබෙත්."


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll