Q. ගැරඬියෙක් ඇවිත් මීයෙක් අල්ලගන්නවා. මේ සිදුවීම් සිදු වන්නේ, ඇස් ඉදිරිපිටම අතේ දුරින්...
අවශ්‍ය නම් ගැරඬියාට ගහලා මීයාව බේරලා යවන්න හැකියාවක් තියෙනවා...
දැන් මේක දකින මනුස්සයා සතිපට්ඨානය වඩන කෙනෙක් නං,
ඔහු මේ දෙස බැලිය යුත්තේ සහ ක්‍රියා කළ යුත්තේ කෙසේද?
විශේෂයෙන් ඔහු සිතේ ඇතිකරගතයුතු සිතිවිලි හෝ චේතනා මොනවාද?
ක්‍රියාවක් විදියට ඒ සිද්ධිය නොපෙනෙන ලෙස ඇස් දෙක පියා ගැනීම සුදුසුද? නුසුදුසුද?
වෙනත් කුමන හෝ ක්‍රියාවක් සිදුකල යුතුද? මියා බේරා ගැනීම වැනි...
කිසිදු කිරියාවක් සිදු නොකළයුතුද?
A. එක සුවිශේෂී සිද්ධියක් පොදුවේ සමස්තයට ම ගලපා බොහෝ ප්‍රශ්න අවුල් කරගන්නා බව, ගොඩක් ප්‍රශ්න හා පිළිතුරු දෙස බැලුවාම පේනවා. මෙතනදීත් එහෙමයි.
“සරකානි / සරණානි” (උතුමන්ගේ) සිද්ධිය සමස්තයට ම අදාළ කළා වගේ තියේවි එතකොට.
{ධනාත්මක හා ඍණාත්මක දෙපැත්තට ම අදාළයි මං කියන දේ...}
ප්‍රඥාව:–
1. ජාති ප්‍රඥාව (ත්‍රිහේතුක ප්‍රතිසන්ධි ප්‍රඥාව).
2. විදර්ශනා ප්‍රඥාව.
3. පාරිහාරීය ප්‍රඥාව (තැනට සුදුසු නුවණ / ස්ථානෝචිත ප්‍රඥාව).
4. ශ්‍රැතමය ප්‍රඥාව.
5. චිත්තාමය ප්‍රඥාව.
6. භාවනාමය ප්‍රඥාව.
7. ලෞකික ප්‍රඥාව.
8. ලෝකෝත්තර ප්‍රඥාව.
ආදී ලෙස ප්‍රභේද ඇති බව ද දැනගත යුතු ම ය.
T / S. ... "සපඤ්ඤො= (ත්‍රිහේතුක ප්‍රතිසන්‍ධි ප්‍රඥායෙන්) ප්‍රඥාවත් වූ, නරො = යම් සත්ත්‍වයෙක්; සීලෙ පතිට්ඨාය = සීලයෙහි පිහිටා; චිත්තං ච = සමාධියද; පඤ්ඤං ච = විදර්‍ශනාව ද; වඩන්නේ; ආතාපී = කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ; නිපකො = පාරිභාරිය - ප්‍රඥා ඇත්තේ වෙයිද; සො භික්ඛු = ඒ මහණ; ඉමං ජටං = මේ තෘෂ්ණා නමැති අවුල; විජටයෙ = නිරවුල් කරන්නේ ය; සිඳලන්නේ ය; යූ සේයි.
ගාථායෙහි එක් එක් පදයෙක විවරණය මෙසේ ය:-
සීලෙ පතිට්ඨාය= සීලයෙහි සිටැ සීලය පුරන්නා ම මෙහි සීලයෙහි සිටියේ යයි කියනු ලැබේ. එහෙයින් සිල් පිරීම් වශයෙන් සීලයෙහි පිහිටා යන අර්‍ථයි.
නරො= සත්ත්‍ව තෙමේ.
සපඤ්ඤො= කර්‍මජ ත්‍රිහේතුක ප්‍රතිසන්‍ධි ප්‍රඥායෙන් ප්‍රඥා ඇත්තේ ය.
(අහේතුක හෝ ද්විහේතුක ප්‍රතිසන්‍ධි චිත්තයෙන් උපන්නහුට ඒ අත්බැව්හි තෘෂ්ණා අවුල කැපිය නොහැක. ත්‍රිහේතුක ප්‍රතිසන්‍ධි චිත්තයෙන් උපන්නේ මැ තෘෂ්ණා අවුල කපා, තෘෂ්ණා අවුල කැපීම නම් රහත් වීම ය. අහේතුක ද්විහේතුකයනට රහත්වනු තබා ධ්‍යානවත් සෙසු මාර්‍ග ඵලවත් නොලද හැක.
චිත්තං පඤ්ඤං ච භාවයං= සමාධියද, විදර්‍ශනාව ද, වඩන්නේ. මෙහි චිත්ත ශීර්‍ෂයෙන් සමාධිය ද, ප්‍රඥා නාමයෙන් විදර්‍ශනාව ද, දක්වන ලදී.
ආතාපී= වීර්‍ය්‍ය ඇත්තේ. වීර්‍ය්‍යය වනාහි කෙළෙස් තවන අර්‍ථයෙන් ආතාප යයි කියනු ලැබේ. ආතාප ඇත්තේ ආතාපී.
නිපකො= ප්‍රඥා ඇත්තේ. නේපක්ක නම් ප්‍රඥා එයින් යුක්ත වූයේ නිපක. මෙයින් පාරිහාරිය ප්‍රඥාව දැක්විණි.
මේ ගාථායෙහි “1 සපඤ්ඤො, 2. පඤ්ඤංභාවයං, 3 නිපකො” යි තෙවරක් ප්‍රඥාව සඳහන් විය. එයින් ප්‍රථමය ජාති ප්‍රඥාව ය. ද්විතීය ය විදර්‍ශනා ප්‍රඥා ය. තෘතීය ය සර්‍වකෘත්‍යසාධක පාරිහාරිය ප්‍රඥා ය. (පාරිහාරිය ප්‍රඥා නම්, “අයං කාලො උද්දෙසස්ස අයං කාලො පරිපුච්ඡායාති ආදිනා නයෙන සබ්බත්‍ථකාරාපිකා පරිහරිතබ්බපඤ්ඤා”යි[5] සංයුත් අටුවායෙහි යූ බැවින් මේ උද්දෙසයට කාලය, මේ පරිපුච්ඡායට කාලයයි යනාදි නයින් සර්‍වාත්‍ථසාධක වූ පරිහරණය කළයුතු ප්‍රඥාය. උද්දෙස නම්, පාළිවාචනා පරිපුච්ඡා නම්, අට්ඨ කථා.)" ...
"ප්‍රඥාව හැඳින්වීම
(1) ප්‍රඥාව නම් කිම