Q. සිත පිළිබඳ, සිතුවිලි ගැන සිහියෙන් සිටින විට කර්ම රැස් වෙයි ද? කාරුණිකව පහදා දෙන්න.
A. “මහණෙනි, අකුශල් නොවූත්, කුශල් නොවූත්, අකුශල විපාකත් නොවූ, කුශල විපාකත් නොවූ, කර්ම ක්‍ෂය පිණිස පවත්නා කර්‍මය කවරේද? මහණෙනි, ස්මෘති සම්බොජ්ඣය, ධර්‍ම විචය, විරිය, පීති, පස්සද්‍ධි, සමාධි, උපෙක්‍ෂා, සම්බොජ්ඣය යන මෙයයි. මහණෙනි, මේ කර්‍මය අකුශල්ද නොවූ, කුශල්ද නොවූ, අකුශල විපාකද නොවූ, කුශල විපාකද නොවූ, කර්ම ක්‍ෂය පිණිස පවත්නා කර්මයයි.”
https://pitaka.lk/main?n=29337
“බොජ්ඣංග” යනු කුමන අර්ථයකින් බොජ්ඣංගයෝ නම් වෙත්ද? (මාර්ග ඵල හා) නිර්වාණ අවබෝධය පිණිස පවතිනුයි බොජ්ඣංගයෝයි.
https://pitaka.lk/main?n=54113
“බොජ්ඣංග යනු බෝධි අංග යන වචන දෙක එක් වී සැදුණු වචනයකි. බෝධි යන වචනයෙහි අර්ථ කීපයක් ඇත්තේ ය. ඒවායින් මෙතැනට ගැලපෙන අර්ථ ඇත්තේ දෙකකි. එනම් “නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන ධර්ම සමූහය ය, නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන පුද්ගලයා ය” යන අර්ථ දෙක ය. ….
“බෝධ්‍යංගයන්ගෙන් “සතිසම්බොජ්ඣංගය” යනු ඉහත සතිපට්ඨාන කථාවෙහි දැක්වුණු සිහිය ය. සත්ත්වයා ගේ චිත්ත පරම්පරාවට පාප පක්ෂයට වැටී පවතින්නට නො දී එය පවතින වැඩෙන තැන් වූ කාය වේදනා චිත්ත ධර්ම යන ආරම්මණයන් සිතට මතු කරදීම් වශයෙන් සිත ඒවායේ පිහිටවීම් වශයෙන් කුශල පක්ෂයෙහි ගමන් කිරීම සිදු කරවන්නා වූ ධර්මය සතිසම්බොජ්ඣංගය ය. එය කාය වේදනා චිත්ත ධර්ම සංඛ්‍යාත ස්වකීය විෂයයන්හි අනුක්‍රමයෙන් වැඩී ප්‍රමාද පක්ෂයට අයත් සියල්ල ක්‍රමයෙන් නැති කොට අප්‍රමාද පක්ෂය සම්පූර්ණ කොට අවසානයේ දී අර්හත්මාර්ග ඥානය උපදවන්නේ ය.
“සති” යන පාළි වචනය වෙනුවට භාවිත කරන සිංහල වචනය “සිහිය” යනු යි. එහෙත් සිංහල සිහිය යන වචනයෙන් සති යන පාළි වචනයෙන් අදහස් කරන අර්ථයට වැඩි දෙයක් කියවේ. එ බැවින් මේ බෝධිපාක්ෂික ස්මෘතිය හැඳින්වීමට සිහිය යන වචනයට විශේෂණයක් යොදා මාර්ගඥානයට හේතු වන සිහිය ය කියා ව්‍යවහාර කිරීම යෝග්‍ය ය. නිවන් ලබා දෙන සිහිය යි කිව ද යහපති. “ලෝකෝත්තර මාර්ගඥානය ලැබීමට උපකාර වන සිහිය, නිවන් ලැබීමට උපකාර වන සිහිය සතිසම්බොජ්ඣංගය’ යි දත යුතු ය. මේ සිහියට නිවන් ලබා දෙන සිහිය යයි කියන ලදුයේ එයින් ලබා දෙන උසස් දෙය අනුව ය. කාමාවචර රූපාවචර අරූපාවචර කුශලයන් හා භවභෝග සම්පත් ලැබීමට ද මේ සිහිය උපකාරක ය. එ බැවින් මේ නිවන් ලබා දීමට කලින් ඒවා ද ලබා දෙන බව දත යුතු ය.”
https://pitaka.lk/books/bodhi-pakshika-dharma/8.html
{“චත්තාරිමානි ¶, භික්ඛවෙ, කම්මානි මයා සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදිතානි. කතමානි චත්තාරි? අත්ථි, භික්ඛවෙ, කම්මං කණ්හං කණ්හවිපාකං, අත්ථි, භික්ඛවෙ, කම්මං සුක්කං සුක්කවිපාකං, අත්ථි, භික්ඛවෙ, කම්මං කණ්හසුක්කං කණ්හසුක්කවිපාකං, අත්ථි, භික්ඛවෙ, කම්මං අකණ්හං අසුක්කං අකණ්හඅසුක්කවිපාකං කම්මක්ඛයාය සංවත්තති (අ• නි• 4.232-233).… කතමඤ්ච, භික්ඛවෙ, කම්මං අකණ්හං අසුක්කං අකණ්හඅසුක්කවිපාකං කම්මක්ඛයාය සංවත්තති? යදිදං සත්ත බොජ්ඣඞ්ගා – සතිසම්බොජ්ඣඞ්ගො…පෙ… උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො, ඉදං වුච්චති, භික්ඛවෙ, කම්මං අකණ්හං අසුක්කං අකණ්හඅසුක්කවිපාකං කම්මක්ඛයාය සංවත්තති (අ• නි• 4.238).… කතමඤ්ච, භික්ඛවෙ, කම්මං අකණ්හං අසුක්කං අකණ්හඅසුක්කවිපාකං කම්මක්ඛයාය සංවත්තති? අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො – සෙය්‍යථිදං, සම්මාදිට්ඨි ¶ …පෙ… සම්මාසමාධි. ඉදං වුච්චති, භික්ඛවෙ, කම්මං අකණ්හං අසුක්කං අකණ්හඅසුක්කවිපාකං කම්මක්ඛයාය සංවත්තතී”ති (අ• නි• 4.237).
https://tipitaka.app/?a=4a2-233-si}