741. ආර්ය වමනය - ආර්ය විරේකය - ආර්ය ධෝවනය?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. බුදු දහමෙ අපිට උගන්වන්නෙ ඉවසිම මෛත්‍රී වැනි දෙවල් (තරහ පිට නොකිරිම්). නමුත් මනො විදයාව අනුව එහෙම හැගිම් හිර කර ගෙන සිටිමෙන් පිඩනයක් නිර්මාණය වෙනවා නෙද? මෙ ගැටලුව දර්මානුකුල පිලිතුරක් අවශ්‍යයි.

A. මෛත්‍රිය කියන්නේ තරහ පිට නොකර සිටීමට නොවෙයි - ඉවසීමට හුරු කිරීම බටහිර මනෝ විද්‍යාවේ ද ඇත. බටහිර මනෝ විද්‍යාවේ මෙන් ම බුදු දහමේ ද “වැමැරීම” ඇත. ඔබ මෙන් ම බුදු දහම තරම් අන්‍යසම මනෝවිද්‍යාවක් නැති බව බොහෝ දෙනා දනිති. එක්තරා ක්‍රම වේදයක් පමණක් “අල්ලාගෙන” කතා කිරීම, අන්ධයන් අලියාගේ / ඇතාගේ හැටි කීවා වැනිය.

බුදු දහමේ ද තාවකාලික, මධ්‍යකාලික, සදාකාලික “නිට්ටාවට ම සුවවන” බෙහෙත් ඇත. දක්ෂ වෛද්‍යවරයා ප්‍රතිකාර කරන්නේ රෝගයට නොව රෝග නිධානයට ය; රෝග මූලයනට ය. රෝගය සුව කරන්නේ නැවත නොනැඟෙන ලෙස සදාකාලිකව ම ය.

“… වෛද්‍යවරයෝ වැමෑරීම දෙත්. මහණෙනි, මේ වැමෑරීම ඇතැයි කියමි. මෙය නැතැයි නොකියමි. මහණෙනි, ඒ වැමෑරීම හරියයිද වේ, වරදියිද වේ. …”
“මහණෙනි, යහපත් කල්පනා ඇත්තාහට වැරදි කල්පනාව වැමෑරීමවූයේ වේ. වැරදි කල්පනාවේ හේතුවෙන් යම් නොයෙක් අකුශල ධර්‍ම පහළවෙත්ද, ඔවුන්ද ඔහුට වැමෑරීමවූවාහු වෙත්. යහපත් කල්පනාවේ හේතුවෙන් නොයෙක් කුශල ධර්මයන් වැඩීමෙන් සම්පූර්‍ණ වෙත්.’
https://pitaka.lk/main?n=35209

“වෛද්‍යවරයෝ විරේක දෙත්. මහණෙනි, මේ විරේකය ඇතැයි කියමි. මෙය නැතැයි නොකියමි. මහණෙනි, ඒ විරේචනය හරියයිද වේ, වරදියිද වේ. ...”
https://pitaka.lk/main?n=35208&p=108

“මහණෙනි, යම් සේදීමක් ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරුද්‍ධිය පිණිස, ක්ලේශ ව්‍යපසමය පිණිස, විශිෂ්ට ඥානය පිණිස, මනා අවබෝධය පිණිස, නිර්‍වාණය පිණිස පවතීද, යම් සේදීමකට පැමිණ ඉපදීම ස්වභාවකොට ඇති සත්ත්‍වයෝ ඉපදීමෙන් මිදෙත්ද, ජරාව ස්වභාවකොට ඇති සත්ත්‍වයෝ ජරාවෙන් මිදෙත්ද, මරණය ස්වභාවකොට ඇති සත්ත්‍වයෝ මරණින් මිදෙත්ද, ශෝකය, වැළපීමය, කායික දුක, මානසික දොම්නස, දැඩි වෙහෙස ස්වභාවකොට ඇති සත්ත්‍වයෝ ශොක, වැළපීම, දුක්, දොම්නස්, දැඩි ශෝකවලින් මිදෙත්ද, ඒ ආර්‍ය්‍ය ධොවනය කවරේද? ...”
https://pitaka.lk/main?n=35207&p=107

{https://pitaka.lk/main?n=181110
https://pitaka.lk/main?n=18102
https://pitaka.lk/main?n=30261
https://pitaka.lk/main?n=30262
https://pitaka.lk/main?n=18119}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll