336. නිර්වාණය ද “අනියත” ය?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. නිර්වාණ ධාතුව අසංඛතය.අසංඛත වූ නිර්වාන ධාතුව අනියත විය හැකිද? කල්‍යාණ මිත්‍ර ඔබගේ විමර්ශනය සඳහා.
 
A / R. 1. මිච්‌ඡත්‌තනියත - පංචානන්තරීය කර්ම හා නියත මිත්‍යා දෘෂ්ටිය.
2. සම්‌මත්‌තනියත - ලෝකෝත්තර සතර මාර්ග.
3. අනියත - පංචානන්තරීය කර්ම, නියත මිත්‍යා දෘෂ්ටිය, ලෝකෝත්තර සතර මාර්ග යන (තුන්) ධර්මයෝ හැර අනෙකුත් සියලු ම ධර්මයෝ.

ලෙස ධර්මතා 3 කි (1., 2. සහ 3.). එහි “නියත වශයෙන් ම (නැවත කුසල්, අකුසල් හෝ ව්‍යාකෘත) විපාකයක් ඇතිකරයි” යන්න අසංඛත ධාතුව වන නිර්වාණ ධාතුව උදෙසා ද යෙදිය නොහැකි බැවින්, අසංඛත ධාතුව වන නිර්වාණ ධාතුව ද “අනියත” වේ.

{http://www.thripitakaya.org/tipitakaya/Index/723?s=21913 > 1034 > 1036

“කතමෙ ධම්‌මා මිච්‌ඡත්‌තනියතා? පඤ්‌ච කම්‌මානි ආනන්‌තරිකානි, යා ච මිච්‌ඡාදිට්‌ඨිනියතා – ඉමෙ ධම්‌මා මිච්‌ඡත්‌තනියතා.

කතමෙ ධම්‌මා සම්‌මත්‌තනියතා? චත්‌තාරො මග්‌ගා අපරියාපන්‌නා – ඉමෙ ධම්‌මා සම්‌මත්‌තනියතා.

කතමෙ ධම්‌මා අනියතා? තෙ ධම්‌මෙ ඨපෙත්‌වා, අවසෙසා කුසලාකුසලාබ්‍යාකතා ධම්‌මා කාමාවචරා, රූපාවචරා, අරූපාවචරා, අපරියාපන්‌නා; වෙදනාක්‌ඛන්‌ධො…පෙ.… විඤ්‌ඤාණක්‌ඛන්‌ධො; සබ්‌බඤ්‌ච රූපං, අසඞ්‌ඛතා ච ධාතු – ඉමෙ ධම්‌මා අනියතා.”}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll