35. බුදුරජාණන්වහන්සේලා හා පසේබුදුරජාණන්වහන්සේලා එක ම කාලයේ දී ලොව පහළ වෙනව ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. බුදුරජාණන්වහන්සේලා හා පසේබුදුරජාණන්වහන්සේලා එක ම කාලයේ දී ලොව පහළ වෙනව ද?

A. නැහැ. බුදුවරු පහළ වන කල්ප 5කි.

1. සාර කල්පය.
2. මණ්ඩ කල්පය.
3. වර කල්පය.
4. සාර මණ්ඩ කල්පය.
5. මහා භද්‍ර කල්පය. (භද්‍ර කල්පය.)

“සාර කල්පයේ දී බුදුවරයන් වහන්සේ පහළ වන්නේ එක් නමකි. බුදුවරු දෙනමක් පහළ වන කල්පය මණ්ඩ කල්පයයි. වර කල්පයේ දී බුදුවරු තුන් නමකි. සාර මණ්ඩ කල්පයේ දී බුදුවරු සතර නමකි. මහා භද්‍ර කල්පයේ දී බුදුවරු පස් නමක් පහළ වන අතර අප දැන් සිටින්නේ මහා භද්‍ර කල්පයේ ය. මේ මහා භද්‍ර කල්පයේ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප හා ගෞතම යන බුදුවරු සිව් නමක් ලොව පහළ වූහ. ඉදිරියට බුදු වීමට ඇත්තේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ය. ඉහත දැක්වූ කල්පයන්ට අමතරව බුදුවරු පහළ නො වන කල්පයන් ද අපමණ ය. ශූන්‍ය කල්ප වශයෙන් දක්වා ඇත්තේ එම කල්පයන් ය.”

(බුද්ධ ශූන්‍ය කල්ප වලදී පමණක්ම පසේ බුදුවරයෙකු පහළ වන බව මාගේ මතය යි; සහේතුක එකඟතා හෝ විරෝධතා වලට විවෘත වෙමි.)

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll