357. නිවන් දැක්ක ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. අපි දැන ගන්නෙ කොහොමද කෙනෙකුට (හො තමුන්ට) මාර්ග ඵල ලැබිල ද කියා; කරුණා කර පහදා ඩෙන්න.

A / R. “මෙ කල අධිගම ලාභීන් නැත ය යනු ද ඇතැමුන් ගේ මතයකි. අධිගම ලාභීහු “මම සෝවාන් වෙමි ය, මම රහත් වෙමිය” යි ලොවට අඬ ගා කියන්නාහු නොවෙති. අධිගමලාභීන් හැඳින ගැනීමට ඔවුන්ගේ විශේෂ ලකුණක් ද නැත.
බුද්ධකාලයෙහි ශ්‍රාවස්ත්‍යාදී නගරවල ලක්ෂ ගණන් අධිගමලාභී ගෘහස්ථයෝ විසූහ. ඔහු ද සාමාන්‍ය මිනිසුන් සේ ම ගොවිකම් වෙළඳාම් ආදී රැකී රක්ෂා කරමින් අඹු දරුවන් පෝෂණය කරමින් විසුවෝය. හැඳින ගැනීමට විශේෂ ලකුණක් ඔවුන් කෙරෙහි නොවීය. පෙර විසූ භික්ෂූන් අතර ද අධිගමලාභීහු බොහෝ වූහ. එක් කලෙක මේ ලක්දිව අසවල් භික්ෂුව ප්‍රථජනය යි කියා දැක්වීමට කෙනකු නැති තරමට අධිගමලාභී භික්ෂූන් ම විසූ බව අටුවා පොවල දක්වා තිබේ. කොතෙක් ආර්‍ය්‍යයන් විසුව ද සෝවාන් - සකෘදාගාමි - අනාගාමි පුද්ගලයන් තබා රහතුන් වත් හැඳින ගැනීමට ලකුණක් නම් නැත.”
උපුටාගැනීම - විදර්ශනා භාවනා ක්‍රමය - රේරුකානේ චන්දවිමල මහනාහිමි.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll