Q. ඉර සඳ පිළිබඳ බෞද්ධමතය කුමක් ද?
A. "සූර්ය චන්ද්‍ර විමාන වල ප්‍රමාණය ගැන අටුවා වල සඳහන් කරුණු කණ්ඩායමේ අවස්ථා කිහිපයකදී අසන ලද බැවින් ඒ සම්බන්ධයෙන් අප විසින් දැනට බුරුමයේ භාවනා කටයුතු වල නිරත වන නාඋයන ආරණ්‍යයේ දිද්දෙනියේ අරියදස්සන හිමියන්ට දැන්වීමෙන් පසුව උන්වහන්සේ විසින් එවන ලද පිළිතුරු ලිපිය පහතින් දැක්වේ.
A. "සූර්ය චන්ද්‍ර විමාන වල ප්‍රමාණය ගැන අටුවා වල සඳහන් කරුණු කණ්ඩායමේ අවස්ථා කිහිපයකදී අසන ලද බැවින් ඒ සම්බන්ධයෙන් අප විසින් දැනට බුරුමයේ භාවනා කටයුතු වල නිරත වන නාඋයන ආරණ්‍යයේ දිද්දෙනියේ අරියදස්සන හිමියන්ට දැන්වීමෙන් පසුව උන්වහන්සේ විසින් එවන ලද පිළිතුරු ලිපිය පහතින් දැක්වේ.
ඉර හා හඳ පිලිබඳව ත්‍රිපිටකයේ සඳහන් වන අවස්ථා සලකා බැලූ විට එම වචන අදාල ග්‍රහවස්තු, එනම් දෙව්පුතුන් හා එම දෙවිවරුන්ගේ විමාන යනාදී අරුත්වල යෙදී ඇති බව පෙනේ. එය ව්‍යාකරණානුකූලව “ණ රාගා තෙනරත්‌තං .....” යනාදී කච්චායන සූත්‍රය අනුව “සො අස්‌ස නිවාසො, තස්‌ස ඉස්‌සරො” (එය ඔහුගේ වාසස්ථානයයි, එහි අධිපතියයි) යන අර්ථ සඳහා යෙදී ඇත. මේ අවස්ථා වෙන් වෙන්ව හඳුනා නොගතහොත් වැරදි වැටහීම් ඇතිවිය හැකිය. මෙවැනි යෙදීම් සිංහල භාෂාවේද යෙදේ. උදාහරණ ලෙස “අද උත්සවයට ගමම ආවා” යන වැකියේ “ගම” යැයි අදහස් කර ඇත්තේ “ගම් වැසියන්” යන අර්ථයයි. මෙවැනි යෙදීම් “උපචාරවිධි” යැයි ව්‍යාකරණයේ හැඳින්වේ. එබැවින් මෙම ඉර හා සඳ සම්බන්ධ කතාවත් එසේ යැයි ගතයුතුය.
බුද්ධ දේශනාවේ මෙම අර්ථ වෙන වෙනම යෙදී ඇති අවස්ථා අප හඳුනාගත යුතුය.
1. ග්‍රහවස්තු සඳහා : ‘‘හොති ඛො සො, භික්‌ඛවෙ, සමයො යං කදාචි කරහචි දීඝස්‌ස අද්‌ධුනො අච්‌චයෙන දුතියො සූරියොපාතුභවති. (’’මහණෙනි, කවර කලෙක හෝ දීර්‍ඝ කාලයක් ඇවෑමෙන් දෙවෙනි සූර්‍ය්‍යයා පහළ වේද, එබඳු කාලයක් වන්නේය.) (සත්‌තසූරියුග්ගමන සූත්‍රය) https://tipitaka.app/?a=dg6-5-si ‘‘යතො ච ඛො, භික්ඛවෙ, චන්දිමසූරියා ලොකෙ උප්පජ්ජන්ති, අථ මහතො ආලොකස්ස පාතුභාවො හොති මහතො ඔභාසස්ස. (මහණෙනි, යම් කලෙක පටන් සඳ හිරු දෙදෙන ලෝකයෙහි උපදිත්ද, එකල්හි මහත්වූ ආලෝකයාගේ, මහත්වූ දීප්තියේ පහළවීම වෙයි.) (දුතියසූරිය සූත්‍රය) https://tipitaka.app/?a=ce11-187-si
2. දේවපුත්‍රයන් සඳහා : තෙන ඛො පන සමයෙන සූරියො දෙවපුත්‌තො රාහුනා අසුරින්‌දෙන ගහිතො හොති. (එකල්හි වනාහි සූර්‍ය්‍යදෙව්පුත් තෙම රාහු අසුරිඳු විසින් අල්ලා ගන්නා ලද්දේ විය.) (සූරිය සූත්‍රය) https://tipitaka.app/?a=ca2-108-si
3. දේවිමාන සඳහා : මා රාහු ගිලී චරමන්තලික්ඛෙ, පජං මමං රාහු පමුඤ්ච සූරිය’’න්ති. (එසේවූ අහස හැසිරෙන සූර්‍ය්‍යයා නොගිලුව, මගේ ශ්‍රාවක බවට පැමිණි සූර්‍ය්‍යයා අතහරුව) (සූරිය සූත්‍රය) https://tipitaka.app/?a=ca2-108-si
මෙහි මුල් අවස්ථා දෙක පැහැදිලිය. මෙම චන්ද්‍ර සූර්ය දේවපුත්‍රයෝ චාතුර්මහාරාජිකයට අයත් බවත් බුදුරජුන්ගෙන් දහම් අසා සෝතාපන්න ඵලයට පත් වූ බවත් අටුවාවන්හි දක්වා ඇත.
තෙවැනි අවස්ථාවට අනුව රාහු සූර්යාව ගිලින බව කියැවේ. මෙසේ ගිලින්නේ දිව්‍යපුත්‍රයාව නොවන බව පැහැදිලිය. එම සූත්‍ර අටුවාවේ “සො චන්‌දිමසූරියෙ විරොචමානෙ දිස්‌වා ඉස්‌සාපකතො තෙසං ගමනවීථිං ඔතරිත්‌වා මුඛං විවරිත්‌වා තිට්‌ඨති. චන්‌දවිමානං සූරියවිමානං වා තියොජනසතිකෙ මහානරකෙ පක්‌ඛිත්‌තං විය හොති. විමානෙ අධිවත්‌ථා දෙවතා මරණභයතජ්‌ජිතා එකප්‌පහාරෙනෙව විරවන්‌ති.” (ඒ රාහු අසුරිඳු බබලන්නා වූ හිරු සඳු දෙදෙනාව දැක ඊර්ෂ්‍යාවෙන් මැඩුනේ ඒවායේ ගමන් මාර්ගයට බැස මුව විවරකොට සිටියි. සඳුවිමන හෝ හිරුවිමන යොදුන් තුන් සියයක මහානරකයකට දැමුවාක් මෙන් වෙයි. විමානයෙහි අධිගෘහිත දේවතාවෝ මරණ භයින් තැතිගෙන එකවැරම කෑ ගසත්.) යැයි දක්වා ඇත. ඒ අනුව රාහු විසින් ගිලිනු ලබන්නේ එම සූර්ය හා චන්දු දෙව්පුතුන්ගේ විමාන බව පැහැදිලිය. එම විමානවල ප්‍රමාණයන් අටුවාවේ දක්වා ඇත. සූර්යවිමානය යොදුන් පණහක් බවත් චන්ද්‍රවිමානය යොදුන් හතලිස් නවයක් බවත් කියැවේ. රාහු අසුරේන්ද්‍රයාගේ මුඛය යොදුන් තුන් සියයක් බව ද දක්වා ඇත. https://tipitaka.app/?a=ha2-25-si
මෙම ග්‍රහවස්තු හා දේවවිමාන අතරත් ග්‍රහවස්තු හා දෙව්පුතුන් අතරත් ඍජු සම්බන්ධයක් ඇති බව හැඟෙතත් ග්‍රන්ථාන්තරයෙහි පැහැදිලි සටහනක් තාම හමු වූයේ නැත. කෙසේ නමුත් මෙම දේවවිමානයන් මිනිස් ඇසට ගෝචර නොවන බව නම් ග්‍රන්ථයන්හි දැක්වෙන කරුණු අනුව ප්‍රකට වේ. ආළවකසූත්‍ර අටුවාවේ එන “කිං පන භගවා යස්‌මිං නිග්‍රොධෙ ආළවකස්‌ස භවනං, තස්‌ස මූලෙ විහාසි, උදාහු භවනෙයෙවාති? වුච්‌චතෙ – භවනෙයෙව. යථෙව හි යක්‌ඛා අත්‌තනො භවනං පස්‌සන්‌ති, තථා භගවාපි. සො තත්‌ථ ගන්‌ත්‌වා භවනද්‌වාරෙ අට්‌ඨාසි.” (කිම භාග්‍යවතුන් වහන්සේ, යම් නුග ගසක ආළවකගේ විමානය පිහිටියේ ද ඒ ගස මුල වැඩ සිටියේ ද නැත්නම් යක්ෂ භවනයෙහිම වැඩසිටි සේක් ද? ඊට පිළිතුරු කියනු ලැබේ - යක්ෂ භවනයෙහිම වැඩසිටි සේක. යම් සේ යක්ෂයින් තමන්ගේ විමානයන් දකිත් ද එසේ භාග්‍යවතුන් වහන්සේ ද දුටු සේක. භාග්‍යවතුන් වහන්සේ එහි වැඩම කොට විමන් දොරටුවෙහි වැඩසිටි සේක.) යන පාඨය අනුවත් මෙය පැහැදිළිය. https://tipitaka.app/?a=je0-827-si
මේ අනුව මෙම සූර්ය චන්ද්‍ර දේව පුත්‍රයෝ මෙම මිනිස් ඇසට අවිෂය වූ විමානවල වාසය කරන බවත්, රාහු ගිලින්නේ ඒවා බවත් සැලකිය යුතුය. ග්‍රහවස්තු සම්බන්ධවත් යම් පාලනයක් මෙම දෙව්පුතුන්ට තිබෙන්නේ යැයි ද අනුමාන කළ හැකිය.
කරුණු මෙසේ හෙයින් මේ එකිනෙක අවස්ථාවන් මිශ්‍රකර නොගෙන අර්ථගැනීම සැක දුරුකරගෙන දහම හැදෑරීමට උපකාර වේ. මෙවැනි ඇතැම් කරුණු නිවනට උපකාර නොවන බැවින් දහමෙහි එතරම් විස්තර කොට නැත. සැකයෙන් බැලුවොත් වැරදි යැයි හැඟෙන කරුණු ද පෙළ පොත්වල පවා හමුවනු ඇත. එවැනි තැන් පිළිබඳ සැක නොකර එහි යුක්තිය සිතා බැලිය යුතුය.
මෙවැනි අවිෂය කරුණු පිළිබඳ නොසිතිය යුතු බවට අචින්තෙය්‍ය සූත්‍රයේදී බුදුරජුන් කළ අවවාදය ද සිහි තබාගත යුතුය. එබැවින් මෙවැනි කරුණුවලට වාදවිවාද කරමින් කාලය ගතකරනවා වෙනුවට තම චිත්ත සන්තානයේ පිරිසිදු බව ඇතිකර ගැනීමට ගන්නා වෙහෙස අපි අගය කරමු. සියළු දෙනාම වාද විවාද දුරු කොට බුදු සසුනේ මිහිර විඳින සත්පුරුෂයන් බවට පත් වෙත්වා යැයි අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමු.
-- දිද්දෙනියේ අරියදස්සන හිමි, බුරුමයේ සිට --"