407. මෛත්‍රී බුදුරජාණන්වහන්සේ?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලොව පහල වනුයේ මිනිස් ආයුෂ පිරිහි ගොස් අවුරැදු 10 දක්වා අඩු වි නැවත 80000දක්වා පැමිණි කලය, එය දහයේ සිට අසංකෙයිය දක්වා ආයුෂ වැඩි වි ක්රමයෙන් අඩු වි අසු දහස දක්වා පැමිණි කාලයේද? දහයට අඩු වි ක්රමයෙන් වැඩි වි අසු දහස දක්වා වැඩි වු තැනද?

A / R. “යම් හේතුවකින් මේ මිනිසුන්ගේ පුත්‍රයෝ අවුරුදු දහයක් ආයුෂ ඇත්තෝ වන්නාහුද? එබඳු කාලයක් වන්නේය.” …
https://pitaka.lk/main?n=17127&p=103

“ආයුෂයෙන්ද, වර්ණයෙන්ද වැඩෙනු ලබන්නාවූ විසි අවුරුද්දක් පරමායුෂ කොට ඇති ඒ මිනිසුන්ට අවුරුදු සතලිසක් පරමායුෂ ඇති පුත්‍රයෝ වන්නාහ.” …
https://pitaka.lk/main?n=17128&p=105

“මිනිසුන් අතර අවුරුදු අසූ දහසක් පරමායුෂ ඇති කල්හි ආහාර ආශාවය, බත්මතය, මහළුවීමය යන ආබාධ තුන පමණක් ඇත්තේ වෙයි.” …
https://pitaka.lk/main?n=17129&p=106

“මහණෙනි, මිනිසුන් අතර අසූදහසක් අවුරුදු පරමායුෂ කොට ඇති කල්හි, මම දැන් යම් සේ ලෝකයෙහි උපන්නාවූ, අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, විද්‍යාචරණ සම්පන්නවූ, සුගතවූ, ලෝකවිදූවූ, නිරුත්තරවූ, පුරිසදම්මසාරථීවූ දෙවිමිනිසුන්ට ශාස්තෘවූ බුද්ධවූ භාග්‍යවත් වූයේ යම්සේද එසේ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ, විද්‍යාචරණ සම්පන්නවූ, සුගතවූ, ලොකවිදූ වූ, නිරුත්තරවූ, පුරිසදම්මසාරථීවූ දෙවි මිනිසුන්ට ශාස්තෘවූ, බුද්ධවූ, මෛත්‍රෙය නම් භාග්‍යවතුන් වහන්සේ ලෝකයෙහි උපදින්නේය.”
https://pitaka.lk/main?n=171210&p=107

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll