358. ධුතාංගධාරීන් යනු කවුරු ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ධූතාංගධාරීන් යනු කවුරු ද?

A / R. “සිල් රක්නා පින්වතුන්ට වැඩි දුරටත් අල්පේච්ඡතාදි ගුණ දියුණු කර නිවන් ළංකර ගැනීමට ධුතාංගයෝ උපකාරක වෙති. ධුතාංග තෙළෙසකි. …”

“ධුතාංග - කෙලෙස් තැවීම සඳහා සීලයක් මෙන් සමාදන්ව
රැකිය යුතු විශේෂ ප්‍රතිපත්ති 13 ක් ධුතාංග නමින් හැඳින් වෙති.
“ධුතාංග 13 නම් චීවර පිළිබඳ දෙකකි. පිණ්ඩපාත පිළිබඳ ධුතාංග 5 කි. සේනාසන පිළිබඳ ධුතාංග 5 කි. ය වීර්ය පිළිබඳ ධුතාංග එකකි. මහාකාශ්‍යප මහරහතන් වහන්සේ වනාහි පැවිදි වූ දින සිට පිරිණිවන් පානතුරු එක් දිනක්වත් කඩ නොකොට අවුරුදු 120 ක් ධුතාංග 13 ම ආරක්‍ෂා කළ සේක.”

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll