600. බොහෝ කල් ගලා බස්නා සේක්වා!

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. "දස බල සේලප්පබවා නිබ්බාණ මහා සමුද්ධ පරියංතා ..." කියන ගාථාව ඇතුලත් වන්නෙ කුමන සූත්‍රයේ ද?

A. එම ප්‍රාර්ථනා ගාථා රත්නය (උද්දානය / ඇමිණුම / ඇමුණුම / දිගුව) දැකිය හැක්කේ බුද්ධ-ජයන්ති ත්‍රිපිටක පොත් වහන්සේ තුළ ය.

"දසබලසෙලප‍්පභවා නිබ‍්බානමහාසමුද‍්දපරියන‍්තා
අට‍්ඨඞ‍්ග මග‍්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති."

"දසබල සෙලින් හටගත් නිවන් මහසමුදුර කෙළවර කොට ඇති අටැඟිමඟ සිලිල ඇති බුදුවදන් ගඟ දිගු කලක් මුළුල්ලෙහි ගලා බසීවා යි."

https://tipitaka.lk/sn-4-10-1-11/75-10/sinh

https://pitaka.lk/bjt/newbooks/19/SN4_Page_731.jpg
https://pitaka.lk/bjt/newbooks/19/SN4_Page_732.jpg
http://www.thripitakaya.org/tipitakaya/Index/136?s=1959

“දසබලසේලප්පභවා – නිබ්බානමහාසමුද්දපරියන්තා
අට්ඨංග මග්ගසලිලා – ජිනවචනනදී චිරං වහතූති.

දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංගාවෝ (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
"(සංයුත්ත නිකාය - සළායතන වර්ගය – උද්දාන ගාථා)"

“දසබල සෙලින් හටගත් නිවන් මහසමුදුර කෙළවර කොට ඇති අටැඟිමඟ සිලිල ඇති බුදුවදන් ගඟ දිගු කලක් මුළුල්ලෙහි ගලා බසීවා යි!”

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll