618 - ආමිෂ පූජාව හා ප්‍රතිපත්තිය?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. නමෝ බුද්ධාය! බොහෝදෙනා බුදු දහම ආමිස පූජාවන්ට සීමා කොට ඇති බව පෙනී යනව... ධර්මය අධ්‍යනය කිරීමෙහි ලා ඔවුන්ගේ නැඹුරුව ඉතා දුර්වලයි... විශේෂයෙන් බොහෝ බෞද්ධයන් අර්ධ-හින්දු සම්ප්‍රදායික් තමා අනුගමනය කරනනෙ අනාදිමත් කාලයක සිට... මහින්දාගමනයෙන් දායාද වුනු පාරිශුද්ධ බෞද්ධත්වය වර්තමානයේ බොහෝ දෙනා අතරින් ගිලිහී ඇති බව පේනව... මේ පිළිබඳ ඔබලාගේ අදහස් කුමක්ද? ... තෙරුවන් සරණයි!

A. 1. ආමිෂ පූජාව දෘශ්‍යමාන බැවින් ප්‍රකට ය.
2. ප්‍රතිපත්තිය හා ධර්ම ගවේෂණය බොහෝ සෙයින් අදෘශ්‍යමාන බැවින් අප්‍රකට ය.
3. ගිහි-පැවිදි දෙපාර්ශවයේ ම ධර්මඥානය සතුටු දායකය - ඇතැම්විට විශිෂ්ට ය.
4. ආගම් ප්‍රචාරණය උපක්‍රමශීලී ය - සමයාන්තර දැනුම ද කාටත් ප්‍රයෝජනවත් ය.
5. ධර්මයේ හා අධර්මයේ උච්චාවචනය සදාකාලික චක්‍රය කි.
(බෙහෙවින් ම තුති!)

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll