532. අනුස්සතිය හා සතිය වෙනස් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. අනුස්සතිය හා සතිය අතර වෙනසක් ති⁣බේද? ධර්මානුකූල පිළිතුරක් බලාපොරොත්තු වෙමි.

A / R. “සති” යනු කුසල පක්ෂයේ / කුසල් අරමුණක (කුසල් අරමුණුවල) පිහිටුවන සිහිය යි.[කෙනෙකුට ලැබෙන “පිහිට” යන අර්ථයෙන් ද “සතිය” ගත හැක.]

“අනුස්සති” යනු කුසල පක්ෂයේ / කුසල් අරමුණක (කුසල් අරමුණුවල) නැවත නැවත පිහිටුවන / උපද්දවන / හැසිරෙන සිහිය යි.
[ඒ අනුව, කෙනෙකුට “නැවත නැවත ලැබෙන පිහිට” යන අර්ථයෙන් ද “අනුස්සතිය” ගත හැක.]

|“අනුස්සති” යන පදය (ආදිය), “සති” යන පදය තුළ අන්තර්ගත වීමට හේතුව, “සති” යන පදය ඒ ඒ තැන සිදුකරන කෘත්‍ය අනුව, නොඑසේනම් - “සති” යන පදය ඒ ඒ අවස්ථාවේ පෙනී සිටින ස්වභාවය / තත්ත්වය අනුව විග්‍රහ වීමයි.|

{"එහි ස්මෘති කවර යත්: යම් ස්මෘතියක් පුනපුනා සිහිකිරීමෙක් අභිමුඛ වැ මෙන් සිහිකිරීමෙක් ස්මෘතියක් සිහිකරන අයුරෙක් ධරණබවෙක් අරමුණෙහි නො ඉල්පෙන බවෙක් නො මුළාවන බවෙක් ස්මෘතියක් ස්මෘතින්‍ද්‍රියයෙක් ස්මෘතිබලයෙක් සම්‍යක්ස්මෘතියෙක් ඇද්ද, මෝ ‘ස්මෘති’ යයි කියනු ලැබේ - තත්ථ කතමා සති? යා සති අනුස්සති පටිස්සති සති සරණතා ධාරණතා අපිලාපනතා අසම්මුසනතා සති සතින්ද්‍රියං සතිබලං සම්මාසති – අයං වුච්චති “සති”.}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll