410. "ද්‍රෝණය" යනු?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ද්‍රෝනයක් (ද්‍රෝණයක්) දාතූන් වහන්සේලා යනු කුමක්ද යන්න මට පැහැදිලි කර දෙන්න.

[මෙය ද කියවන්න - මෙය වඩා නිවැරදි යැයි සිතේ.]

A / R. ද්‍රෝණය නම් ලාස් හතරක් (4) නොහොත් නැලි දහසයක (16) පරිමාවකට සමානය යැයි කියනු ලැබේ.

• හුන්ඩු/පත 2 = මනා 1
• මනා 2 = නැලිය/සේරුව
නැලි 4 = ලාහ/කුරුණිය
ලාස්/කුරුණි 4 = තිඹ 1
• ලාස්/කුරුණි 5 = බෙරය
• බෙර 2 = පෑල/මළු 1
• පෑල/මළු 4 = අමුණ
• නැලි 32 = බුසල් 1

Q. යොදුන කොච්චර දුරක් ද? [හැතැක්ම / සැතපුම් දහසයි (16) ද?]


“ස්වාමීනි, යොදුන නම් ගව් සතරක් වේ.”

“උසභං නාම වීසති යට්ඨියො, ගාවුතං නාම අසීති උසභා.”

“එතෙසු පන ඡත්තිංස පරමාණවො එකස්ස අණුනො පමාණං. ඡත්තිංස අණූ එකාය තජ්ජාරියා පමාණං. ඡත්තිංස තජ්ජාරියො එකො රථරෙණු. ඡත්තිංස රථරෙණූ එකා ලික්ඛා. සත්ත ලික්ඛා එකා ඌකා. සත්ත ඌකා එකො ධඤ්ඤමාසො. සත්තධඤ්ඤමාසප්පමාණං එකං අඞ්ගුලං. තෙනඞ්ගුලෙන ද්වාදසඞ්ගුලානි විදත්ථි. ද්වෙ විදත්ථියො රතනං. සත්ත රතනානි යට්ඨි. තාය යට්ඨියා වීසති යට්ඨියො උසභං. අසීති උසභානි ගාවුතං. චත්තාරි ගාවුතානි යොජනං. තෙන යොජනෙන අට්ඨසට්ඨියොජනසතසහස්සුබ්බෙධො සිනෙරුපබ්බතරාජා.”

“තා වීසති යට්ඨියො උසභං නාම, උස දාහෙ, අභො. එත්ථ පන උසභනදන්තරං උසභං. උසභානං අසීතිප්පමාණං ගාවුතං නාම, ගවං, ගවෙහි වා යුතං ගාවුතං. යුජ සමාධිම්හි, ගොනදන්තරෙහි ගහිතප්පමාණසමාධානන්ත්‍යත්ථො, තං චතුගාවුතං යොජනං නාම, යුජ සමාධිම්හි, යු, “එත්තකං යොජනං නාම හොතූ”ති චතුගාවුතෙහි සමාධානන්ත්‍යත්ථො.”

"පරමාණු, අණු වේ.තජ්ජාරි,රථරේණු,ලික්ඛා,උකා ,ධඤ්ඤමාස, අගල, වියත ,රියන, යෂ්ටිය, උසභ ,ගව්ව, යොදුන ,නම් වේ. එහි පරමාණු නම් ආකාශ කොට්ඨාශයකි.මසැසට නොපෙනේ.දිවැසට පෙනේ.අණු නම් බිත්ති සිදුරු තල් සිදුරු වලින් පිවිසි හිරුරැස්වල වට වූ වට්ටියක්ව කැරකෙනවා පෙනේ.තජ්ජාරි නම් ගව පාර මනුස්ස පාර කරත්ත පාර යන මෙසේ දැදුරු වී පසු පසුත් නැගී සිටී.රථ රේණු නම් එහිම ඇලේ.ලික්ඛාදිය ප්‍රකටය.
මේවායෙහි පරමාණු තිස් හයක් එක් අණුවකි.අණු තිස් හයක් තජ්ජාරි එකකි .තජ්ජාරි තිස් හයක් රථරේණු එකකි.රථරේණු තිස් හයක් ලික්ඛා එකකි.ලික්ඛා හතක් ඌකා එකකි.ඌකා හතක් ධඤ්ඤමාස එකකි.ධඤ්ඤමාස හතක් අගල් එකකි.අගල් දොලහක් වියත් එකකි.වියත් දෙකක් රියන් එකකි.රියන් හතක් යෂ්ටි එකකි.යෂ්ටි විස්සක් උසභ එකකි.උසභ අසූවක් ගවු එකකි.ගවු හතරක් යොදුන් එකකි.එම යොදුනෙන් යොදුන් හැට අට ලක්ෂයක් මහාමේරු පර්වත රාජයා උසය. - විභංගඅටුවාහි ඣානවිභංගවණ්ණනා." - [බෞ. සං. ම. 282-283]




"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll