739. පොඩි කාලේ මහණ කරවන්න එපා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. බොහෝ විට කුඩා දරුවෙක් සසුන් ගත කරන්නේ දේමාපිය උවමනාවට, දරුවාගේ අවබෝධයෙන් තොරව එසේ සසුන් ගතවීම කෙබදුද?

A. ඉතාමත් ම වටිනවා; පොඩි කාලේ ඉඳලා හොඳ පැත්තට හිත යොමු කරවන්න ලේසියි වගේම හොඳ-නරක නොදන්නා කාලේදී තමා වඩා වැඩි රැකවරණයක් මඟ පෙන්වීමක් අවශ්‍ය ම. ඒ වගේ ම, ඒ නිසා, සාමණේර හිමිවරුන් රැක-බලා ගැනීම ගිහි-පැවිදි අප කාගේත් යුතුකමකි / වගකීමකි.

ලිංගික හෝමෝන සක්‍රිය වෙන කාලෙටත්, තරුණ කාලෙටත් මොනයම් හෝ ක්‍රමයකින් බුදු දහමේ හරය මඟින් ම රැකවරණයක් මඟ පෙන්වීම හෝ ස්වයං අවබෝධය හෝ ලැබෙනවා නම්, තරුණ හිමිවරු ද රැකේවි; උපැවිදි නොවේවී. තරුණ හිමිවරුන් රැක-බලා ගැනීම ද ගිහි-පැවිදි අප කාගේත් යුතුකමකි / වගකීමකි.

සැබෑ හරය තේරුම් ගන්නා කුමන හෝ අවධියක / වයසක රැකවරණයක් මඟ පෙන්වීමක් වුව ද අවශ්‍ය නොවේවි. කෙසේ වෙතත් සිව්වණක් පිරිස ම එකිනෙකාට මෙත් සිතින් හා සම සිතින් උදව් උපකාර කර ගැනීම ශාසන චිරස්ථිතියට මෙන් ම උභය පාක්ෂික උභයාර්ථ මෙන් ම අන්‍යෝන්‍ය හා ප්‍රත්‍යෙක සාධනයට ද අත්‍යුපකාරය.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll