404. සත්ව පුද්ගල දෘෂ්ටිය?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. සප්ත පුද්ගල දෘශ්ටිය හෝ දැක්ම කියා වචනයක් තිබේද? තිබේ නම් එය කුමක්ද?

A / R. මෙහි “සප්ත” යන්න “සත්ත” ( = සත්ව / සත්ත්ව = Beings / Creatures ) – (එවිට “සත්ව පුද්ගල දෘෂ්ටිය හෝ දැක්ම”) ලෙස නිවැරදි වියයුතු යැයි මාගේ අදහස යි.

{“දැඩිව වරදවා ගැනීම දිට්ඨි (දෘෂ්ටිය) නමි. වරදවා දැඩි කොට අල්වාගැනීම සත්‍යයට විරුද්ධව ගැනීම දිට්ඨි නමි. සක්කාය දිට්ඨියෙන් කිනම් විසි ආකාරයකින් දැඩිකොට ගැනීම වෙයිද?

කෙසේ රූපය ආත්මය වශයෙන් දකියිද? …. යම්සේ දල්වන ලද තෙල් පහනේ යමක් සිළුවද එය වර්ණය වෙයි. යමක් වර්ණයද එය සිළුව වේයයි සිළුවද වර්ණයද එක්කොට දකියිද එසේම මේ ලොකයෙහි ඇතමෙක් වෙදනාවද සඤ්ඤාවද සංඛාරයන්ද විඤ්ඤාණයද, ආත්මය වශයෙන් දකියි.

කෙසේ රූපය ඇතියකු ආත්මය වශයෙන් දක්නේද? යම්සේ ඡායාවෙන් යුත් රුකක් වෙයිද, ඊට එක් පුරුෂයෙක් මෙසේ කියන්නේය. මේ රුකය මේ ඡායාවය රුක අනිකකි, ඡායාව අනිකකි. ඒ මේ රුක වනාහි මේ ඡායාවෙන් ඡායා සහිතයයි ඡායාව ඇති රුකක් දක්නේද. එසේම ලොව ඇතමෙක් වෙදනාවද සඤ්ඤාවද සංඛාරයන්ද විඤ්ඤාණයද, ආත්මය වශයෙන් දකියි.

කෙසේ නම් ආත්මය කෙරෙහි රූපය ඇත්තේයයි දක්නේද? යම්සේ සුවඳ ඇති මලක් වන්නේද, ඊට පුරුෂයෙක් මෙසේ කියන්නේය. මේ මලය මේ සුවඳය මල අනිකකි, සුවඳ අනිකකි. ඒ සුවඳ මේ මලෙහි වන්නේයයි මලෙහි සුවඳ ඇතැයි දකියිද එමෙන් ලොකයෙහි ඇතමෙක් වෙදනාවද සඤ්ඤාවද සංඛාරයන්ද විඤ්ඤාණයද, ආත්මය වශයෙන් දකියි.

කෙසේ රූපය කෙරෙහි ආත්මය ඇත්තේයයි දක්නේද? යම්සේ මැණිකක් කරඬුවෙහි දමන ලද්දේ වෙයිද, ඊට පුරුෂයෙක් මෙසේ කියන්නේය. ‘මේ මැණිකය’ මේ කරඬුවය. මැණික අනිකකි. කරඬුව අනිකකි. ඒ මේ මැණික වනාහි මේ කරඬුවෙහි ඇතැයි කරඬුවෙහි මැණික දක්නේද, එමෙන් මේ ලොකයෙහි ඇතැමෙක් වෙදනාවද සඤ්ඤාවද සංඛාරයන්ද විඤ්ඤාණයද, ආත්මය වශයෙන් දකියි.”

https://pitaka.lk/main?n=54102 > https://pitaka.lk/main?n=541062 > …}

Edit or delete this

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll