518. උරුමෙ ද? කරුමෙ ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. යම් දරුවෙකු හට අධ්‍යායාපනය, රැකියාවක්, හොද විවහයක් කිසිම දෙයක් නෙතුව ඉපදීමට හෙතුව කුමක්ද?

A / R.  ‘ප්‍රයෝග සම්පත්තිය’ යන පව්කම්වලින් වැලකීම හා දානාදි යහපත් ක්‍රියා කිරීම ය. ප්‍රයෝග සම්පත්ති ඇති කල්හි ද ඒ නිසා දුබල වූ ද කුශල කර්‍මයන් ගේ විපාක ලැබෙන්නේ ය.”

[“කර්මය තරම් සත්ත්වයන් කෙරෙහි බලපවත්වන අනිකක් නැතැයි කියා යුතු ය.

“ගති සම්පත්තිය, උපධි සම්පත්තිය, කාල සම්පත්තිය, ප්‍රයෝග සම්පත්තිය යන මේ කරුණු සතර කුශල කර්මයන්හට තමන් ගේ විපාකය ඇති කිරීමෙහි උපකාරක හේතූහු වෙති. අකුශල කර්මයන් ගේ විපාක ඇති වීමට බාධක හේතූහු වෙති.

ගති විපත්තිය, උපධි විපත්තිය, කාල විපත්තිය, ප්‍රයෝග විපත්තිය යන මේ කරුණු සතර අකුශල කර්මයන්හට ඒවායේ විපාක ඇති කිරීමෙහි උපකාරක හේතූහු ය. කුශල කර්මයන්හට ඒවායේ විපාක ඇති කිරීමෙහි බාධක හේතූහු ය. ...”]

{42. කර්‍මය සත්ත්වයන් කෙරෙහි කොතෙක් දුරට කෙසේ බලපවත්වා ද?}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll