959. සමාන්තර ලෝකවල බුදුරජාණන්වහන්සේලා වැඩ සිටිනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. වෙනත් සමාන්තර ලෝකවල බුදුහිමිවරු වැඩ සිටිනවා ද?

A. "එකිස්සා ලොකධාතුයා යනු දස සහස්සී ලොකධාතුවෙහිය. ජාතික්‍ෂෙත්‍රය, ආඥා ක්‍ෂෙත්‍රය, විෂය ක්‍ෂෙත්‍රයයි ක්‍ෂෙත්‍ර තුනකි. එහි ජාතික්‍ෂෙත්‍රය නම් යමක් තථාගතයන්වහන්සේගේ මව්කුස පිළිසිඳගන්නාකල්හි උපදිනකල්හි බුදුවනකල්හි, දම්සක් පවත්වනකල්හි ආයුසංස්කාරය හරිනකල්හි පිරිනිවන් පානාකල්හි කම්පා වෙයිද ඒ දහ සහස්‍රී ලෝකධාතුවයි. කෝටි ලක්‍ෂයක්වූ චකුවාලය ආඥා ක්‍ෂෙත්‍රයයි. ආටානාටිය මෝරපරිත්ත, ධජග්ගපරිත්ත, රතනපරිත්ත ආදී පිරිත්වල ආඥාව මෙහි පවතියි, බුදුවරුන්ගේ වනාහි විෂයක්‍ෂෙත්‍රයාගේ පරිමාණයක් නැත. ඥානය යම්‍තාක්ද ඥෙය (දතයුතුදෙය) ද එපමණෙකි. ඥෙය යම්තාක්ද ඥානය එපමණකි. ඥෙය ඥානය සීමා කොට ඇත. ඥානය ඥෙය්‍යය සීමා කොට ඇතයි යන වචනයෙන් අවිෂයවන්නාවූ දෙයක් නම් නැත.
මේ ක්‍ෂෙත්‍රයන් තුනෙහි මෙම සක්වළ හැර අන් සක්වලෙක බුදුවරු උපදිත්යයි සූත්‍රයක් නැත. නොඋපදිතැයි (සූත්‍රයක්) ඇත. විනය පිටකය සූත්‍රාන්තපිටකය, අභිධර්‍මපිටකයයි පිටක තුනකි. මහාකාශ්‍යපස්ථවරයන්ගේ සංගීතියයයි සංගීති තුනකි. මේ සංගීති තුනට නැඟුණු ත්‍රිපිටක බුද්ධවචනයෙහි මේ සක්වළ හැර අන් තැනක බුදුවරු උපදිතැයි සූත්‍රයක් නැත. නොපදිතැයි ඇත."


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll