Q. සුඤ්ඤත සමාධිය, අනිමිත්ත සමාධිය, අප්පණිහිත සමාධිය යනු මොනවා ද?
A / R. විදර්ශනා භාවනා අතුරෙන් අනත්තානුපස්සනාවෙන් සාමාධිය ලබාගත් පුද්ගලයාගේ සිතෙහි ඇති ආර්ය අෂ්ටාංගික මාර්ග සමාධිය, සුඤ්ඤත සමාධිය යි. අනාත්ම (සත්ත්ව පුද්ගල ආත්මයන්ගෙන් තොර) වශයෙන් පවතින සමාධිය යි.
විදර්ශනා භාවනා අතුරෙන් අනිච්චානුපස්සනාවෙන් සාමාධිය ලබාගත් පුද්ගලයාගේ සිතෙහි ඇති ආර්ය අෂ්ටාංගික මාර්ග සමාධිය, අනිමිත්ත සමාධිය යි. "නිත්‍ය නිමිත්තක් නොමැත" වශයෙන් පවතින සමාධිය යි.
විදර්ශනා භාවනා අතුරෙන් දුක්ඛානුපස්සනාවෙන් සාමාධිය ලබාගත් පුද්ගලයාගේ සිතෙහි ඇති ආර්ය අෂ්ටාංගික මාර්ග සමාධිය, අප්පණිහිත සමාධිය යි. ප්‍රාර්ථනාවන්ගෙන් තොර වශයෙන් පවතින සමාධිය යි.
{මෙම/ඉහත පිළිතුර තවදුරටත් විමසා බැලිය යුතු අතර, ඒ සඳහා පහත තොරතුරු මෙන් ම, මෙම පිළිතුර ද උපකාර කරගන්න.}
"[46] සමාධි නවයකි. රූපාවචරවූ හීන සමාධියක් ඇත්තේය. මධ්‍යම සමාධියක් ඇත්තේය. ප්‍රණීතවූ සමාධියක් ඇත්තේය. අරූපාවචරවූ හීන සමාධියක් ඇත්තේය. මධ්‍යම සමාධියක් ඇත්තේය ප්‍රණීත සමාධියක් ඇත්තේය. සුඤ්ඤත සමාධිය, අනිමිත්ත සමාධිය, අප්පණිහිත සමාධිය යන මොහුය. සමාධි දසයකි. උද්ධුමාතකසඤ්ඤා වශයෙන් සිතේ එකඟබවවූ නොවිසිර යන්නාවූ, විනීලකසඤ්ඤා වශයෙන්, විපුබ්බකසඤ්ඤා වශයෙන්, විච්ඡිද්දක සඤ්ඤා වශයෙන්, වික්ඛායිතකසඤ්ඤා වශයෙන්, වික්ඛිත්තකසඤ්ඤා වශයෙන්, හතවික්ඛිත්තකසඤ්ඤා වශයෙන්, ලොහිතකසඤ්ඤා වශයෙන්, පුලවක සඤ්ඤා වශයෙන්, අට්ඨික සඤ්ඤා වශයෙන් සිතේ එකඟබව නම් වූ අවික්ෂේප සමාධිය යන මොහුයි. මේ පස්පනස් සමාධියයි."
https://pitaka.lk/main?n=541013
"සුඤ්ඤතො සමාධීතිආදීසු “සබ්බෙ සඞ්ඛාරා අනිච්චා දුක්ඛා අනත්තා”ති විපස්සනාපටිපාටියාවිපස්සන්තස්ස අනත්තානුපස්සනාය මග්ගවුට්ඨානෙ ජාතෙ යස්මා සා විපස්සනා අත්තවිරහිතෙසු සඞ්ඛාරෙසුසුඤ්ඤතො පවත්තා, තස්මා සුඤ්ඤතා නාම හොති. තාය සිද්ධො අරියමග්ගසමාධි සුඤ්ඤතො සමාධි නාම හොති, සුඤ්ඤතවසෙන පවත්තසමාධීති අත්ථො. විපස්සනාය පවත්තාකාරෙන හි සො පවත්තති. අනිච්චානුපස්සනායමග්ගවුට්ඨානෙ ජාතෙ යස්මා සා විපස්සනා නිච්චනිමිත්තපටිපක්ඛවසෙන ¶ පවත්තා, තස්මා අනිමිත්තා නාම හොති. තාය සිද්ධො අරියමග්ගසමාධි අනිමිත්තො සමාධි නාම හොති, නිච්චනිමිත්තවිරහිතො සමාධීති අත්ථො. විපස්සනායපවත්තාකාරෙන හි සො පවත්තති. දුක්ඛානුපස්සනාය මග්ගවුට්ඨානෙ ජාතෙ යස්මා සා විපස්සනාපණිධිපටිපක්ඛවසෙන පවත්තා, තස්මා අප්පණිහිතා නාම හොති. තාය සිද්ධො අරියමග්ගසමාධි අප්පණිහිතොසමාධි නාම හොති, පණිධිවිරහිතො සමාධීති අත්ථො. විපස්සනාය පවත්තාකාරෙන හි සො පවත්තති. තාදිසා එවතයො ඵලසමාධයොපි එතෙහියෙව තීහි සමාධීහි ගහිතා හොන්තීති වෙදිතබ්බා. ලොකුත්තරසමාධීනං පනපණීතත්තා හීනාදිභෙදො න උද්ධටො."
https://tipitaka.app/?a=jp1-886-si
{“… රාගාදිඅකුශලධර්මයන්ගෙන් ශූන්‍ය වූ ශූන්‍යතා සමාධිය ද, රාගාදි ත්‍රිවිධ අකුශලධර්මයන්ගේ නිමිත්තග්‍රහණයක් නැත්තා වූ අනිමිත්තසමාධිය ද, රාග ද්වෙෂ මොහාදි අකුශලධර්මයන්ගේ ප්‍රණිධියක් නැත්තා වූ අප්‍රණිහිත සමාධිය ද යන මොහු සමාධිරත්නයෝ ය.”
https://pitaka.lk/books/milinda-prashnaya/93.html
“සුඤ්ඤතො අනිමිත්තො ච යනු මෙහි අප්පණිහිත විමෝක්‍ෂයද ගන්නා ලදි. සුඤ්ඤත, අනිමිත්ත, අප්පණිහිත යන මේ ත්‍රිවිධ නාම නිවනටම කියන නම්ය. නිවන රාග දෝෂ මෝහයන්ගේ අභාවයෙන් ශූන්‍යභාවයට යන හෙයින් විමුක්තිය වේ.සුඤ්ඤතො විමොක්ඛො යනුද එයයි. එසේම රාගාදි නිමිති නොමැති හෙයින් අනිමිත්ත වෙයි. ඒ රාගාදියෙන් මිදුණේය යන අරුතින් අනිමිත්ත විමොක්ඛ නම්ද වේ. රාගාදියෙහි පිහිටීමක් නොවන හෙයින් අප්පනිහිත ව්. ඒවාගෙනුත් මිදුණු හෙයින් අප්පනිහිත විමොක්ඛයයි කියනු ලැබේ. ඵලසමාපත්ති අරමුණු වශයෙන් ගෙන වාසය කරන්නාට ත්‍රිවිධ විමොක්ෂයම ලැබෙයි.”
https://pitaka.lk/dhammapada/katha-73.html
"තවද මාර්‍ගය වනාහි ස්වරසයෙන් හෝ, ප්‍රත්‍යණිකයෙන් හෝ, ස්වගුණයෙන් හෝ, ආලම්බනයෙන් හෝ, ආගමනයෙන් හෝ මෙසේ කරුණු පසකින් නම් ලබයි.
ඒ මෙසේයි:- (1) සංඛාරුපෙක්ඛා ඤාණය අනිත්‍ය හෙයින් සංස්කාර සන්මර්‍ශනය කොට නැගේ නම් මාර්‍ගය අනිමිත්ත විමොක්ඛ වේ. දුක්ඛ හෙයින් සංස්කාර සන්මර්‍ශනය කොට නැගේ නම් මාර්‍ගය අප්පණිහිත විමොක්ඛ වේ. අනාත්ම හෙයින් සංස්කාර සන්මර්‍ශනය කොට නැගේ නම් මාර්‍ගය සුඤ්ඤතා විමොක්ඛය වේ.
මේ ස්වරසයෙන් ලද නාම යි.
(2) මේ මාර්‍ගය අනිච්චානුපස්සනාවෙන් සංස්කාරයන් ගේ ඝන විනිර්භෝග කොට නිත්‍ය නිමිත්ත යැ, ධුව නිමිත්ත යැ, ශාස්වත නිමිත්ත යැ යන මොවුන් දුරු කෙරෙමින් ආ හෙයින් අනිමිත්ත නමි.
දුක්ඛානුපස්සනාවෙන් සුඛ සංඥාව හැර (ප්‍රණිධිය) ප්‍රාර්‍ථනාව වියළවමින් ආ හෙයින් අප්පණිහිත නමි.
අනත්තානුපස්සනාවෙන් ආත්මයැ - සත්ත්‍වයැ - පුද්ගලයා යන සංඥා හැර සංස්කාර ශූන්‍යත්‍වයෙන් දක්නා ලද හෙයින් සුඤ්ඤත නමැ යි මේ ප්‍රත්‍යණික හෙයින් සිද්ධ නාම යි.
(3) මේ මාර්‍ගය රාගාදීන් වියුක්ත හෙයින් සුඤ්ඤත නමි. රූප නිමිති ආදීන්ගේ ද, රාග නිමිති ආදීන්ගේ ද, අභාවයෙන් අනිමිත්ත නමි. රාග ප්‍රාර්‍ථනා ආදීන් ගේ අභාවයෙන් අප්පණිහිතය යි මේ මාර්‍ගයට ස්වගුණ හෙයින් නම් වේ.
(4) මේ මාර්‍ගය ශූන්‍ය වූ අනිමිත්ත වූ අප්‍රණිමිත වූ නිර්‍වාණය අරමුණු කරන හෙයින් සුඤ්ඤත යැ, අනිමිත්ත යැ, අප්පණිහිතැ යි කියනු ලැබේ. මේ මාර්‍ගයට ආලම්බන හෙයින් නම් වේ.
(5) ආගමනය:- විදර්‍ශනාගමන යැ, මාර්‍ගාගමනයැ යි ද්විවිධ යැ. ඒ දෙකින් මාර්‍ගයෙහි විදර්‍ශනාගමනය ලැබේ. ඵලයෙහි මර්‍ගාගමනය ලැබේ.
ඒ මෙසේයි. අනත්තානුපස්සනාව සුඤ්ඤත යැ. ඒ ශූන්‍යතා විදර්‍ශනාව ගේ මාර්‍ගය විදර්‍ශනාගමන වශයෙන් සුඤ්ඤත යැ. අනිච්චානුපස්සනාව අනිමිත්ත යැ. ඒ අනිමිත්ත විදර්‍ශනා මාර්‍ගය අනිමිත්ත නමි."
https://pitaka.lk/books/vishuddhi-margaya/23-8.html
"ඉන්ද්‍රිය පස අතුරෙන් සද්ධින්ද්‍රිය විරියින්ද්‍රිය සතින්ද්‍රිය යන මේ තුන අප්‍රධානය. සමාධින්ද්‍රිය පඤ්ඤින්ද්‍රිය දෙක ප්‍රධාන ය. යෝගාවචරයන්ට වුවමනා ඒ ඉන්ද්‍රිය දෙකය. ශ්‍රද්ධාදි ඉන්ද්‍රිය තුන වුවමනා වන්නේ ප්‍රධාන ඉන්ද්‍රිය දෙක දියුණු කිරීමට ය. ප්‍රථමධ්‍යාන සමාපත්ත්‍යාදි සමාපත්ති අට සමාධින්ද්‍රිය යා ගේ ලෞකික වශයෙන් දියුණුව ය. සුඤ්ඤත සමාධි, අනිමිත්ත සමාධි, අප්පණිහිත සමාධි යන තුන ලෝකෝත්තර වශයෙන් සමාධින්ද්‍රියයා ගේ දියුණුව ය. දෘෂ්ටි විශුද්ධ්‍යාදි ඥානයෝ ය. සුඤ්ඤතානුපස්සනාදි අනුපස්සනා තුන ය, විදර්ශනාඥාන දශය ය, මාර්ග ඥාන සතරය, ඵල ඥාන සතර ය, ප්‍රත්‍යවේක්ෂා ඥානයෝ ය යන මොව්හු ප්‍රඥෙන්ද්‍රියයා ගේ දියුණුව ය."
https://pitaka.lk/books/bodhi-pakshika-dharma/6-6.html
"අරියමග්ග- සසරින් නික්මවන (ගෙනයන) අර්ථයෙන් සම්මාදිට්ඨි ආදී අට දෙන මාර්ගාඞ්ග නම් වෙති."
https://pitaka.lk/books/vishuddhi-margaya/24-5.html}