Q. "Chethana Karma" Yanu Kawarakda?
A / R. "3. සියලු අකුශලය නො ඉපදවීම ද, චාතුර්භූමක කුශලයාගේ ප්‍රතිලාභය ද, (රහත් මඟින්) ස්වකීය චිත්තසන්තානය පවිත්‍ර කිරීම ද යන තෙල සියලු බුදුවරයන්ගේ අනුශාසනා යි.
“සබ්බපාප” නම්: කායදුශ්චරිතය වාග්දුශ්චරිතය මනෝදුශ්චරිතය යන තුන් දුශ්චරිතයෝ යි. ඔහු දශඅකුශල කර්මපථයෝ යැ: පාණාතිපාත යැ අදින්නාදාන යැ කාමෙසු මිච්ඡාචාර යැ මුසාවාද යැ පිසුනාවාචා යැ ඵරුසාවාචා යැ සම්ඵප්පලාප යැ අභිජ්ඣා යැ ව්‍යාපාද යැ මිච්ඡාදිට්ඨි යි. ඔහු චේතනා කර්මය ද චේතසික කර්මය දැයි කර්මයෝ දෙදෙනෙක් වෙති. එහි යම් පාණාතිපාතයෙක් පිසුනාවාචායෙක් ඵරුසාවාචායෙක් ඇද්ද, මේ දෝසසමුට්ඨාන යැ, යම් අදින්නාදානයෙක් කාමෙසුමිච්ඡාචාරයෙක් මුසාවාදයෙක් ඇද්ද, මේ ලෝභසමුට්ඨාන යැ, යම් සම්ඵප්පලාපයෙක් වේ ද මේ මෝහ සමුට්ඨාන යි. මේ සත් කරුණ චේතනාකර්ම යැ, යම් අභිධ්‍යායක් ඇද්ද මේ ලෝභ අකුශලමූල යැ, යම් ව්‍යාපාදයෙක් ඇද්ද දෝසඅකුශලමූල යැ, යම් මිත්ථ්‍යාදෘෂ්ටියක් ඇද්ද මේ මිත්ථ්‍යාමාර්ග යි. මේ තුන් කරුණ චෙතසික කර්ම යි. එයින් කීහ: “චෙතනාකම්මං චෙතසිකං කම්මං” යී." ...

A. “චෙතනාහං භික්ඛවෙ, කම්මං වදාමි” යනු බෞද්ධයන් අතර ප්‍රසිද්ධ ධර්ම පාඨයෙකි. කර්මය පිළිබඳව ඇති තවත් දේශනා නො දන්නා බොහෝ දෙනා ඉහත කී දේශනා පාඨය බලාගෙන හැම තැනක දී ම චේතනාව පමණක් කර්මය වශයෙන් දක්වති. එයත් මහත් වරදෙකි. චේතනාව හැර කර්මය වශයෙන් ගණන් ගැනෙන තවත් ධර්ම එක් විස්සක් ඇත්තේ ය. බෝධ්‍යංග සතය, මාර්ගාංග අටය, අභිජ්ඣා - ව්‍යාපාද - මිථ්‍යාදෘෂ්ටි යන කර්ම තුනය, අනභිද්‍යා - අව්‍යාපාද - සම්‍යග්දෘෂ්ටි යන තුනය යන මේ එක් විස්ස කර්ම වශයෙන් ගණන් ගන්නා ධර්මයෝ ය. චේතනාවත් සමග කර්මය සැටියට ගණන් ගන්නා ධර්ම දෙ විස්සක් ඇත්තේ ය. සැම තැන දී ම මේ දෙ විස්ස ම කර්ම වන්නේ නො වේ. ඒ ඒ ධර්මය කර්මය වන තැන් වෙන වෙන ම කිය යුතු ය.
චේතනාව තවත් ක්‍රමයකින් තේරුම් කරත හොත් “දාන ප්‍රාණඝාතාදි ක්‍රියා සිදු කිරීමේ මානසික උත්සාහ චේතනාවය” යි කිය යුතු ය. අකුශල කර්මපථ දශයෙන් පාණාතිපාත, අදින්නාදාන, කාමෙසු මිච්ඡාචාර, මුසාවාද, පිසුණාවාච, ඵරුෂාවාච, සම්ඵප්පලාප යන කර්මපථ සත සිදු කරන්නේ චේතනාවෙනි. එබැවින් ඒවායේ කර්මය වශයෙන් චේතනාව ගනු ලැබේ. අභිද්‍යා අකුශල කර්ම පථයෙහි කර්මය වන්නේ චේතනා සම්ප්‍රයුක්ත ලෝභ චෛතසිකය ය. ව්‍යාපාද අකුශල කර්ම පථයෙහි කර්මය වන්නේ චේතනා සම්ප්‍රයුක්ත ද්වේෂ චෛතසිකය ය. මිථ්‍යාදෘෂ්ටි අකුසල කර්‍ම පථයෙහි කර්මය වන්නේ චේතනා සම්ප්‍රයුක්ත දෘෂ්ටි චෛතසිකය ය.
දශ කුශල කර්ම පථයන් අතුරෙන් පාණාතිපාත විරති අදින්නාදානවිරති කාමෙසුමිච්ඡාචාරවිරති යන කර්මපථ තුනෙහි අවස්ථාවල සැටියට චේතනාවත් කර්මය වේ. සම්මා කම්මන්ත චෛතසිකයත් කර්මය වේ. සමහර අවස්ථාවක දී සම්මා ආජීව චෛතසිකයත් කර්මය වේ.
මුසාවාදවිරති පිසුණාවාචාවිරති ඵරුසවාචාවිරති සම්ඵප්පලාප-විරති යන කුශල කර්මපථ සතරෙහි අවස්ථානුරූපව චේතනාවත් සම්මාවාචා චෛතසිකයත් සම්මා ආජීව චෛතසිකයත් කර්මය වේ.
අනභිද්‍යා කුශලයෙහි කර්මය වන්නේ අලෝභ චෛතසිකය ය. අව්‍යාපාද කුශලයෙහි කර්මය වන්නේ මෛත්‍රී චෛතසිකය ය. සම්‍යග්දෘෂ්ටි කුශලයෙහි කර්මය වන්නේ ප්‍රඥා චෛතසිකය ය.
දානමය කුශලයෙහි කර්මය වන්නේ චේතනාව ය. ශීලමය කුශලයෙහි ප්‍රධාන වශයෙන් කර්මය වන්නේ සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාආජීව යන විරති චෛතසික තුන ය. එහි චේතනාවත් අප්‍රධාන වශයෙන් කර්මය ලෙස ගණන් ගනු ලැබේ.
සාමාන්‍ය භාවනාමය කුශලයෙහි කර්මය වන්නේ චේතනාව ය. භාවනාව දියුණු කළ යෝගාවචරයන් ගේ භාවනාමය කුශලයෙහි චේතනාව හා බෝධ්‍යංග සතත් මාර්ගාංග අටත් කර්මය වශයෙන් සලකනු ලැබේ.
“කිං පනෙතං කම්මං නාම? චෙතනා චෙව එකච්චෙ ච චෙතනා සම්පයුත්තකා ධම්මා, - පෙ- එවං ඉමෙ ඛො බොජ්ඣංග මග්ගංග පභෙදතො පණ්ණරස ධම්මා කම්මචතුක්කෙන දීපිතා, අභිජ්ඣා ව්‍යාපාදෙ මිච්ඡාදිට්ඨි අනභිජ්ඣා අව්‍යාපාදො සම්මා දිට්ඨි ති ඉමෙහි පන ඡහි සද්ධිං එකවීසති චෙතනා සම්පයුත්තකා ධම්මා වෙදිතබ්බා.”