Q. සත්තකින්ම සත්වයො කියන්නෙ කාහටද?
Q. සත්ත්වයා යන්න අර්ථ දක්වන්නේ කෙසේද?
{A. අපි “සත්ත්වයා” කියන්නේ “ශක්තිය”කට (ශක්තීන් ගොඩකට / ශක්තීන් සමූහයකට). “ශක්තිය” ඇතිකරන්න (ඇතිවෙන්න) හෝ විනාශ කරන්න (විනාශ වෙන්න) විදිහක් නෑ, වෙනත් තත්ත්වයකට වෙනස් වෙනවා මිසක්.
“සත්ත්වයා” කියන “ශක්තිය”ත් එක්කෝ වෙනත් “සත්ත්වයෙක්” බවට හෝ “නිවන” (කියන “ශක්තිය”) බවට හෝ පරිවර්තනය වෙනවා මිසක්, කවදාවත් අලුතෙන් හැදෙන්නේ වත් විනාශ වෙන්නේ වත් නෑ.
[අතිපූජ්‍ය රේරුකානේ මහා නාහිමියන්ගේ (අභිධර්ම) පොත්පත් හා “The First Law of Thermodynamics, also known as Law of Conservation of Energy, states that energy can neither be created nor destroyed; energy can only be transferred or changed from one form to another.” ද ඇසුරෙනි.]}
<<< තවත් මත හා වැඩිදුර >>>
A / R. “ස්වාමීනි, සත්ත්වයා සත්ත්වයායයි කියනු ලැබේ. ස්වාමීනි, කෙතෙක් කරුණකින් සත්ත්වයායයි කියනු ලැබේද?”
“රාධය, රූපයෙහි යම් කැමැත්තක් යම් ඇල්මක් යම් සතුටක් යම් තෘෂ්ණාවක් වෙයිද එහි ඇළුනේ, විශේෂයෙන් ඇළුනේ වෙයිද එහෙයින් සත්ත්වයායයි කියනු ලැබේ.
“වේදනාවෙහි යම් කැමැත්තක් යම් ඇල්මක් යම් සතුටක් යම් තෘෂ්ණාවක් වෙයිද එහි ඇළුනේ විශේෂයෙන් ඇළුනේ වෙයිද, එහෙයින් සත්ත්වයායයි කියනු ලැබේ.
“සඤ්ඤාවෙහි යම් කැමැත්තක් යම් ඇල්මක් යම් සතුටක් යම් තෘෂ්ණාවක් වෙයිද එහි ඇළුනේ, විශේෂයෙන් ඇළුනේ වෙයිද එහෙයින් සත්ත්වයායයි කියනු ලැබේ.
“සංස්කාරයන්හි යම් කැමැත්තක් යම් ඇල්මක් යම් සතුටක් යම් තෘෂ්ණාවක් වෙයිද එහි ඇළුනේ, විශේෂයෙන් ඇළුනේ වෙයිද එහෙයින් සත්ත්වයායයි කියනු ලැබේ.
“විඤ්ඤාණයෙහි යම් කැමැත්තක්, යම් ඇල්මක්, යම් සතුටක්, යම් තෘෂ්ණාවක් වෙයිද, එහෙයින් සත්වයායයි කියනු ලැබේ."

[“රාධය; යම්සේ මැටිවලින් කුඩා ගෙවල් සාදාගෙන සෙල්ලම් කරන කුඩා දරුවෝ හෝ දැරියෝ හෝ යම්තාක් ඒ මැටි ගෙවල්වලට පහනොවූ ආශාව ඇත්තෝ වෙත්ද, පහනොවූ කැමැත්ත ඇත්තාහු වෙත්ද, පහනොවූ ප්‍රේමය ඇත්තාහු වෙත්ද, පහනොවූ තෘෂ්ණා පිපාසය ඇත්තාහු වෙත්ද, පහනොවූ තෘෂ්ණා දාහය ඇත්තාහු වෙත්ද, පහනොවූ තෘෂ්ණා ඇත්තාහු වෙත්ද, ඒ තාක් ඒ මැටි ගෙවල් කෙරෙහි ඇලෙත්, ක්‍රීඩා කරත්, ධනයක් යයි සිතත්, මගේ මගේ යයි සිතත්.
“රාධය, යම් හෙයකින් ඒ දරුවෝ හෝ දැරියෝ හෝ මැටි ගෙවල්හි පහවූ රාග ඇත්තාහු වෙත්ද, පහවූ කැමැත්ත ඇත්තාහු වෙත්ද පහවූ ප්‍රේමය ඇත්තාහු වෙත්ද, පහවූ තෘෂ්ණා පිපාසය ඇත්තාහු වෙත්ද, පහවූ දාහය ඇත්තාහු වෙත්ද, පහවූ තෘෂ්ණා ඇත්තාහු වෙත්ද, එකල්හි ඒ මැටි ගෙවල් අත්වලින්ද, පාවලින්ද විසුරුවා දමත්. විනාශ කරත්, කඩා බිඳ දමත්. ක්‍රීඩාවට නුසුදුසුවූවක් කරත්.
“රාධය, එසේම තොපිද රූපය විසුරුවව්, විනාශ කරව්, කඩා බිඳ දමව්, ක්‍රීඩාවට නුසුදුසු වූවක් කරව්, තෘෂ්ණාවගේ විනාශය පිණිස පිළිපදිව්.
“වේදනාව විසුරුවව්, විනාශ කරව්, කඩා බිඳ දමව්, ක්‍රීඩාවට නුසුදුසුවූවක් කරව්, තෘෂ්ණාවගේ විනාශය පිණිස පිළිපදිව්.
“සඤ්ඤාව විසුරුවව්, විනාශ කරව්, කඩා බිඳ දමව්, ක්‍රීඩාවට නුසුදුසුවූවක් කරව්, තෘෂ්ණාවගේ විනාශය පිණිස පිළිපදිව්.
“සංස්කාරයන් විසුරුවව්, විනාශ කරව්, කඩා බිඳ දමව්, ක්‍රීඩාවට නුසුදුසුවූවක් කරව්, තෘෂ්ණාවගේ විනාශය පිණිස පිළිපදිව්.
“විඤ්ඤාණය විසුරුවව්, විනාශ කරව්, කඩා බිඳ දමව්, ක්‍රීඩාවට නුසුදුසුවූවක් කරව්, තෘෂ්ණාවගේ විනාශය පිණිස පිළිපදිව්.” රාධය, තෘෂ්ණාවගේ විනාශය නිර්වාණයයි වදාළේය."]
A / R. “ස්වාමීනි, ‘සත්ත්‍වයා, සත්ත්‍වයා’ යයි කියනු ලැබේ. ස්වාමීනි, කොපමණකින් සත්ත්‍වයා හෝ සත්ත්‍වයා යන පැනවීම හෝ වන්නේද?”
“සමිද්‍ධිය, යම් තැනක වනාහි ඇස ඇත්තේද, රූපයෝ ඇත්තාහුද, චක්ඛුවිඤ්ඤාණය ඇත්තේද, චක්ඛුවිඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයෝ ඇත්තාහුද, එහි සත්ත්‍වයා හෝ සත්ත්‍වයා යන පැනවීම හෝ ඇත්තේය.
“සමිද්‍ධිය, යම් තැනක වනාහි කන ඇත්තේද, ශබ්දයෝ ඇත්තාහුද, සෝත විඤ්ඤාණය ඇත්තේද, සෝත විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයෝ ඇත්තාහුද, එහි සත්ත්‍වයා හෝ සත්ත්‍වයා යන පැනවීම හෝ ඇත්තේය.
“සමිද්‍ධිය, යම් තැනක වනාහි නාසය ඇත්තේද, ගන්‍ධයෝ ඇත්තාහුද, ඝාණ විඤ්ඤාණය ඇත්තේද, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයෝ ඇත්තාහුද, එහි සත්ත්‍වයා හෝ සත්ත්‍වයා යන පැනවීම හෝ ඇත්තේය.
“සමිද්‍ධිය, යම් තැනක වනාහි දිව ඇත්තේද, රසයෝ ඇත්තාහුද, ජිව්හා විඤ්ඤාණය ඇත්තේද, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයෝ ඇත්තාහුද, එහි සත්ත්‍වයා හෝ සත්ත්‍වයා යන පැනවීම හෝ ඇත්තේය.
“සමිද්‍ධිය, යම් තැනක වනාහි කය ඇත්තේද, ස්පර්‍ශයෝ ඇත්තාහුද, කාය විඤ්ඤාණය ඇත්තේද, කාය විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයෝ ඇත්තාහුද, එහි සත්ත්‍වයා හෝ සත්ත්‍වයා යන පැනවීම හෝ ඇත්තේය.
“සමිද්‍ධිය, යම් තැනක සිත ඇත්තේද, ධර්‍මයෝ ඇත්තාහුද, මනෝ විඤ්ඤාණය ඇත්තේද, මනෝ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයෝ ඇත්තාහුද, එහි සත්ත්‍වයා හෝ සත්ත්‍වයා යන පැනවීම හෝ ඇත්තේය.
[“සමිද්‍ධිය, යම් තැනක වනාහි ඇස නැත්තේද, රූපයෝ නැත්තාහුද, චක්ඛු විඤ්ඤාණය නැත්තේද, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයෝ නැත්තාහුද, එහි සත්ත්‍වයා හෝ සත්ත්‍වයා යන පැනවීම හෝ නැත්තේය. “සමිද්‍ධිය, යම් තැනක වනාහි කන නැත්තේද, ශබ්දයෝ නැත්තාහුද, සෝත විඤ්ඤාණය නැත්තේද, සෝත විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයෝ නැත්තාහුද, එහි සත්ත්‍වයා හෝ සත්ත්‍වයා යන පැනවීම හෝ නැත්තේය.
“සමිද්‍ධිය, යම් තැනක වනාහි නාසය නැත්තේද, ගන්‍ධයෝ නැත්තාහුද, ඝාණ විඤ්ඤාණය නැත්තේද, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයෝ නැත්තාහුද, එහි සත්ත්‍වයා හෝ සත්ත්‍වයා යන පැනවීම හෝ නැත්තේය.
“සමිද්‍ධිය, යම් තැනක වනාහි දිව නැත්තේද, රසයෝ නැත්තාහුද, ජිව්හා විඤ්ඤාණය නැත්තේද, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයෝ නැත්තාහුද, එහි සත්ත්‍වයා හෝ සත්ත්‍වයා යන පැනවීම හෝ නැත්තේය.
“සමිද්‍ධිය, යම් තැනක වනාහි කය නැත්තේද, ස්පර්‍ශයෝ නැත්තාහුද, කාය විඤ්ඤාණය නැත්තේද, කාය විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයෝ නැත්තාහුද, එහි සත්ත්‍වයා හෝ සත්ත්‍වයා යන පැනවීම හෝ නැත්තේය.
“සමිද්‍ධිය, යම් තැනක වනාහි සිත නැත්තේද, ධර්‍මයෝ නැත්තාහුද, මනෝ විඤ්ඤාණය නැත්තේද, මනෝ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයෝ නැත්තාහුද, එහි සත්ත්‍වයා හෝ සත්ත්‍වයා යන පැනවීම හෝ නැත්තේය”
යි වදාළ සේක."]

A. “>>> සත්ත්වයාය - පුද්ගලයාය - මමය - අනිකාය - මිනිසාය - දෙවියාය - තිරිසනාය කියා ව්‍යවහාර කරන්නේ නාම රූපයන්ට ය. <<<
>>> සත්ත්වයකු නැත්තේ නිවනෙහි පමණක් නො වේ. නිවනෙන් පිටත ද පරමාර්ථ සත්‍ය වශයෙන් ස්කන්ධ ම මිස කොතැනකවත් සත්ත්වයෙක් නැත. ස්කන්ධ පංචකය නම් පරමාර්ථ වශයෙන් ඇත්තේ ය. එහි රූපය ද සත්ත්වයා නො වේ. වේදනාව ද සත්ත්වයා නො වේ. සංඥාව ද සත්ත්වයා නො වේ. සංස්කාරයෝ ද සත්ත්වයා නො වේ. විඤ්ඤාණය ද සත්ත්වයා නො වේ. ස්කන්ධ පංචකය හැර සත්ත්වයෙක් ද නැත. එ බැවින් ව්‍යවහාර මාත්‍රය හැර සත්ත්වයාය කියා කිසිවක් නැති බව දත යුතු ය.<<<
>>> ඒ පරිකල්පිත සත්ත්වයා හෙවත් පුද්ගලයා ඇති සැටියට ගෙන ලෝක ව්‍යවහාරයාගේ වශයෙන් කියත හොත් ස්කන්ධ පංචකයාගේ හිමියා වූ ඒ සත්ත්වයා ම නිර්වාණ සුඛයාගේ හිමියා බව ද ඒ සුවය ලබාගෙන සිටින තැනැත්තා බව ද කිය යුතු ය.
[“>>> සත්ත්වයාය - පුද්ගලයාය - මමය - අනිකාය - මිනිසාය - දෙවියාය - තිරිසනාය කියා ව්‍යවහාර කරන්නේ නාම රූපයන්ට ය. <<< නිවන ය යි කියනුයේ නාම රූප නිරෝධයට ය. නාමරූප ඇතිතාක් එතැන නිරෝධය නැත. නිරෝධය ඇතිනම් එතැන නාමරූප නැත. නිවන සත්ත්වයන් යන එන සිටින තැනක් නොවන බව මේ සූත්‍රයෙහි දක්වන්නේ සත්ත්ව වශයෙන් සලකන නාම රූපයන් එහි ඇති නො වන නිසා ය. නැති බැව්හි ඇති බව නො පැවතිය හැකි ය.”
“පිරිනිවන් පානා රහතන් වහන්සේලා මතු නූපදනා බැවින් නිවනට පැමිණීමෙන් සත්ත්වයා නැති වන්නේය. නිවන කොතරම් වටිනා දෙයක්ය කියතත් එය ලබා ගත් තැනැත්තා නැති බැවින් නිවන පලක් නැති, බිය විය යුතු දෙයකැයි සමහරු සිතනුයේ සත්ත්ව තත්ත්වය නො දැනීමෙනි. නිවනෙහි නිවන් සුවය විඳිමින් සිටින සත්ත්වයකු නැති බව නම් සත්‍යයකි. >>> සත්ත්වයකු නැත්තේ නිවනෙහි පමණක් නො වේ. නිවනෙන් පිටත ද පරමාර්ථ සත්‍ය වශයෙන් ස්කන්ධ ම මිස කොතැනකවත් සත්ත්වයෙක් නැත. ස්කන්ධ පංචකය නම් පරමාර්ථ වශයෙන් ඇත්තේ ය. එහි රූපය ද සත්ත්වයා නො වේ. වේදනාව ද සත්ත්වයා නො වේ. සංඥාව ද සත්ත්වයා නො වේ. සංස්කාරයෝ ද සත්ත්වයා නො වේ. විඤ්ඤාණය ද සත්ත්වයා නො වේ. ස්කන්ධ පංචකය හැර සත්ත්වයෙක් ද නැත. එ බැවින් ව්‍යවහාර මාත්‍රය හැර සත්ත්වයාය කියා කිසිවක් නැති බව දත යුතු ය.<<<
සූර්‍ය්‍යයාගේ ගමන නිමිත්ත කොට දවසය යන ව්‍යවහාරය පවතිනු මිස ඇත්ත වශයෙන් දවසය කියා කිසිවක් නැත. හිරු ද දවස නො වේ. හිරු එළිය ද දවස නො වේ. අඳුර ද දවස නො වේ. ඒවා හැර දවසය කියා ගත හැකි අන් දෙයක් ද නැත. හුදෙක් දවසය යනු ව්‍යවහාර මාත්‍රයකි. දවසය කියා කිසිවක් නැතත් ව්‍යවහාරය පුරුදු වීමෙන් සෑම දෙනාට ම දවසය කියා දෙයක් ඇති සේ වැටහී තිබේ. සත්ත්වයා යනු ද එසේ ම ඇති සේ වැටහී තිබෙන නැති දෙයකි. >>> ඒ පරිකල්පිත සත්ත්වයා හෙවත් පුද්ගලයා ඇති සැටියට ගෙන ලෝක ව්‍යවහාරයාගේ වශයෙන් කියත හොත් ස්කන්ධ පංචකයාගේ හිමියා වූ ඒ සත්ත්වයා ම නිර්වාණ සුඛයාගේ හිමියා බව ද ඒ සුවය ලබාගෙන සිටින තැනැත්තා බව ද කිය යුතු ය. <<< ස්කන්ධ දුඃඛය යමකුගේ නම්, දුඃඛ නිරෝධ සංඛ්‍යාත විමුක්ති සුඛයත් ඔහුගේ ම ය. ඒ බැවින් නිවනෙහි සත්ත්වයකු නැතය කියා නො බිය විය යුතු ය.